News Category
From Date
To Date
Maximum Number of Result

බහු ධ්‍රැව ලෝක අනුපිළිවෙල, නැගී එන ආර්ථිකයන්හි ප්‍රමුඛ භූමිකාව සහ බටහිර ණය: පුටින්ගේ BRICS දේශනයේ මූලික හරය

Oct 24, 2024 at 04:16 PM
|

(President of Russia Vladimir Putin during an expanded meeting of BRICS leaders during the 16th BRICS summit in Kazan. ©  Sputnik / Stanislav Krasilnikov) 

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(23) Kazan හි BRICS  සමුළුවේ නායකයින්ගේ රැස්වීමේදී ඓතිහාසික දේශනයක් කරනු ලැබීය. ඔහුගේ දේශනයේදී, BRICS   කණ්ඩායමේ වර්ධනය වන භූමිකාව සහ අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කළ අතර, බටහිර සම්බාධක සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලින් ගෝලීය ආර්ථිකයට ඇති අවදානම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය.

ධාන්‍ය හුවමාරුව සහ නව ආයෝජන වේදිකාවක් පිහිටුවීම ඇතුළුව BRICS රාමුව තුළ රුසියාවේ මුල පිරීම් ද පුටින් අනාවරණය කළේය.

ජනාධිපතිවරයාගේ දේශනයේ ඇති ප්‍රධාන කරුණු පහත පරිදිය.

බහු ධ්‍රැවීය ලෝක අනුපිළිවෙල නිර්මාණය වෙමින් පවතී

ලෝක වෙලඳාම සහ සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය සැලකිය යුතු වෙනස්කම් වලට භාජනය වෙමින් පවතින බව රුසියානු ජනාධිපතිවරයා ඹ්ර්‍ඓCS සමුළුවේ විස්තීර්ණ ආකෘතියට අදහස් දක්වමින් පැවසීය. ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රය ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළ වෙත මාරු වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය. "මූලික වශයෙන් ගෝලීය දකුණු සහ නැගෙනහිර රටවල් - සහ ස්වභාවිකවම BRICS රටවල් හේතුවෙන් නව වර්ධන රැල්ලක් දියත් කරන බහුධ්‍රැව ආකෘතියක් නිර්මාණය වෙමින් පවතිනවා." පුටින් අවධාරණය කළේය.

BRICS හි ප්‍රමුඛ භූමිකාව

BRICS  ආර්ථිකයන් වගකිව යුතු සාර්ව ආර්ථික හා මූල්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් “ප්‍රමාණවත් ස්ථාවරත්වයක්” පෙන්නුම් කරමින් සිටින අතර, මධ්‍ය කාලීනව වේගවත් වර්ධන අනුපාත අපේක්ෂා කරන බවද රුසියානු නායකයා පැවසීය. 2024-2025 වකවානුවේ දී 3.2-3.3% ගෝලීය ආර්ථික වර්ධන අගයට සාපේක්ෂව  BRICS  කණ්ඩායමේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 3.8% වනු ඇතැයි පුටින් මූලික ඇස්තමේන්තු උපුටා දක්වමින් පෙන්වා දෙනු ලැබීය.

BRICS  රටවල් ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙ හි මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (purchasing power parity-PPP) අනුව 2024 වර්ෂය අවසානය වන විට 36.7% ක් වනු ඇති අතර එය තවදුරටත් පුළුල් වනු ඇතැයි පුටින් අනාවැකි පළ කළේය. මේ අතර, බටහිර ආර්ථිකයන්හි ප්‍රමුඛ පෙළේ G7 සමූහය අත්පත් කර ගන්නා  කොටස වන 30% ට වඩා මඳක් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

“ගෝලීය ආර්ථිකය තුළ ඹ්ර්‍ඓCS හි ප්‍රමුඛ භූමිකාව සඳහා වන ප්‍රවණතාවය ශක්තිමත් වනවා.” යනුවෙන් පුටින් පැවසූවේ  ප්‍රධාන සාධක ලෙස තාක්ෂණික නවෝත්පාදනයන් සමඟ ජනගහන වර්ධනය, ප්‍රාග්ධන සමුච්චය, නාගරීකරණය සහ ශ්‍රම ඵලදායිතාව වැඩි කිරීම යන කාරණා උපුටා දක්වමිනි.

බටහිර ඒකපාර්ශ්වික සම්බාධක සහ ණය බර

සංවර්ධිත රටවල වැඩෙන ණය බර, ඒකපාර්ශ්වික සම්බාධක සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ප්‍රධාන තර්ජන ලෙස සඳහන් කරමින් නව ගෝලීය අර්බුදයක් ඇතිවිය හැකි බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය. “මෙම සාධක ජාත්‍යන්තර වෙළඳාම සහ විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල කෙරෙන විදේශ ආයෝජන ඛණ්ඩනය කරනු ඇති.” පුටින් පැවසීය.

බොහෝ රටවල ආදායම් සහ ආයතනික ලාභ ඛාදනය කරනු ලබන ඉහළ භාණ්ඩ මිල අස්ථාවරත්වය මෙන්ම උද්ධමනය ඉහළ යාම ද සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. පුටින්ගේ අදහස් තුළ උග්‍රවන භූ දේශපාලන ආතතීන් සහ ගෝලීය ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි ඒවායේ බලපෑම පිළිබඳ වන කනස්සල්ල ද ඉස්මතු කළේය.

බලගතු මෙවලමක් ලෙස නව BRICS ආයෝජන වේදිකාව

බ්‍රික්ස් රටවල වර්ධනය වන ආර්ථිකයන්හි විභවයන් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා සාමාජික රටවල් තාක්‍ෂණය, අධ්‍යාපනය, සම්පත්, වෙළෙඳ සහ සැපයුම්, මූල්‍ය සහ රක්‍ෂණ වැනි ක්ෂේත්‍රවල ප්‍රාග්ධන ආයෝජනය බොහෝ වාරයකින් ඉහළ නංවා සහයෝගීතාව තීව්‍ර කළ යුතු බව රුසියානු නායකයා පැවසීය. 

“මේ සම්බන්ධයෙන්, අපි නව BRICS තුළ ආයෝජන වේදිකාවක් නිර්මාණය කිරීමට යෝජනා කරන අතර, එය අපගේ ජාතික ආර්ථිකයට සහාය වීම සඳහා ප්‍රබල මෙවලමක් බවට පත් වනු ඇති අතර ගෝලීය දකුණු හා නැගෙනහිර රටවලට මූල්‍ය සම්පත් ද ලබා දෙනු ඇත,” පුටින් පැවසීය.

ඹ්ර්‍ඓCS මත පදනම් වූ ධාන්‍ය හුවමාරුව

සාමාජිකයින් අතර වෙළඳාම අධික මිල අස්ථාවරත්වයෙන් ආරක්ෂා කිරීම සඳහා රුසියානු නායකයා BRICS කණ්ඩායම තුළ පොදු  ධාන්‍ය හුවමාරුවක් යෝජනා කළේය. BRICS රටවල් “ලෝකයේ විශාලතම ධාන්‍ය, එළවළු සහ ආහරයට ගන්නා තෙල් වල බීජ නිෂ්පාදකයන් අතර” සිටින බව ඔහු සඳහන් කළේය. එවැනි ව්‍යාපාරයක් තෙල්, ගෑස් සහ වටිනා ලෝහ වැනි අනෙකුත් ප්‍රධාන භාණ්ඩ වෙළඳාම් කිරීම සඳහා පුළුල් කළ හැකි බව පුටින් පැවසීය.

පුටින් පවසන පරිදි, සෘණාත්මක බාහිර මැදිහත්වීම්, සමපේක්ෂණ සහ ආහාර නිෂ්පාදනවල කෘතිම හිඟයක් ඇති කිරීමට දරන උත්සාහයන්ගෙන් ජාතික වෙළඳපල ආරක්ෂා කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.

BRICS හි කෘත්‍රිම බුද්ධි සන්ධානය

තාක්‍ෂණය නියාමනය කිරීම සහ එහි නීති විරෝධී යෙදවීම වැළැක්වීම සඳහා BRICS කණ්ඩායම තුළ කෘත්‍රිම බුද්ධි සන්ධානයක් ඇති කිරීමටද පුටින් යෝජනා කළේය. “රුසියාවේ, ව්‍යාපාරික ප්‍රජාව මෙම ක්ෂිත්‍රයේ ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කර ඇති අතර, අපගේ BRICS හවුල්කරුවන්ට සහ අනෙකුත් රටවලට ඊට සම්බන්ධ විය හැකියි.” පුටින් සඳහන් කළේය.

වෙනත් යෝජනා

බ්‍රික්ස් රටවල් අතර ප්‍රවාහන සම්බන්ධතාව ඉහළ නැංවීම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අන්‍යෝන්‍ය වෙළඳාමේ වර්ධනයට සහ විවිධාංගීකරණයට අමතර අවස්ථා සැලසිය හැකි බව ප්‍රකාශ කළේය.

"ස්ථිර BRICS මනා සංවිධාන වේදිකාවක් පිහිටුවීම, ප්‍රවාහන මාර්ග පිළිබඳ සමාලෝචනයක් සකස් කිරීම, ප්‍රවාහනය සඳහා විද්‍යුත් සන්නිවේදන වේදිකාවක් විවෘත කිරීම සහ ප්‍රතිරක්‍ෂණ සංචිතයක් පිහිටුවීම වැනි පොරොන්දු වූ ව්‍යාපෘති සාකච්ඡා කෙරෙනු ඇත." පුටින් පැවසීය.

රුසියානු ජනාධිපතිවරයාට අනුව ගෝලීය ආර්ථිකය අඩු විමෝචන සංවර්ධන ආකෘති වෙත මාරුවීම සම්බන්ධ ගැටළු ඉතා වැදගත් වේ. දේශගුණය සහ තිරසාර සංවර්ධනය පිළිබඳ BRICS සම්බන්ධතා කණ්ඩායම මෙම කාර්යයට සමීපව සම්බන්ධ වී සිටින අතර තරඟකරුවන් වෙළඳපොළෙන් ඉවත් කිරීම සඳහා දේශගුණික න්‍යාය පත්‍රය භාවිතා කිරීමට සමහර රටවල් දරන උත්සාහයන්ට එරෙහිව දිගටම කටයුතු කරන බව ඔහු පැවසීය. “අපි කාබන් වෙලඳපොලවල් සහ ඹ්ර්‍ඓCS හවුල්කාරිත්වය පිළිබඳ මුලපිරීම් සලකා බලන්නෙමු." පුටින් අවසාන වශයෙන් පැවසීය.

Multipolar world order, leading role of emerging economies, and Western debt: Key takeaways from Putin’s BRICS address

සම්බන්ධිත පුවත් | Related News

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
බංග්ලාදේශයේ චිතගෝන් කඳුකරයේ බෞද්ධයන්ගේ නිවාස බංග්ලාදේශ රජයේ හමුදාව මගින් පරීක්ෂාවට ලක්කරන බවත්, එම බෞද්ධයන්ගේ භූමියට වැඩි වැඩියෙන් හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.