News Category
From Date
To Date
Maximum Number of Result

බහු ධ්‍රැව ලෝක අනුපිළිවෙල, නැගී එන ආර්ථිකයන්හි ප්‍රමුඛ භූමිකාව සහ බටහිර ණය: පුටින්ගේ BRICS දේශනයේ මූලික හරය

Oct 24, 2024 at 04:16 PM
|

(President of Russia Vladimir Putin during an expanded meeting of BRICS leaders during the 16th BRICS summit in Kazan. ©  Sputnik / Stanislav Krasilnikov) 

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(23) Kazan හි BRICS  සමුළුවේ නායකයින්ගේ රැස්වීමේදී ඓතිහාසික දේශනයක් කරනු ලැබීය. ඔහුගේ දේශනයේදී, BRICS   කණ්ඩායමේ වර්ධනය වන භූමිකාව සහ අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කළ අතර, බටහිර සම්බාධක සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලින් ගෝලීය ආර්ථිකයට ඇති අවදානම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය.

ධාන්‍ය හුවමාරුව සහ නව ආයෝජන වේදිකාවක් පිහිටුවීම ඇතුළුව BRICS රාමුව තුළ රුසියාවේ මුල පිරීම් ද පුටින් අනාවරණය කළේය.

ජනාධිපතිවරයාගේ දේශනයේ ඇති ප්‍රධාන කරුණු පහත පරිදිය.

බහු ධ්‍රැවීය ලෝක අනුපිළිවෙල නිර්මාණය වෙමින් පවතී

ලෝක වෙලඳාම සහ සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය සැලකිය යුතු වෙනස්කම් වලට භාජනය වෙමින් පවතින බව රුසියානු ජනාධිපතිවරයා ඹ්ර්‍ඓCS සමුළුවේ විස්තීර්ණ ආකෘතියට අදහස් දක්වමින් පැවසීය. ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රය ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළ වෙත මාරු වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය. "මූලික වශයෙන් ගෝලීය දකුණු සහ නැගෙනහිර රටවල් - සහ ස්වභාවිකවම BRICS රටවල් හේතුවෙන් නව වර්ධන රැල්ලක් දියත් කරන බහුධ්‍රැව ආකෘතියක් නිර්මාණය වෙමින් පවතිනවා." පුටින් අවධාරණය කළේය.

BRICS හි ප්‍රමුඛ භූමිකාව

BRICS  ආර්ථිකයන් වගකිව යුතු සාර්ව ආර්ථික හා මූල්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් “ප්‍රමාණවත් ස්ථාවරත්වයක්” පෙන්නුම් කරමින් සිටින අතර, මධ්‍ය කාලීනව වේගවත් වර්ධන අනුපාත අපේක්ෂා කරන බවද රුසියානු නායකයා පැවසීය. 2024-2025 වකවානුවේ දී 3.2-3.3% ගෝලීය ආර්ථික වර්ධන අගයට සාපේක්ෂව  BRICS  කණ්ඩායමේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 3.8% වනු ඇතැයි පුටින් මූලික ඇස්තමේන්තු උපුටා දක්වමින් පෙන්වා දෙනු ලැබීය.

BRICS  රටවල් ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙ හි මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (purchasing power parity-PPP) අනුව 2024 වර්ෂය අවසානය වන විට 36.7% ක් වනු ඇති අතර එය තවදුරටත් පුළුල් වනු ඇතැයි පුටින් අනාවැකි පළ කළේය. මේ අතර, බටහිර ආර්ථිකයන්හි ප්‍රමුඛ පෙළේ G7 සමූහය අත්පත් කර ගන්නා  කොටස වන 30% ට වඩා මඳක් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

“ගෝලීය ආර්ථිකය තුළ ඹ්ර්‍ඓCS හි ප්‍රමුඛ භූමිකාව සඳහා වන ප්‍රවණතාවය ශක්තිමත් වනවා.” යනුවෙන් පුටින් පැවසූවේ  ප්‍රධාන සාධක ලෙස තාක්ෂණික නවෝත්පාදනයන් සමඟ ජනගහන වර්ධනය, ප්‍රාග්ධන සමුච්චය, නාගරීකරණය සහ ශ්‍රම ඵලදායිතාව වැඩි කිරීම යන කාරණා උපුටා දක්වමිනි.

බටහිර ඒකපාර්ශ්වික සම්බාධක සහ ණය බර

සංවර්ධිත රටවල වැඩෙන ණය බර, ඒකපාර්ශ්වික සම්බාධක සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ප්‍රධාන තර්ජන ලෙස සඳහන් කරමින් නව ගෝලීය අර්බුදයක් ඇතිවිය හැකි බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය. “මෙම සාධක ජාත්‍යන්තර වෙළඳාම සහ විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල කෙරෙන විදේශ ආයෝජන ඛණ්ඩනය කරනු ඇති.” පුටින් පැවසීය.

බොහෝ රටවල ආදායම් සහ ආයතනික ලාභ ඛාදනය කරනු ලබන ඉහළ භාණ්ඩ මිල අස්ථාවරත්වය මෙන්ම උද්ධමනය ඉහළ යාම ද සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. පුටින්ගේ අදහස් තුළ උග්‍රවන භූ දේශපාලන ආතතීන් සහ ගෝලීය ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි ඒවායේ බලපෑම පිළිබඳ වන කනස්සල්ල ද ඉස්මතු කළේය.

බලගතු මෙවලමක් ලෙස නව BRICS ආයෝජන වේදිකාව

බ්‍රික්ස් රටවල වර්ධනය වන ආර්ථිකයන්හි විභවයන් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා සාමාජික රටවල් තාක්‍ෂණය, අධ්‍යාපනය, සම්පත්, වෙළෙඳ සහ සැපයුම්, මූල්‍ය සහ රක්‍ෂණ වැනි ක්ෂේත්‍රවල ප්‍රාග්ධන ආයෝජනය බොහෝ වාරයකින් ඉහළ නංවා සහයෝගීතාව තීව්‍ර කළ යුතු බව රුසියානු නායකයා පැවසීය. 

“මේ සම්බන්ධයෙන්, අපි නව BRICS තුළ ආයෝජන වේදිකාවක් නිර්මාණය කිරීමට යෝජනා කරන අතර, එය අපගේ ජාතික ආර්ථිකයට සහාය වීම සඳහා ප්‍රබල මෙවලමක් බවට පත් වනු ඇති අතර ගෝලීය දකුණු හා නැගෙනහිර රටවලට මූල්‍ය සම්පත් ද ලබා දෙනු ඇත,” පුටින් පැවසීය.

ඹ්ර්‍ඓCS මත පදනම් වූ ධාන්‍ය හුවමාරුව

සාමාජිකයින් අතර වෙළඳාම අධික මිල අස්ථාවරත්වයෙන් ආරක්ෂා කිරීම සඳහා රුසියානු නායකයා BRICS කණ්ඩායම තුළ පොදු  ධාන්‍ය හුවමාරුවක් යෝජනා කළේය. BRICS රටවල් “ලෝකයේ විශාලතම ධාන්‍ය, එළවළු සහ ආහරයට ගන්නා තෙල් වල බීජ නිෂ්පාදකයන් අතර” සිටින බව ඔහු සඳහන් කළේය. එවැනි ව්‍යාපාරයක් තෙල්, ගෑස් සහ වටිනා ලෝහ වැනි අනෙකුත් ප්‍රධාන භාණ්ඩ වෙළඳාම් කිරීම සඳහා පුළුල් කළ හැකි බව පුටින් පැවසීය.

පුටින් පවසන පරිදි, සෘණාත්මක බාහිර මැදිහත්වීම්, සමපේක්ෂණ සහ ආහාර නිෂ්පාදනවල කෘතිම හිඟයක් ඇති කිරීමට දරන උත්සාහයන්ගෙන් ජාතික වෙළඳපල ආරක්ෂා කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.

BRICS හි කෘත්‍රිම බුද්ධි සන්ධානය

තාක්‍ෂණය නියාමනය කිරීම සහ එහි නීති විරෝධී යෙදවීම වැළැක්වීම සඳහා BRICS කණ්ඩායම තුළ කෘත්‍රිම බුද්ධි සන්ධානයක් ඇති කිරීමටද පුටින් යෝජනා කළේය. “රුසියාවේ, ව්‍යාපාරික ප්‍රජාව මෙම ක්ෂිත්‍රයේ ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කර ඇති අතර, අපගේ BRICS හවුල්කරුවන්ට සහ අනෙකුත් රටවලට ඊට සම්බන්ධ විය හැකියි.” පුටින් සඳහන් කළේය.

වෙනත් යෝජනා

බ්‍රික්ස් රටවල් අතර ප්‍රවාහන සම්බන්ධතාව ඉහළ නැංවීම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අන්‍යෝන්‍ය වෙළඳාමේ වර්ධනයට සහ විවිධාංගීකරණයට අමතර අවස්ථා සැලසිය හැකි බව ප්‍රකාශ කළේය.

"ස්ථිර BRICS මනා සංවිධාන වේදිකාවක් පිහිටුවීම, ප්‍රවාහන මාර්ග පිළිබඳ සමාලෝචනයක් සකස් කිරීම, ප්‍රවාහනය සඳහා විද්‍යුත් සන්නිවේදන වේදිකාවක් විවෘත කිරීම සහ ප්‍රතිරක්‍ෂණ සංචිතයක් පිහිටුවීම වැනි පොරොන්දු වූ ව්‍යාපෘති සාකච්ඡා කෙරෙනු ඇත." පුටින් පැවසීය.

රුසියානු ජනාධිපතිවරයාට අනුව ගෝලීය ආර්ථිකය අඩු විමෝචන සංවර්ධන ආකෘති වෙත මාරුවීම සම්බන්ධ ගැටළු ඉතා වැදගත් වේ. දේශගුණය සහ තිරසාර සංවර්ධනය පිළිබඳ BRICS සම්බන්ධතා කණ්ඩායම මෙම කාර්යයට සමීපව සම්බන්ධ වී සිටින අතර තරඟකරුවන් වෙළඳපොළෙන් ඉවත් කිරීම සඳහා දේශගුණික න්‍යාය පත්‍රය භාවිතා කිරීමට සමහර රටවල් දරන උත්සාහයන්ට එරෙහිව දිගටම කටයුතු කරන බව ඔහු පැවසීය. “අපි කාබන් වෙලඳපොලවල් සහ ඹ්ර්‍ඓCS හවුල්කාරිත්වය පිළිබඳ මුලපිරීම් සලකා බලන්නෙමු." පුටින් අවසාන වශයෙන් පැවසීය.

Multipolar world order, leading role of emerging economies, and Western debt: Key takeaways from Putin’s BRICS address

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.