
ඉන්දීය ආක්‍රමණයකට මුහුණ දෙන්න පාකිස්ථානය සූදානමින්.. අවශ්‍ය වුනොත් න්‍යෂ්ටික අවි ගබඩාව භාවිත කරන බවත් කියයි..
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනකු මියගිය අතර ඒ හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බරපතල ලෙස බිඳවැටී තිබේ.
වසර ගණනාවකට පසුව අප්‍රේල් 22 වැනිදා සිවිල් වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරයට පාකිස්තානයට සහාය දුන් බවට ඉන්දියාව චෝදනා කරයි.
පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, කෙසේවෙතත් රොයිටර් පුවත් සේවය සමග ඉස්ලාමාබාද්හි පිහිටි කාර්යාලයේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා මුහම්මද් අසීෆ් පවසන්නේ “අපි අපේ හමුදාවන් ශක්තිමත් කර තිබෙන්නේ ඉන්දීය ප්‍රහාරයක් අතළඟ නිසා. ඒ නිසා එම තත්ත්වය තුළ යම් උපායමාර්ගික තීරණ ගත යුතු නිසා එවැනි තීරණ ගෙන තිබෙනවා” යනුවෙනි.
ඉන්දීය ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පාකිස්ථාන හමුදාව රජය දැනුවත් කර ඇති බව ද අසීෆ් පැවසීය.
කෙසේවෙතත් ආක්‍රමණයක් අතළඟ යැයි සිතීමට හේතු වූ කරුණු පිළිබඳව ඔහු වැඩිදුර විස්තර ඉදිරිපත් කර නොමැත.
මේ සම්බන්ධයෙන් පාකිස්තානය දැඩි අවධානයෙන් සිටින බවත්, පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් පමණක් සිය න්‍යෂ්ටික අවි ගබඩාව භාවිත කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
මේ අතර මේ අතර පාකිස්ථාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඊයේ රාත්‍රියේ සිට ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන් කලාපය වසාදමා ඇති බව ද නිවේදනය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
