අග විනිසුරුවරියගේ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඇය ලබා දුන් නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරනවාද? අගරදගුරු තුමා තමන්ට අවශ්‍ය අයගේ නම් කියවෙන පාස්කු කොමිසම් වාර්තාවක් බලාපොරොත්තු වෙනවාදැයි සැකයි!-ගමන්පිල අසයි.
පිවිතුරු හෙළ උරුමය අද කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පරශන කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කමිටුවේ වාර්තාව තමන් පිළි නොගන්නා බවට ඇමති විජිත හේරත් මහතා පවසන්නේ එහි සභාපති විනිසුරු වරියට විශමාචාර චෝදනා එල්ල වූ බව පවසමින් නම් ඇය විනිසුරුවරියක ලෙස ලබාදුන් නඩු තීන්දු ප්‍රතික්ෂේප කරන්නේදැයි කියායි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ ඒ මහතා තමනට පක්ෂපාති පුද්ගලයන්ට චෝදනා එල්ල වලට එවන් වාර්තා ප්‍රතික්ෂේප කරන බව නොකියා එහි වරදක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට හැකි බව නීතිමය ක්‍රමවේදය බවත් පෙන්වා දුන්නේය.
අගරදගුරුතුමන්ද මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බව පැවසු ගම්මන්පිල මහතා එසේ ක්‍රන්නේ ඔවුන් බලාපොරොත්තු වන පුද්ගලයන් ගැන සඳහන් නොවන නිසාදැයි සැකයක් මතුවන බවද අවධාරණය කළේය.
“විජිත හේරත් ඇමැතිතුමා මේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් කිව්වේ නෑ. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු ප්‍රතික්ෂේප කළෙත් නෑ. එතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ කමිටුවේ ප්‍රධානත්වය දැරූ විනිසුරුවරිය 2004 දී විෂමාචාර චෝදනාවක් මත රැකියාවෙන් ඉවත් වෙලා 2006 සිට නැවත සේවයට පැමිණියා කියන කාරණය මත.
වසර දෙකක් සේවයේ නොසිටීම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම් 2006 සිට 2023 දක්වා වසර 17ක් එතුමිය විනිසුරුවරියක් ලෙස ලබා දුන් සියලු නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරනවාද? එතුමිය සිර දඬුවම් ලබා දුන් සිරකරුවන් නිදහස් කරනවාද? අය කළ දඩ නැවත ඒ පුද්ගලයන්ට ගෙවනවාද? දික්කසාද කළ අය නැවත කසාද බන්දනවාද කියන කාරණයත් විජිත හේරත් මැතිතුමා රටට පැහැදිලි කළ යුතුයි.
කමිටුව ගැන විවිධ චෝදනා නගන ඇමැතිතුමා කමිටුවේ හරය ගැන වචනයක් කතා කරන්නේ නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා දවස් 12ක් සිටීමෙන් පාස්කු ප්‍රහාරය නොසැලකිල්ලෙන් සිදුවීමට ඉඩහැරීමේ වරදට රවී සෙනෙවිරත්න මහතා වැරදිකරු ද නිවැරදිකරුද? මට හෝ විනිසුරුතුමියන්ට පහර දීමෙන් රවී සෙනෙවිරත්නගේ නොසැලකිල්ල නිසා මේ මහා අපරාධය වුණා කියන චෝදනාව වෙනස් වෙන්නේ නෑ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්