News Category
From Date
To Date
Maximum Number of Result

කතෝලික පල්ලිය ඒකාධිපතිවාදීයි- නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා

Oct 23, 2024 at 10:51 AM
|

(Nicaragua's President Daniel Ortega [File: Alberto Roque) කතෝලික සභාව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට සාමාජිකයින්ට ඉඩ නොදීම "පරිපූර්ණ ඒකාධිපතිත්වයක්" ප්‍රදර්ශනය් කිරීමක් ලෙස නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා හඳුන්වයි.

නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා නිකරගුවා පොලිසිය පිහිටුවීමේ 43 වැනි සංවත්සරය සැමරීම වෙන්ජ්වෙන් ;අසුගිය සැප්තැම්බර් 25 වනදා පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මෙසේ පැවසීය.

"පල්ලිය සියල්ල පනවනු ලබනවා. එය පරිපූර්ණ ආඥාදායකත්වයක්. එය පරිපූර්ණ කුරිරු පාලනයක්.පල්ලියට ප්‍රජාතන්ත්‍රවාදී වීමට අවශ්‍ය නම්, කතෝලිකයන්ට පාප් වහන්සේව, කාදිනල්වරුන්ව, බිෂොප්වරුන්ව පත් කිරීමට ඡන්දය දීමට ඉඩ සැලසීමෙන් පටන් ගනිමු."

2018 වර්ෂයේදී තම ආණ්ඩුවට එරෙහි විරෝධතාවලට පිටුබලය දුන් බවට 76-හැවිරිදි ඩැනියෙල් ඔටේගා චෝදනා කළ දා සිට නිකරගුවාවේ පල්ලියට නිකරගුවා ආණ්ඩුවේ පීඩනය වැඩි වෙමින් තිබේ. බටහිර මාධ්‍ය වාර්තා කරන ආකාරයට උද්ඝෝෂකයන්ට එරෙහිව නිකරගුවා ආණ්ඩුව ගෙන යන මර්දනය විසින් සිය ඝාතනයට ලක්ව තිබේ.

ඔර්ටෙගා පවසන්නේ මෙම විරෝධතා එක්සත් ජනපදයේ පිටුබලය ලබන විපක්ෂයේ කුමන්ත්‍රණයක කොටසක් ලෙසත් ඔහුව බලයෙන් පහ කිරීමට බිෂොප්වරුන් සම්බන්ධ බවත්ය.

ඔර්ටේගා සිය දේශනයේදී බිෂොප්වරුන් සහ පූජකයන් "ඝාතකයන්" සහ "කුමන්ත්‍රණකරුවන්" ලෙස හැඳින්වූයේ ඔවුන් "ඇමරිකානු අධිරාජ්‍යවාදය" වෙනුවෙන් වැඩ කරන බවට චෝදනා කරමිනි.

නිකරගුවානු කතෝලික පල්ලියේ භයානක ඉතිහාසය පිළිබඳව සඳහන් කරමින් ඔර්ටේගා පැවසුවේ “මම කතෝලික බලධාරීන්ට ගෞරවාන්විතව පාප්තුමාගේ ශිද්ධෝත්තමභාවය පිළිගනිමින් පවසන්නේ, මම කතෝලිකයෙක්. කිතුනුවකු ලෙස, මාව පල්ලියේ නියෝජනය වනවාය යන හැඟීම මට දැනෙන්නේ නැහැ."

ඔර්ටෙගා ස්පාඤ්ඤයේ සහ දකුණු ඇමරිකාවේ පැවැති පල්ලියේ "විමර්ශනයේ" සිට කැනඩාවේ ආදිවාසී ළමයින් අපයෝජනය කිරීම දක්වා වූ බොහෝ විෂයයන් විවේචනය කළේය.

කතෝලික පල්ලිය සහ නිකරගුවා ආණ්ඩුව අතර දිගුකාලීනව පැවැති ආතතීන් මාර්තු මාසයේදී මනාගුවා පරිපාලනය විසින් වතිකානු තානාපතිවරයා නෙරපා හැරීමත් සමඟ වර්ධනය විය.

කතෝලික පල්ලියේ නායක ෆ්‍රැන්සිස් පාප්තුමාගේ කනස්සල්ලට හේතු වූයේ “අස්ථාවර සහ ප්‍රකෝපකාරී” ක්‍රියාකාරකම් සඳහා පොලිසිය විසින් හඳුන්වනු ලැබූ “ආණ්ඩුව විවේචනය කරන බිෂොප්වරයෙකු වූ රොලැන්ඩෝ අල්වාරෙස්ව අගෝස්තු මාසයේදී නිවාස අඩස්සියේ තැබීමේ සිද්ධියයි.

එහිදී අවම වශයෙන් පූජකවරුන් හතර දෙනෙකු සහ දීශකවරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් නමුත් පොලිසිය ඔවුනට චෝදනා නිශ්චිතව දක්වා නැත.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ මස මුලදී අවධාරනය කළේ නිකරගුවා ආණ්ඩුව සමඟ "කිසිම විටෙක සංවාදය නතර නොකිරීමේ" වැදගත්කමයි.

“වාදයක් තියෙනවා.නමුත්  අපි නිකරගුවානු රජය සමඟ කතා කරනවා,” පාප් වහන්සේ පැවසීය. "එයින් අදහස් කරන්නේ අපි රජය කරන සෑම දෙයක්ම අනුමත කරන බව හෝ අප අනුමත නොකරන බව නොවේ." උන් වහන්සේ වැඩිදුරටත් පැවසුවේය.

පසුගිය සැප්තැම්බර් 25 වනදා ඔර්ටෙගා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් බ්‍රයන් නිකොල්ස් සහ චිලී රජයද විවේචනය කළේය. චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් නිකරගුවා ජනාධිපතිවරයාව විවේචනය කළේය.

යුරෝපා සංගමය සහ එක්සත් ජනපදයද නිකරගුවාවේ නිලධාරීන්ට එරෙහිව පසුගිය වසර හතර පුරාම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම උලුප්පා දක්වමින් සම්බාධක පනවා ඇත.

ඔර්ටේගා 1979 සිට 1990 දක්වා නිකරගුවාව පාලන බලය හෙබවූවේ එක්සත් ජනපදයේ පිටුබලය ලත් නායක ඇනස්ටේසියෝ සොමෝසා නෙරපා හැරීමෙන් පසුවය. 2007 දී ඔහු නැවත බලයට පත්විය.

සැප්තැම්බර් 25 වනදා  නිකරගුවාවේ විදේශ අමාත්‍ය ඩෙනිස් මොන්කාඩා විසින් මනාගුවා හි යුරෝපා සංගම් තානාපති බෙටිනා මුෂෙයිඩ් නෙරපා හැරීම පිළිබඳව නිවේදනය කළ බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කළේය.

මුෂෙයිඩ් විදේශ අමාත්‍යාංශයට කැඳවන ලද අතර එහිදී ඇයට “පෙර්සොන නොන් ග්‍රට” ප්‍රකාශ කර නිකරගුවාවෙන් පිටවන ලෙස දන්වන ලදී. එක් රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයකට අනුව, මනගුවා පරිපාලනය ගත් තීරණය සාකච්ඡා කිරීමට වෙනත් ක්‍රමයක් මගින් ඇය ඉල්ලා සීටියද ඇය තවදුරටත් නිකරගුවාවට සාදරයෙන් නොපිළිගන්නා බව දන්වනු ලැබ තිබේ. 

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.
පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.
පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.
පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.