
ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කර, රනිල් රටේ ආණ්ඩුකාරවරයා බවට පත්කරන සැලැසුම වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි
පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දණගස්වා ඉන්දියාවට අවශ්‍ය තැනට තල්ලුකර ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව ඈඳා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත්, 1932 දී ඉන්දියාවේ රාජතාන්ත්‍රිකයන් අතර මෙම සැලසුම පිළිබඳව සංවාදය මුලින්ම ආරම්භ වී තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඒ මහතා හෙළිකරන්නේ 1932 දී ඉන්දියාවේ සර්දාර් පණික්කාර් එම න්‍යාය හඳුන්වා දුන් බවත්, ඉන්දියාව සමීපයේ ඇති රාජ්‍ය ඉන්දියාවේ අර්ධ යටත් විජිත ලෙස ඈඳා ගැනීම මෙම සැලසුම වන බවත් ය.
මේ පිළිබඳව 1965 දී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගැඹුරින් කරුණු විශ්ලේෂණය කර ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් ලෙස ශ්‍රී ලංකාව යටත් කරගැනීමේ සැලසුම පෙන්වා දුන් බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ යම් අර්බුදයක් නිර්මාණය වන විට ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව්කරන මුවාවෙන් සැමදා සිදු කළේ ඔවුන්ට උපාය මාර්ගිකව වැදගත්වන යමක් ලබා ගැනීම බවද, ඉන්දියාව විසින් 17 වතාවක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වන බවද ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
