
ලෝක උරුම ලෙස ස්ථාන 8 ක් නම්කර ඇති රටේ, ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නැහැ
ශ්‍රී ලංකාවේ මේ වනවිට ලෝක උරුම ලෙස ස්ථාන 8 ක් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එහෙත් ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නැති බවත් ජාතික උරුමයන් සුරැකීම උදෙසා වූ පාර්ලිමේන්තු සංසදයේදී එහි සභාපතිවරයා අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ දෙලක්ෂ පනස් දහසකට අධික පුරා වස්තූන් ප්‍රමාණයක් පවතින බවද, මේ මොහොත වනවිට වාර්තා කර ඇත්තේ ඉන් දාහත් දහසකට අධික පුරාවිද්‍යාත්මක වස්තූන් ප්‍රමාණයක් පමණක් බවද සංසදය හමුවේ කරුණු දක්වමින් ජාතික සංවිධාන ප්‍රධානීන් එහිදී පවසා තිබේ.
ජාතික උරුම සුරැකීම වෙනුවෙන් ඒ සඳහා ස්ථාපිත වී ඇති සියලු ආයතන ඒකාබද්ධව නියාමන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ද ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන් විසින් සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කර ඇත.
ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සිවුවැනි සභාවාරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, මතුගම සෙනෙවිරුවන්, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සේනරත් බණ්ඩාර දිසානායක, වෛද්‍ය ගාමිණී ජයවීර, මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය, සුනිල් චන්ද්‍රකුමාර, එස්. කේ. සේනානායක යන මහත්වරුන් ද සහභාගි වූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
