හිස්බුල්ලා සංවිධානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා- ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු

(Israeli Prime Minister Benjamin Netanyahu on July 24, 2024 in Washington, DC © Justin Sullivan/Getty Images)
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, තම නිවාඩු නිකේතනය ලෙබනනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක වූ බවත් ඒ අනුව ඉරාන සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම තමා සහ තම බිරිඳ මරා දැමීමට උත්සාහ කළ බවට චෝදනා කළේය.
ඊයේ(19) උදෑසන, පුපුරණ ද්‍රව්‍ය පටවාගත් UAV යානා තුනක් උතුරු ඊශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන සිසේරියා දෙසට පියාසර කරන අයුරු දැකගත හැකි විය. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (ඓඪ්F) විසින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කර විනාශ කළ අතර, තුන්වැන්න අගමැතිගේ පෞද්ගලික නිවස අසල පුපුරා ගියේය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ නිවසේ නොසිටි නමුදු සිය හිවාඩු නිකේතනය ආශ්‍රිත භූමියේ සිටි පුද්ගලයන්ගේ ජීවිත වලට හානි සිදුවී ඇත.
හිස්බුල්ලා සංවිධානය සිසේරියා ප්‍රහාරයේ වගකීම භාර නොගත් අතර, පලස්තීන හිතවාදී සන්නද්ධ කණ්ඩායම උතුරු සහ මධ්‍යම ඊශ්‍රායලයට නව ප්‍රහාර එල්ල කළ බව ඊයේ(19) නිවේදනය කළ බව අල් ජසීරා පුවත් සේවය පවසයි.
X හි පණිවිඩයක් තබමින් නෙතන්යාහු ටෙහෙරානයේ හිස්බුල්ලා සහ එහි මිත්‍ර පාක්ෂිකයින්ට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. "ඉරාන බළල් අතක් වූ හිස්බුල්ලා සංවිධානය අද මා සහ මගේ බිරිඳ ඝාතනය කිරීමට දැරූ උත්සාහය බරපතල වැරැද්දක්" යැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරය "අපේ සතුරන්ට එරෙහිව අපගේ අපේ අනාගතය සුරැකීම වෙනුවෙන් කරනු ලබන සාධාරණ යුද්ධය දිගටම කරගෙන යාමෙන් මට හෝ ඊශ්‍රායල රජයට බාධාවක් නොවනු ඇත."
“මම ඉරානයට සහ එහි දුෂ්ඨ අක්ෂයේ සිටින ඔවුන්ගේ හිතවාදීන්ට කියමි: ඊශ්‍රායලයේ පුරවැසියන්ට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇත,” ඔහු තවදුරටත් පැවසීය. ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමටත්, හිස්බුල්ලා ප්‍රහාරයට ලක් වූ ලෙබනන දේශසීමා ආසන්න ප්‍රදේශවලට ඊශ්‍රායල වැසියන් ආරක්ෂිතව ආපසු පැමිණීමට පහසුකම් සැලසීමටත් අගමැතිවරයා ප්‍රතිඥා දුන්නේය.
"ඊශ්‍රායලය අපගේ සියලුම යුදමය අරමුණු සාක්ෂාත් කර ගැනීමටත්, අපගේ කලාපයේ ආරක්‍ෂක යථාර්ථය ඉදිරි පරම්පරාවන් සඳහා වෙනස් කිරීමටත් අධිෂ්ඨාන කර තිබෙනවා" යනුවෙන් ඔහු අවධාරණය කළේය.
2023 ඔක්තෝම්බර් මාසයේ සිට හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 70,000 කට පමණ තම නිවෙස් හැර යාමට බල කෙරී ඇත. ඓඪ්F විසින් පසුගිය මාසයේ ලෙබනනයේ ගුවන් ප්‍රහාර තීව්‍ර කරන ලද අතර, කණ්ඩායමේ දිගුකාලීන නායක හසන් නස්රල්ලා ඇතුළු ඉහළ පෙළේ හිස්බුල්ලා ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන ලදී. සමස්තයක් වශයෙන්, ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලදී 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
18 වනදා හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළේ යුදෙව් රාජ්‍යය සමඟ එහි මිලිටරි ගැටුම “නව සහ උත්සන්න වන අදියරකට” ඇතුල් වන බවයි. ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව වසරකට වැඩි කාලයක් යුද්ධයක් දියත් කරමින් සිටින ගාසා තීරයේ පලස්තීනුවන්ට සහයෝගය පිMඉස දේශසීමා හරහා රොකට් සහ ඩ්‍රෝන යානා ප්‍රහාර දිගටම එල්ල කරන බවට කණ්ඩායම ශපත කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්