
හිස්බුල්ලා සංවිධානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා- ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු
(Israeli Prime Minister Benjamin Netanyahu on July 24, 2024 in Washington, DC © Justin Sullivan/Getty Images)
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, තම නිවාඩු නිකේතනය ලෙබනනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක වූ බවත් ඒ අනුව ඉරාන සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම තමා සහ තම බිරිඳ මරා දැමීමට උත්සාහ කළ බවට චෝදනා කළේය.
ඊයේ(19) උදෑසන, පුපුරණ ද්‍රව්‍ය පටවාගත් UAV යානා තුනක් උතුරු ඊශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන සිසේරියා දෙසට පියාසර කරන අයුරු දැකගත හැකි විය. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (ඓඪ්F) විසින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කර විනාශ කළ අතර, තුන්වැන්න අගමැතිගේ පෞද්ගලික නිවස අසල පුපුරා ගියේය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ නිවසේ නොසිටි නමුදු සිය හිවාඩු නිකේතනය ආශ්‍රිත භූමියේ සිටි පුද්ගලයන්ගේ ජීවිත වලට හානි සිදුවී ඇත.
හිස්බුල්ලා සංවිධානය සිසේරියා ප්‍රහාරයේ වගකීම භාර නොගත් අතර, පලස්තීන හිතවාදී සන්නද්ධ කණ්ඩායම උතුරු සහ මධ්‍යම ඊශ්‍රායලයට නව ප්‍රහාර එල්ල කළ බව ඊයේ(19) නිවේදනය කළ බව අල් ජසීරා පුවත් සේවය පවසයි.
X හි පණිවිඩයක් තබමින් නෙතන්යාහු ටෙහෙරානයේ හිස්බුල්ලා සහ එහි මිත්‍ර පාක්ෂිකයින්ට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. "ඉරාන බළල් අතක් වූ හිස්බුල්ලා සංවිධානය අද මා සහ මගේ බිරිඳ ඝාතනය කිරීමට දැරූ උත්සාහය බරපතල වැරැද්දක්" යැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරය "අපේ සතුරන්ට එරෙහිව අපගේ අපේ අනාගතය සුරැකීම වෙනුවෙන් කරනු ලබන සාධාරණ යුද්ධය දිගටම කරගෙන යාමෙන් මට හෝ ඊශ්‍රායල රජයට බාධාවක් නොවනු ඇත."
“මම ඉරානයට සහ එහි දුෂ්ඨ අක්ෂයේ සිටින ඔවුන්ගේ හිතවාදීන්ට කියමි: ඊශ්‍රායලයේ පුරවැසියන්ට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇත,” ඔහු තවදුරටත් පැවසීය. ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමටත්, හිස්බුල්ලා ප්‍රහාරයට ලක් වූ ලෙබනන දේශසීමා ආසන්න ප්‍රදේශවලට ඊශ්‍රායල වැසියන් ආරක්ෂිතව ආපසු පැමිණීමට පහසුකම් සැලසීමටත් අගමැතිවරයා ප්‍රතිඥා දුන්නේය.
"ඊශ්‍රායලය අපගේ සියලුම යුදමය අරමුණු සාක්ෂාත් කර ගැනීමටත්, අපගේ කලාපයේ ආරක්‍ෂක යථාර්ථය ඉදිරි පරම්පරාවන් සඳහා වෙනස් කිරීමටත් අධිෂ්ඨාන කර තිබෙනවා" යනුවෙන් ඔහු අවධාරණය කළේය.
2023 ඔක්තෝම්බර් මාසයේ සිට හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 70,000 කට පමණ තම නිවෙස් හැර යාමට බල කෙරී ඇත. ඓඪ්F විසින් පසුගිය මාසයේ ලෙබනනයේ ගුවන් ප්‍රහාර තීව්‍ර කරන ලද අතර, කණ්ඩායමේ දිගුකාලීන නායක හසන් නස්රල්ලා ඇතුළු ඉහළ පෙළේ හිස්බුල්ලා ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන ලදී. සමස්තයක් වශයෙන්, ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලදී 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
18 වනදා හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළේ යුදෙව් රාජ්‍යය සමඟ එහි මිලිටරි ගැටුම “නව සහ උත්සන්න වන අදියරකට” ඇතුල් වන බවයි. ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව වසරකට වැඩි කාලයක් යුද්ධයක් දියත් කරමින් සිටින ගාසා තීරයේ පලස්තීනුවන්ට සහයෝගය පිMඉස දේශසීමා හරහා රොකට් සහ ඩ්‍රෝන යානා ප්‍රහාර දිගටම එල්ල කරන බවට කණ්ඩායම ශපත කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
