පුටින් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් යුක්රේනයට අනතුරු අඟවයි.
(Russian President Vladimir Putin, October 18, 2024. © Sputnik/Vyacheslav Prokofyov)
කියෙව් පරිපාලනයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට මොස්කව් පරිපාලනය කිසිදා ඉඩ නොදෙන අතර ඒ සඳහා දරන ඕනෑම උත්සාහයකට සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවධාරණය කළේය.
යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පසුගියදා කියා සිටියේ කියෙව් පරිපාලනයට එහි ආරක්ෂාව සහතික කිරීම සඳහා පරමාණුක අවි හෝ නේටෝ සාමාජිකත්වය අවශ්‍ය වනු ඇති බවයි. කෙටි දැනුම්දීමකින් පරමාණු බෝම්බයක් නිෂ්පාදනය කිරීමට කියෙව් සූදානම් වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා ඔහු ප්‍රතික්ෂේප කළ අතර, න්‍යෂ්ටික අවි පිළිබඳ කතිකාවත එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි කන්ඩායම හැර යුක්‍රේනයට වෙනත් විකල්පයක් නොමැති බව ඇඟවීමට පමණක් භාවිත කළ බව පවසමින් ඔහු මෙලෙස අදහස් දැක්වීය.
ඊයේ(18) මොස්කව් හිදී පැවැති BRICS රටවල මාධ්‍ය හමුවකදී පුටින් පැවසුවේ “මෙය තවත් ආකාරයක ප්‍රකෝපකිරීමක්. එපමණක් නොවෙයි මෙය භයානක ප්‍රකෝප කිරීමක්, මන්ද, පැහැදිලිවම, න්‍යෂ්ඨික අවි භාවිතය සම්බන්ධයෙන් තෝරාගන්නා දිශාවේ ඕනෑම පියවරකට එරෙහි සුදුසු ප්‍රතික්‍රියාවක් ලැබෙනවා." යනුවෙනි.
"අර්බුදය උණුසුම් වීමට පෙර පවා යුක්රේනයේ දේශපාලන නායකත්වය න්‍යෂ්ටික අවි සඳහා ඇති නැඹුරුව නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙනවා" රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අද වැනි අවධියක න්‍යෂ්ටික අවි සෑදීම “එතරම් අපහසු නැහැ,” පුටින් තර්ක කළේය. කෙසේ වෙතත්, "යුක්රේනයට න්‍යෂ්ඨික අවි නිපදවීම සාක්ෂාත් කර ගැනීමට හැකි දැයි තමන් නොදන්නා" බවත්, න්‍යෂ්ටික අවි ගබඩාවක් අත්පත් කර ගැනීම "යුක්රේනයට පවතින තත්ත්වය අනුව එතරම් සරල දෙයක් නොවන බවත්" ඔහු වැඩිදුරටත් පැවසීය.
මාධ්‍යවේදියෙකු විසින් එක්සත් රාජධානිය වැනි වෙනත් රටකට රහසිගතව යුක්රේනයට පරමාණුක ආයුධ සැපයිය හැකිද යන්න ඇසූ පැනයට පිළිතුරු දෙමින් පුටින් පැවසුවේ, එය “සැඟවීමට නොහැකි” බවත්, “මෙම දිශාවට සිදුවන ඕනෑම චලනයක් සොයා ගැනීමට මොස්කව් සමත්” බවත් අවධාරණය කළේය.
පසුගිය මාසයේ, පුටින් රුසියාවේ න්‍යෂ්ටික මූලධර්මයේ වෙනස්කම් මාලාවක් ප්‍රකාශයට පත් කළ අතර, මූලෝපායිකව න්‍යෂ්ඨික අවි භාවිතය වැළැක්වීම සඳහා වන නිර්ණායක පුළුල් කළේය. රුසියාව තුල අභ්‍යන්තර ප්‍රහාර සඳහා විදේශයන් විසින් සපයනු ලබන දිගු දුර ආයුධ භාවිතය පිළිබඳ සීමාවන් ඉවත් කරන ලෙස කියෙව් විසින් නේටෝ රටවල් විසින් ඉල්ලා සිටීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව මොස්කව් පරිපාලනයේ ආරංචි මාර්ග පවසයි. සංශෝධිත න්‍යෂ්ඨික අවි භාවිත කිරීමෙ රුසියාවේ මූලධර්මය නැමැති කුඩයෙහි සෙවන බෙලරුසියාවට ද දිගු කිරීමට කටයුතු කළේය.
Putin warns Ukraine about nuclear weapons
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්