News Category
From Date
To Date
Maximum Number of Result

දොස්තරවරු අද සිට රට පුරා අඛණ්ඩ විරෝධතා

Nov 2, 2023 at 07:21 AM
|

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දිගින් දිගටම පෙන්වා දෙනුලැබූ බවත්, ඒ සඳහා අට වැදෑරුම් යෝජනාවලිය බලධාරීන් වෙත බාර දී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කොට ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබා දීමේ නිශ්චිත සැලැස්ම රට හමුවේ ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ දක්වාම සමත් වී නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එනිසා අද සිට රට පුරා අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

අදාළ නිවේදනය පහළින්...

මාධ්‍ය නිවේදනය

නොවැම්බර් 2 ආරම්භ වන පලාත් මට්ටමෙන් ක්‍රියාත්මක විරෝධතා දින සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාවේ තීන්දු තිරණ මාධ්‍ය වෙත දැනුම් දීම.

ඛේදවාචකයකින් නිමා වීමට නියමිත සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය අප විසින් දිගින් දිගටම අවධාරණය කරන ලදී.

ඒ සඳහා වන අට වැදෑරුම් යෝජනාවලිය බලධාරීන් වෙත බාර දී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කොට ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබා දීමේ නිශ්චිත සැලැස්ම රට හමුවේ ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ දක්වාම සමත් වී නැත.

ඒ අනුව මේ පිළිබඳ පසුගිය ඔක්තෝබර් 25 වන දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තුලදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ආරම්භ වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් ද මේ වන විටත් අප විසින් ප්‍රකාශයට පත් කර ඇත. (ඇමුණුම 1 – අදාල කරුණු අන්තර්ගත 2023.10.25 දිනැති මාධ්‍ය නිවේදනය)

එදින මධ්‍යම කාරක සභාව විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවශ්‍ය පරිදි තවදුරටත් තිව්‍ර කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය සංගමයේ විධායක සභාව වෙත පවරන ලදී.

ඒ අනුව පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ විධායක සභාවේ නිරීක්ෂණ ද පදනම් කරගනිමින් අද දින රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව පහත තීන්දු තීරණ වලට ඒකමතිකව එලඹෙන ලදී.

ඔක්තෝබර් 25 දින ප්‍රකාශයට පත් කරන ලද සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොවෙනස්ව සහ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කරන ලදී.

හෙට දිනෙන් (නොවැම්බර් 02 බ්‍රහස්පතින්දා) ආරම්භ වන පළාත් මට්ටමින් ක්‍රියාත්මක පැය 24ක සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයන් ද ඇතුලත් විරෝධතා දින වැටසටහන සඳහා මධ්‍යම කාරක සභාවේ පූර්ණ සහ ඒකමතික අනුමැතිය පල විය.

සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගය සෑම දිනකම උදෑසන 8.00 සිට ආරම්භ වී පැය 24 ක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

වැඩවර්ජන කාලය අතරතුර සියලුම හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කර ඇත.

එමෙන්ම අදාල පළාත තුල ඇති සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්, විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක සහ මානසික රෝග ප්‍රතිකාර රෝහල් මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය සඳහා සහභාගි කර නොගැනෙනු ඇත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හරහා රෝගී ජනතාවට වන අපහසුතාවය පිළිබඳ පූර්ණ වගකීම මේ වන විටත් ගැටලු සම්බන්ධයෙන් නිද්‍රාශීලි පිලිවෙතක් අනුගමනය කරන බලධාරීන් විසින් භාරගත යුතු බව අවධාරණය කරමු.

සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව අදාල දිනය තුල නියමිත පලාත තුල විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව පලාත තුල අදාල දිනයේදි විරෝධතා වැඩසටහන්, ජනතාව දැනුවත් කිරීම හරහා ඒ අයගේ  සහයෝගය ප්‍රකාශයට පත් කිරීම සහ මාධ්‍ය සාකච්ඡා හරහා පලාත් මට්ටමින් පවතින වර්තමාන ඛේදජනක තත්ත්වය හෙලිදරව් කිරීම සිදු වනු ඇත.

මේ සියලු සංකේතාත්මක ක්‍රියාමාර්ග හමුවේද බලධාරීන් තම සුපුරුදු අකාර්යක්ෂම සහ නිද්‍රාශිලි ප්‍රතිපත්තිය අනුගමනය කරනුයේ නම් ඊට සරිලන දීපව්‍යාප්ත සහ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් වෙත ඉදිරි සති 2 ක කාල සීමාවෙන් ඔබ්බට එළඹිමට මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.

බලධාරීන් ඉදිරි දින කිහිපය තුලදි දක්වන සාධනිය ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ප්‍රකාශිත වැඩවර්ජන ක්‍රියාමාර්ග සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමේ බලය ද අද දින මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත පවරන ලදී.

විසදුම් ප්‍රමාද වීම හරහා දිනෙන් දින බිඳ වැටෙන සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමටත්, රෝගී ජනතාවගේ ජිවිත වලට සැබෑ වටිනාකමක් ලබා දීමටත් පාලකයින් මේ දක්වා පෙන්නුම් කර ඇති අසමත්භාවයට දැඩි විරෝධය පල කරන අතර වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කරමින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ ඛේදවාචකය වලක්වා ගැනීමේ අවසන් අවස්ථාව මඟ නොහරින ලෙස බලධාරීන් වෙත අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්.

පළමු දිනය 2023.11.02 බ්‍රහස්පතින්දා ඌව

දෙවන දිනය 2023.11.03 සිකුරාදා       උතුර

තෙවන දිනය 2023.11.06 සදුදා      වයඹ

සිව්වන දිනය 2023.11.07 අඟහරුවාදා සබරගමුව

පස්වන දිනය 2023.11.08 බදාදා මධ්‍යම සහ නැගෙනහිර

සයවන දිනය 2023.11.09 බ්‍රහස්පතින්දා දකුණ සහ උතුරු මැද

හත්වන දිනය 2023.11.10 සිකුරාදා     බස්නාහිර

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.