News Category
From Date
To Date
Maximum Number of Result

දොස්තරවරු අද සිට රට පුරා අඛණ්ඩ විරෝධතා

Nov 2, 2023 at 07:21 AM
|

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දිගින් දිගටම පෙන්වා දෙනුලැබූ බවත්, ඒ සඳහා අට වැදෑරුම් යෝජනාවලිය බලධාරීන් වෙත බාර දී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කොට ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබා දීමේ නිශ්චිත සැලැස්ම රට හමුවේ ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ දක්වාම සමත් වී නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එනිසා අද සිට රට පුරා අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

අදාළ නිවේදනය පහළින්...

මාධ්‍ය නිවේදනය

නොවැම්බර් 2 ආරම්භ වන පලාත් මට්ටමෙන් ක්‍රියාත්මක විරෝධතා දින සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාවේ තීන්දු තිරණ මාධ්‍ය වෙත දැනුම් දීම.

ඛේදවාචකයකින් නිමා වීමට නියමිත සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය අප විසින් දිගින් දිගටම අවධාරණය කරන ලදී.

ඒ සඳහා වන අට වැදෑරුම් යෝජනාවලිය බලධාරීන් වෙත බාර දී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කොට ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබා දීමේ නිශ්චිත සැලැස්ම රට හමුවේ ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ දක්වාම සමත් වී නැත.

ඒ අනුව මේ පිළිබඳ පසුගිය ඔක්තෝබර් 25 වන දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තුලදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ආරම්භ වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් ද මේ වන විටත් අප විසින් ප්‍රකාශයට පත් කර ඇත. (ඇමුණුම 1 – අදාල කරුණු අන්තර්ගත 2023.10.25 දිනැති මාධ්‍ය නිවේදනය)

එදින මධ්‍යම කාරක සභාව විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවශ්‍ය පරිදි තවදුරටත් තිව්‍ර කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය සංගමයේ විධායක සභාව වෙත පවරන ලදී.

ඒ අනුව පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ විධායක සභාවේ නිරීක්ෂණ ද පදනම් කරගනිමින් අද දින රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව පහත තීන්දු තීරණ වලට ඒකමතිකව එලඹෙන ලදී.

ඔක්තෝබර් 25 දින ප්‍රකාශයට පත් කරන ලද සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොවෙනස්ව සහ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කරන ලදී.

හෙට දිනෙන් (නොවැම්බර් 02 බ්‍රහස්පතින්දා) ආරම්භ වන පළාත් මට්ටමින් ක්‍රියාත්මක පැය 24ක සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයන් ද ඇතුලත් විරෝධතා දින වැටසටහන සඳහා මධ්‍යම කාරක සභාවේ පූර්ණ සහ ඒකමතික අනුමැතිය පල විය.

සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගය සෑම දිනකම උදෑසන 8.00 සිට ආරම්භ වී පැය 24 ක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

වැඩවර්ජන කාලය අතරතුර සියලුම හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කර ඇත.

එමෙන්ම අදාල පළාත තුල ඇති සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්, විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක සහ මානසික රෝග ප්‍රතිකාර රෝහල් මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය සඳහා සහභාගි කර නොගැනෙනු ඇත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හරහා රෝගී ජනතාවට වන අපහසුතාවය පිළිබඳ පූර්ණ වගකීම මේ වන විටත් ගැටලු සම්බන්ධයෙන් නිද්‍රාශීලි පිලිවෙතක් අනුගමනය කරන බලධාරීන් විසින් භාරගත යුතු බව අවධාරණය කරමු.

සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව අදාල දිනය තුල නියමිත පලාත තුල විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව පලාත තුල අදාල දිනයේදි විරෝධතා වැඩසටහන්, ජනතාව දැනුවත් කිරීම හරහා ඒ අයගේ  සහයෝගය ප්‍රකාශයට පත් කිරීම සහ මාධ්‍ය සාකච්ඡා හරහා පලාත් මට්ටමින් පවතින වර්තමාන ඛේදජනක තත්ත්වය හෙලිදරව් කිරීම සිදු වනු ඇත.

මේ සියලු සංකේතාත්මක ක්‍රියාමාර්ග හමුවේද බලධාරීන් තම සුපුරුදු අකාර්යක්ෂම සහ නිද්‍රාශිලි ප්‍රතිපත්තිය අනුගමනය කරනුයේ නම් ඊට සරිලන දීපව්‍යාප්ත සහ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් වෙත ඉදිරි සති 2 ක කාල සීමාවෙන් ඔබ්බට එළඹිමට මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.

බලධාරීන් ඉදිරි දින කිහිපය තුලදි දක්වන සාධනිය ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ප්‍රකාශිත වැඩවර්ජන ක්‍රියාමාර්ග සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමේ බලය ද අද දින මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත පවරන ලදී.

විසදුම් ප්‍රමාද වීම හරහා දිනෙන් දින බිඳ වැටෙන සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමටත්, රෝගී ජනතාවගේ ජිවිත වලට සැබෑ වටිනාකමක් ලබා දීමටත් පාලකයින් මේ දක්වා පෙන්නුම් කර ඇති අසමත්භාවයට දැඩි විරෝධය පල කරන අතර වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කරමින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ ඛේදවාචකය වලක්වා ගැනීමේ අවසන් අවස්ථාව මඟ නොහරින ලෙස බලධාරීන් වෙත අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්.

පළමු දිනය 2023.11.02 බ්‍රහස්පතින්දා ඌව

දෙවන දිනය 2023.11.03 සිකුරාදා       උතුර

තෙවන දිනය 2023.11.06 සදුදා      වයඹ

සිව්වන දිනය 2023.11.07 අඟහරුවාදා සබරගමුව

පස්වන දිනය 2023.11.08 බදාදා මධ්‍යම සහ නැගෙනහිර

සයවන දිනය 2023.11.09 බ්‍රහස්පතින්දා දකුණ සහ උතුරු මැද

හත්වන දිනය 2023.11.10 සිකුරාදා     බස්නාහිර

සම්බන්ධිත පුවත් | Related News

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.