එක්සත් ජනපද ඩොලරය ආයුධයක් ලෙස භාවිත කරනවා - ජෙෆ්රි සැක්ස්.

එක්සත් ජනපද ආණ්ඩුව ඩොලරය, මුදල් හුවමාරු මාධ්‍යයක් හෝ වටිනාකම් ගබඩාවක් ලෙස සේවය කරනවාට වඩා යුද ආයුධයක් ලෙස භාවිත කන බව සම්මානලාභී ඇමරිකානු ආර්ථික විද්‍යාඥ සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂක ජෙෆ්රි සැක්ස් පවසයි.
සැක්ස් ඊයේ(10) BRICS මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමකට වීඩියෝ සබැඳියක් ඔස්සේ කළ සිය දේශනයේදී මෙලෙස ප්‍රකාශ කළේය. මෙම මස අගදී කසාන්හි පැවැත්වෙන BRICS 2024 සමුළුවට පෙර ජාත්‍යන්තර මූල්‍ය හා මූල්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මොස්කව්හිදී මෙලෙස රැස්ව සිටියහ.
ආර්ථික විද්‍යාඥයාට අනුව, ඩොලරය ආයුධකරණය කිරීම පැහැදිලිවම දක්නට ලැබුණේ අවහිර කළ රුසියානු වත්කම් අත්පත් කර ගැනීම හරහා ය. ඉරාන, වෙනිසියුලානු, ඇෆ්ගන් සහ අනෙකුත් රාජ්‍ය අරමුදල් එක්සත් ජනපද රජය විසින් අවහිර කිරීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වීය.
එක්සත් ජනපදය හා එහි සහචරයින් රුසියානු මහ බැංකු වත්කම් ඩොලර් බිලියන 300 ක් පමණ හුවමාරු කිරීම අවහිර කර ඇත. එලෙසම එයින් ඩොලර් බිලියන 5 ක් පමණ යුක්රේනය සම්බන්ධ සම්බාධක ක්‍රියාවලියේ කොටසක් ලෙස ඇමරිකානු බැංකුවල රඳවා තබාගෙන ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී, ජනාධිපති ජෝ බයිඩෙන් එක්සත් ජනපදයේ රඳවා තබා ඇති රුසියානු අරමුදල් අත්පත් කර ගැනීමට සහ ඒවා යුක්රේන ප්‍රතිසංස්කරණ අරමුදලකට මාරු කිරීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකටද අත්සන් තැබීය.
"ඔබට ගෙවීම් යාන්ත්‍රණයක් ලෙස ඩොලරය භාවිතා කළ නොහැක" යනුවෙන් සැක්ස් පැවසුවේ, ජනාධිපතිවරයෙකුට පමණක් නියෝග අත්සන් කර අත්‍යවශ්‍යයෙන්ම ඩොලර් බිලියන ගණන් රුසියානු වත්කම් අත්පත් කර ගත හැකි බව ඔප්පු වී ඇති නිසා යැයි පෙන්වා දුනි. "එක්සත් ජනපද මුදල් "ආක්‍රමණශීලී ප්‍රතිපත්තිවල මෙවලමක්" බවට පත්ව තිබෙනවා." ඔහු අවධාරණය කළේය.
"පසුගිය වසර 15 තුළ මම මගේ රජයට මෙම ක්‍රියාව නවත්වන ලෙස කරුණු පහදා දුන්නා. මෙම ක්‍රියාව තනිකරම පිස්සුවක්. එය ඩොලරය කෙරෙහි ලෝක ජනයා තුළ ඇති විශ්වාසය විනාශ කරනවා. අමෙරිකාවට මේ ආකාරයට මෙම ක්‍රමය සමඟ ඉදිරියට යා නොහැකියි. එය රුසියාව පිළිබඳව වන ප්‍රශ්නය්ක් පමණක්ම නොවෙයි."
එක්සත් ජනපද සම්බාධකවල තර්ජනවලින් තොරව සාමාන්‍ය වෙළඳාමක් කිරීමට චීනයට අවශ්‍ය නමුත්, චීන බැංකු SWIFT පද්ධතියේ කොටසක් වුවද, ජාත්‍යන්තර මූල්‍ය ජාලය කපා හරිනු ඇතැයි යන බියෙන් ඔවුන්ට දිගටම එහි රැඳී සිටීමට සිදු වන බවද ඔහු පෙන්වා දුන්නේය.
US weaponizing dollar – Jeffrey Sachs
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්