ඉන්දියාවෙන් ගෙන්වූ බව කියූ එන්නත මෙරටදී නිෂ්පාදනය කළ බව හෙළිවෙයි... සියලු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි නියෝග
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැර ඇති බවට සිවිල් සංවිධාන එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වූ බවට අදාළ සමාගමට චෝදනා එල්ලවී තිබු අතර ඉන් රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.
සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගියදා කරුණු වාර්තා කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
ඒ අනුව අදාළ සමාගමේ හිමිකරු සහ අධ්‍යක්ෂවරයෙක් බව කියන 57 හැවිරිදි සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) පස්වරුවේ කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරව අද දහවල් 1ට පමණ සැකකරුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අදාළ එන්නත් ගෙන්වීමේ ටෙන්ඩරයට අනුව ඒවා ඉන්දියාවෙන් ආනයනය කරන බව සඳහන්ව තිබුණද, එම එන්නත් සිදූව, රද්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කර ඇති බවය.
සැපයුම්කරු විසින් අවස්ථා 14කදී එන්නත් මාත්‍රා 3,985ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා ඇති බවත් ඒ වෙනුවෙන් තුන්කෝටි හැටතුන්ලක්ෂ අසුතුන් දහසකට අධික මුදලක් ඔහුට ගෙවා ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.
අදාළ එන්නත් භාවිතය සඳහා නිදහස් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරිය තත්ත්ව පරීක්ෂාවක් පවා සිදුකර නොමැති බවත්, එම එන්නත් 80%ක් පමණ භාවිතයට ගැනීමෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අසාත්මිකතා වාර්තාවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.
සියලු කරුණු පිළිබඳ අවධානය යොමුකළ මෙහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ සැකකරු මෙම සිදුවීමට සම්බන්ධ එක් තැනැත්තෙකු පමණක් වන අතර, ඊට සම්බන්ධ ප්‍රධාන වගකිවයුත්තන් රාජ්‍ය සේවකයින් විය හැකි බවය.
එබැවින් මෙම විමර්ශන සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගෙන සියලු සැකකරුවන් තරාතිරම නොබලා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියාය.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ