යුක්රේනයට බටහිර දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා දැක්වූ කොළ එළියට රුසියාව ප්‍රතිචාර දක්වනවා - රුසියානු විදේශ ඇමති ලැව්රොව්

රුසියානු භූමියේ ඇතුලාන්තය ඉලක්ක කර මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට බටහිරින් සැපයෙන දිගු දුර මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට අවසර ලැබුණහොත් මොස්කව් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මේ වන විට ගෙනහැර දක්වන ලද “අනපේක්ෂිත සැලැස්ම” ක්‍රියාත්මක කරනු ඇතැයි විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අනතුරු ඇඟවූ බව රුසියානු මාධ්‍ය පවසයි.
මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා සිටියේ එවැනි ඕනෑම ප්‍රහාරයක් ආයුධ ලබා දුන් රටවල සෘජු ප්‍රහාරයක් ලෙස මොස්කව් පරිපාලනය සලකන බවයි.
යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි විසින් "ඓතිහාසික" යැයි හුවා දක්වමින් කියෙව්හි විදේශ අවි පරිත්‍යාගශීලීන්ගේ ඉදිරි රැස්වීමක් සම්බන්ධයෙන් දැක්වූ අදහස් සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යවරයා මෙලෙස පැවසීය. මොස්කව් පරිපාලනය දැනටමත් එවැනි ප්‍රහාරයකට දැක්විය යුතු ප්‍රතිචාර සූදානම් කර ඇති බැවින් සෙලෙන්ස්කිගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් නොකරණ බවද විදේශ අමාත්‍යවරයා පැවසීය.
“යුක්රේනයට දිගු දුර මිසයිල භාවිතා කිරීමට අවසර දීමට බටහිර විසින් තීරණය ගනු ලැබුවහොත්, ව්ලැඩිමීර් පුටින් සඳහන් කළ දැනටමත් ප්‍රකාශ කර ඇති "හදිසි අවස්ථාව" ක්‍රියාත්මක වනු ඇත,” ලැව්රොව් මාධ්ජ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
බටහිර විසින් සපයන ලද දිගු දුර මිසයිල යොදා ගනිමින් යුක්රේනය විසින් සිදු කරන එවැනි ඕනෑම ප්‍රහාරයක් නේටෝව විසින් සෘජුව දියත් කළ ප්‍රහාරයක් ලෙස මොස්කව් විසින් සලකනු ඇති බවට පුටින් අනතුරු අඟවා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව තම බටහිර සතුරන්ට එරෙහිව සමාන ආයුධවලින් ප්‍රතිචාර දැක්වීමට ඉඩ කඩ විවර වෙන බව පුටින් යෝජනා කරනු ලැබිය.
රුසියාවෙන් න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරයක් දියත් කළ හැකි කොන්දේසි වලට න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යක පිටුබලය ලබන න්‍යෂ්ටික බලය නොමැති රාජ්‍යයක් විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයක්ද ඇතුළත් කිරීමට මොස්කව් දැනටමත එහි න්‍යෂ්ටික බලය යෙදවීම සම්බන්ධව ඇති ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යාවත්කාලීන කරමින් සිටී.
බටහිර අකමැත්ත හේතුවෙන් යුධ පිටියේ මෑත කාලීන සිදු වූ පසුබෑම් වලට හේතු දක්වමින් කියෙව් පරිපාලනය මාස ගනනාවක් තිස්සේ ඔවුන්ගේ දිගු දුර ආයුධ සමඟ රුසියාව බූමියේ මධ්‍යටම ප්‍රහාර එල්ල කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස එක්සත් ජනපදය හා එහි සහචරයන්ගෙන් දිගින් දිගටම ඉල්ලිම් කරමින් සිටියි.
මේ අතර රුසියානු නිලධාරීන් මීට පෙර කියා සිටියේ ඉහත කාරණය සම්බන්ධයෙන් බටහිර ජාතීන් යුක්රේනයට ඔවුන්ගේ කැමැත්ත ලබා දීමේ ප්‍රධාන තීරණය දැනටමත් ගෙන ඇති බවත් බටහිර ජාතීන් එය සාමාන්‍ය ජනතාවට ඉදිරිපත් කිරීමට ක්‍රමවේදයක් තෝරමින් සිටින බවයි.
පසුගිය මාසයේ සෙලෙන්ස්කි එක්සත් ජනපද සංචාරයේදී තහනම ඉවත් කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූ අතර එහිදී ඔහු තම 'ජයග්‍රාහී සැලැස්ම' ජනාධිපති ජෝ බ්යිඩන් වෙත ඉදිරිපත් කළේය. ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, රුසියාව පරාජය කිරීම සඳහා යුක්‍රේන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සැලැස්ම සාර්ථක සැලැස්මක්දැයි එක්සත් ජනපද නිලධාරීන් සැක පහළ කරන බවයි.
යුක්රේන ගැටුම රුසියාවට එරෙහි එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද නියෝජිත යුද්ධයක් ලෙස විස්තර කරන මොස්කව් පරිපාලනය ඔවුන්ගේ ජාතික ආරක්ෂාව එම යුද්ධය මත රඳා පවතින බැවින් අවශ්‍ය ඕනෑම ආකාරයකින් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ප්‍රතිඥා දී ඇති බවද පැවසේ. බටහිර රටවල් රුසියාවට හානි කිරීම සඳහා "අවසාන යුක්රේනියානුවන් දක්වා සටන් කිරීමට" කැමැත්තෙන් සිටින බවද ක්‍රෙම්ලිනය අවධාරණය කරයි.
Russia will respond to Western greenlight for Ukrainian long-range missile strikes – Lavrov
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්