අපි හැම රටක් සමගම කටයුතු කරන්නේ සමබරව... ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා - රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය ගැන කැබිනට් ප්‍රකාශක විජිත හේරත් පැහැදිලි කරයි
රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීම මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ, "ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා," යනුවෙනි.
ඔහු තවදුරටත් පැවසුවේ චීන යුද පුහුණු නැවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට රජය විසින් අවසර ලබාදුන් බවයි.
එම නෞකාව මෙම මාසයේදී මෙරටට් පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
"අපි ඇත්තටම කිසිදු රටක් පිළිබඳව විශේෂත්වයක් සලකන්නේ නෑ. රට ලොකු වුණත් රට පොඩි වුණත් ශ්‍රී ලංකාව ඒ සියලුම රටවල් එක්ක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. අපිට භේදයක් නෑ චීනයත් එක්කත් ඉන්දියාව එක්කත් අමෙරිකාව එක්කත් රුසියාව, කියුබාව සහ වියට්නාමය එක්කත් අපි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා. චීනය මගින් විහාරස්ථාන සඳහා සෝලා පැනල් ලබාදීමේ ව්‍යාපෘතියක් තියෙනවා. අපි ඒකට මැදිහත් වෙනවා. මේ මාසේ තව නොබෝ දිනකින් චීන යුද පුහුණු නැවක් ලංකාවට එනවා. ඒ සඳහා අපි අවසරය දීලා තියෙනවා. ඒක කිසිම ලංකාවේ ආරක්ෂාවට හානියක් වෙන එකක් නොවෙයි. මීට කලිනුත් අමෙරිකානු, ඉන්දියානු, ජර්මන් යුද අභ්‍යාස නැව් ඇවිල්ලා තියෙනවා. එවැනි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලදී අපි සමබරව අපි හැම රටක් එක්කම කටයුතු කරනවා..."
(මූලාශ්‍ර - අද දෙරණ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්