දිවුලපතාන පිටස්තරයන්ට තහනම් කලාපයක් වෙයි
රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති.
මීට දින කිහිපයකට පෙර මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනකු තම ගම්මානයේ දිළිඳු පවුල් කිහිපයකට වියළි ආහාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එම ගමට ඇතුළත්වීමට යුද හමුදාව මගින් ඉඩ ලබා නොදී මාර්ග බාධක යොදා එය වැළැක්වීම කණගාටුදායක කරුණක් බවත් ගම්වාසීහු පෙන්වා දෙති.
1980 දශකයේ සිට දිවුලපතාන ගම්මානයේ සිංහල පවුල් අටසීයකට වඩා පිරිසක් හේන් වගා කරමින් ජීවත් වූ බවත් ඔවුන් පැවැසීය.
පැවැති යුදමය වාතාවරණය මත ඔවුන් ගම්බිම් හැර තම ඥාති ගම්මානවලට පිටව ගොස් නැවත 2009 ඇති වූ සාමකාමී වාතාවරණය සමග ගම්මානයට පැමිණ හේන් වගාවේ නිරතවන වකවානුවක තමන්ටද ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ තම ගම්මානයෙන් ඉවත් කිරීමට බලපෑම් කරන බවද දිවුලපතාන ගම්වාසීහු ප්‍රකාශ කරති.
මඩකළපුව ශ්‍රී මංගලාරාමාධිපති සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවන මෙන්ම ගම්වාසින් ඒකරාශිවී ගම්මානයේ බුද්ධ මන්දිරයක් ඉදිකොට එහි තැන්පත් කරන ලද බුදු පිළිමයද අතුරුදන් කිරීම පිටුපස දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවත්, යුද්ධයක් නොමැති වකවානුවක තමන්ට මෙන්ම තම ඥාතීන්ට එහා මෙහා ගමන් කිරීමේ අයිතිවාසිකම් යුද හමුදාව මගින් උල්ලංඝනය කිරීම බරපතළ ගැටලුවක් බවද දිවුලපතාන ගම්මානයේ වයි.බී. කරුණාවතී මහත්මිය පැවසුවාය.
තම ගම්මානයට ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට ඒමට නොහැකි වන පරිදි යුද හමුදා මගින් මාර්ග බාධක යොදා තිබීම පිළිබඳ දිවුලපතාන ගම්මානයේ ජේ.ඒ. මිල්ටන් ජයසිංහ මහතා මෙලෙස පැවැසීය. යුද්ධ කාලයේදී අපි කොටින්ගෙන් බැට කෑවා. වෙඩි උන්ඩවලට පවා මුහුණ දෙමින් හේන් වගා කරගෙන අපේ ජීවිත රැක ගත්තා. අපි රජයෙන් රස්සාවල් ආධාර, උපකාර, ඉල්ලන්නේ නැහැ. අපිට මේ සාමකාමීව වාතාවරණයේ ජීවත්වීමේ අයිතියක් නැද්ද. අපේ ඥාතීන්ට අපේ හිතවතුන්ට අපිට ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න යන්න අයිතියක් නැද්ද කියලයි අපි රජයෙන් අහන්නේ. අපි දැන් ඉතාම අසරණයි. අපට රජයෙන් මොනවත් ලැබෙන්නෙ නෑ. අපට වෙනත් ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න දෙන්නෙ නෑ. අපි දැන් වෙනම ලෝකෙක තනි වෙච්ච මිනිස්සු වගේ අපි ගැන බලන්න ඉන්නේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් විතරයි යැයිද ඔහු කීය.
මේ පිළිබඳව කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාගෙන් දුරකතනයෙන් කිහිප අවස්ථාවකදීම විමසීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක විය.
මෙම ගම්මානයට පිටස්තරයන්ට යෑමට ඒමට ඉඩ නොදීම පිළිබඳව ප්‍රදේශය භාර යුද හමුදා නිලධාරියකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තුන්වැනි පාර්ශ්වයකට යෑමට ඉඩ ලබා නොදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් දිවුලපතාන ගම්වාසීන්ට පිටට යෑමට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.
- නිමල් ජයරත්න -
(ලංකාදීප)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..