News Category
From Date
To Date
Maximum Number of Result

ජාතිය මුහුණදෙන අභියෝග විසඳීමේ ඓතිහාසික වගකීම පෙන්වා දෙමින්, ජනපති අනුරට ජාතික සංවිධාන එකමුතුවෙන් ලිපියක්

Sep 28, 2024 at 10:58 PM
|

ජාතිය මුහුදෙන අභියෝගය සහ ජාතික බලවේගවලට  පැවරී ඇති ඓතිහාසික වගකීම පිළිබඳව පැහැදිලි කරමින් ජාතික සංවිධාන එකමුතුව මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩනගා ඇති අතීත උරුමය සහ ජාතික බලවේගවල අපේක්ෂා අතර ගැටුමක් නැති නමුත් ජාතික ජන බලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයට වෙනත් කඳවුරු වලින් සම්බන්ධ වී හෝ සම්බන්ධ කර ඇති පුද්ගලයින් සහ ජාතික බලවේග අතර මතවාදී ගැටුම් පැවතිය හැකි බවත් එම ලිපියේ දක්වා තිබේ.

එහෙත් ඓතිහාසික ජාතික ව්‍යාපාරයක් ලෙස ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ගරු කරන බවත්, ඔවුන්ගේ යුක්ති සහගත අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටින බවත් එම ලිපිය මගින් කරුණු සඳහන් කර ඇත.

සවිස්තරාත්මක ලිපිය පහළින්...

ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා, 
ජනාධිපති ලේකම් කාර්යාලය,

ජාතිය මුහුදෙන අභියෝගය සහ ඔබතුමාට මෙන්ම ජාතික බලවේග ලෙස අපට ද පැවරෙන ඓතිහාසික වගකීම පිළිබඳව

පළමුවෙන්ම, සාමකාමී මැතිවරණයකින් මහජන කැමැත්ත අනුව ශ‍්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිධුරයට පත්වූ ඔබතුමාට අපගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමු. එසේම අප එම ජනවරමට ගරු කරන අතර එම ජනවරම නිර්මාණය කළ ජනතාවගේ අපේක්ෂා ආරක්ෂා කිරීමටද කැප වෙන බව ඔබතුමාට දන්වා සිටිමු. දෙවනුව, අධිරාජ්‍යවාදී බලවේගවල සූක්ෂම මෙහෙයුම් වලට ගොදුරු නොවී මැතිවරණ ක‍්‍රියාවලිය තුළ සහ පශ්චාත් මැතිවරණ කාලය තුළ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුනොවන බවට වගබලා ගැනීම පිළිබඳව ස්තුතිවන්ත වෙමු.

තුන්වනුව ජාතික බලවේගවල දේශපාලන විග‍්‍රහය අනුව පවතින ජාත්‍යන්තර පෙළ ගැසීම් වලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණය තුළින් පැන නගින තත්ත්වය ආශ‍්‍රිත ‘‘රැගුම් සැකිල්ල’’ හෙවත් ‘‘සෙනාරිය’’ විග‍්‍රහ කිරීමේදී විකල්ප තත්ත්වයන් 6ක් පහත ආකාරයට හඳුනාගත හැක.

1) සියලූ දක්ෂිණාංශික ලිබරවාදින් විසින් ඊනියා ජාතිකවාදී ලිබරල් බලවේග ද ඇතුළත් වන ආකාරයට බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේගවල ආශිර්වාදය සහිතව පුළුල් පෙරමුණක් මගින් අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩු බලය ලබා ගැනීම. එනම් රනිල්, සජිත්, නාමල් යන අපේක්ෂක තිදෙනා එකට එක්ව ආණ්ඩු බලය ලබා ගැනීමය. (අපගේ විග‍්‍රහය අනුව එය කළ නොහැකි වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ හෝ අදාළ පාර්ශවල දුර්වලකම නිසා නොව ඓතිහාසිකව රට තුළ පවතින මතවාදී බෙදීම අනුව දේශපාලන බලවේගවල අනන්‍යතාවය තීරණය වීම නිසාය.)

2) රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා සෙසු පාර්ශ්වවල ප‍්‍රබල පිරිසක් දිනා ගැනීම මගින් ආණ්ඩු බලය ලබාගැනීම. (අපගේ විග‍්‍රහය අනුව ඒ මගින් ඉන්දු - ඇමරිකානු න්‍යාය පත‍්‍රය ඉතා කෙටි කලකින් අවසන් කිරීමට හැකි වේ.)

3) අනුර දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස යන අපේක්ෂකයින් කරට කර තරග වදින තත්ත්වයක් තුළ විශේෂයෙන්ම පළමු වටයේදී අනුර දිසානායක මහතාගේ ජයග‍්‍රහණය කරන තත්ත්වයක් තුළ දෙවන මනාප මගින් එම තත්ත්වය වෙනස් වීම සහ ඒ තුළින් සමාජය තුළ ප‍්‍රචණ්ඩ ගැටුමක් නිර්මාණය වීමට ඉඩ සැලසීම. (අපගේ විග‍්‍රහය අනුව එවැනි තත්ත්වයක් අධිරාජ්‍යවාදී බලවේග විසින් තම වාසියට යොදා ගනිමින් බංගලාදේශය තුළ සිදු කළ ආකාරයට මහා විනාශයක් කැඳවීමට සහ එම තත්වය ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීම දක්වා වර්ධනය කිරීමේ හැකියාවක් තිබුණි.)

4) සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡුන්දය ලබාදුන් අති බහුතරයකගේ දෙවැනි මනාපය ලබාගැනීමට අසමත්වීම නිසා අනුර දිසානායක මහතාට ජයග‍්‍රහණය හිමිවීම.

 5) අනුර දිසානායක මහතා 50%කට වැඩි ඡුන්ද ලබා ගැනීම මගින් බහුතර කැමැත්ත මත පැහැදිලි ජයක් ලබා ගැනීම. (අපගේ විග‍්‍රහය අනුව බහුතර කැමැත්ත යන්න සාපේක්ෂව අර්ථකථනය කිරීමට සිදුවේ. ඊට හේතුව 20% ඡුන්දදායකින් ඡුන්දය ප‍්‍රකාශ නොකිරීම තුළ ජයග‍්‍රහකයාට ලැබෙන්නේ සමස්ත ඡුන්දදායකයන්ගෙන් 40%ක කැමැත්ත පමණක් බවය.)

6) සජිත් පේ‍්‍රමදාස මහතා 50%කට වැඩි පැහැදිලි ජයක් ලබා ගැනීම (අපගේ විග‍්‍රහයන් අනුව විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල සහ කඳුරට ඡුන්දය භාවිතා කිරීමේ ප‍්‍රවණතාවය අනුව ඔහුට අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රබල බලපෑමක් ඇතිවේ)

ඉහත 6 වැනි ‘‘සෙනාරිය’‘ අනුව ජාතික බලවේගවලට සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාවාදීම්වලට එරෙහිව බහුතර සිංහල බෞද්ධ බලවේග පෙළගැස්විය හැකි බවට න්‍යායාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කළ හැක. නමුත් ප‍්‍රායෝගිකව ගත්විට සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සෙසු ප‍්‍රතිගාමී මෙන්ම යම් ප‍්‍රගතිශිලී බලවේග වල සහාය ලබා ගනිමින් අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය කෙටි කලකින් අවසන් කිරීමේ හැකියාව තිබෙන බව තේරුම් ගැනීම අපහසු නැත.

ඒ අනුව පහත සඳහන් හේතු මත ඔබතුමාගේ ජයග‍්‍රහණය පිළිබඳව අප සතුටු වන අතර ඔබ වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම ඉටු කිරීම සඳහා ඔබට ඡුන්දය ලබා දුන් ජනතාවගේ මතයට ගරු කරන බවද ඔවුන්ගේ සැබෑ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව ඔබතුමාට ඉතා  ඕනෑකමින් දන්වා සිටිමි.

1) එදා 2002 දී රනිල් වික‍්‍රසිංහ මහතා අගමැතිවරයා ලෙස සටන් විරාම ගිවිසුමට මුවාවී ජාත්‍යන්තර ගිවිසුමක් මගින් බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් නමින් ඊළාම් රාජ්‍යයේ පූර්ව බල ඒකකය පිහිටුවීමට ක‍්‍රියා කළ අවස්ථාවේදී ඔබතුමා, සෝමවංශ අමරසිංහ මහතා සහ විමල් වීරවංශ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මහත් කැපවීමකින් කටයුතු කර එම දුෂ්ඨ පාවාදීමේ උත්සාහය පරාජය කිරීම. (නෝර්වේ රාජ්‍ය විසින් සූඩානය බෙදා වෙන්කර එම ජනතාව මරා ගැනීමට සැලැස්වීම සඳහා යොදාගත් සැලසුම සහ ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සඳහා යොදා ගත් සැලසුම සෑම අතින්ම සමාන වුවද එකම වෙනස වූයේ ජනතා විමුක්ති පෙරමුණ මෙන් බෙදුම්වාදී විරෝධී ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් සුඩානයේ ක‍්‍රියාත්මක නොවීමය.)

2) අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට එරෙහිව ක‍්‍රියාත්මකවීමේ දී එදා ජනතා විමුක්ති පෙරමුණ සුළුතරයේ ආසාධාරණ ඉල්ලීම් වලට වඩා බහුතරයේ සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජාතික බලවේග සමග සන්ධාන ගතවීම සහ ඒ මගින් රට තුළ බෙදුම්වාදී විරෝධී මතවාදය තහවුරු කිරීම.

3) ඊට පෙර ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව 1987 දී ජීවිත පරිත්‍යාගයෙන් මහා වන්දියක් ගෙවීම මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීම වැළැක්වීම නිසා අද වනතුරු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට කිසිදු පාලකයෙකුට ධෛර්යක් නොමැතිවීම සහ එම ගෞරවය ඔබගේ පුරෝගාමී නායකයන්ට හිමිවීම. (එම පරිත්‍යාගයේ තරම අනුව ජාතික ජන බලවේගය නමින් අද එකතු වී සිටින එදා ඔබගේ පුරෝගාමී නායකයින්ගේ න්‍යායාත්මක ඉගැන්වීම් වලට විරුද්ධ මත දරන පිරිස් වල බලපෑම්වලට යටත් වීම සඳහා ඔබතුමාට ලැබෙන හෘද සාක්ෂියේ අවකාශය සීමා සහිතවීම)

4) ජනතා විමුක්ති පෙරමුණ යනු සංවිධානයක්, පක්ෂයක් හෝ යම් නායකයන්ගේ ප‍්‍රතිරූප අභිබවා යන සමාජ මනෝභාවයක් වන බැවින් සහ එම සමාජ මනෝභාවය අප රටේ සභ්‍යත්වයේම දිගුවක් වන බැවින් ඔබට ඡුන්දය ලබා දුන් අති බහුතරය එම මනෝභාවයට ගරු කිරීම නිසා ඔබතුමාට මනාපය පළ කරන බව පැහැදිලිව දැක ගත හැකි වීම. එම සමාජ මනෝභාවය පදනම් වන්නේ අප රටේ ඓතිහාසික සභ්‍යත්වය, විශේෂයෙන්ම බුද්ධ වචනය මතය. එනම් අධර්මයෙන් ජීවත්වීම සහ ධර්මයෙන් මරණයට මුහුණ දීම යන විකල්ප අතරින් ‘‘ධර්මයෙන් වන මරණය උතුම්වේ’’ යන බුද්ධ වචනය මතය. (එම නිසා ඔබට හෝ ජනතා විමුකිත් පෙරමුණ නැමති දේශපාලන ව්‍යාපාරයට අප රටේ ඓතිහාසික සභ්‍යත්වයට එරෙහිව කටයුතු කිරීමේ ඉඩක් නැත.)

 5) ඔබට ඡුන්දය ප‍්‍රකාශ කළ සමාජ ස්ථරයන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන ආකාරයට ඔබගේ ජනවරම නිර්මාණය කරනු ලබන්නේ බලවේග රාශියක එකතුවක් මගිනි. එනම් ජවිපෙ අතීත උරුමයට එනම් ඉහත සඳහන් කළ සමාජ මනෝභාවය සමඟ ඥාන්තීත්වය සහිත පිරිස්, බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම සඳහා ජීවිත සහ අතපය දන් දුන් මිනිසුන්ගේ ඥාති පරම්පරාවන්, හොරකම, දූෂණය, වංචාවට එරෙහිවන සහ මහා සමාජ පරිවර්තනයක අපේක්ෂාවන් සහිත තරුණ පරපුර, සමාජවාදී සිහින දකින අහිංසක වැඩිහිටියන් ආදී වශයෙන් එම ජන්ද පදනම බහු පාර්ශවීය වීම.

ඒ අනුව කෙටි කාලීනව ඔබට චතුර්විධ අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව අපගේ පිළිගැනීම වේ.

1) රුසියාවට එරෙහිව යුක්රේන යුද්ධය සහ චීනයට එරෙහිව දකුණු චීන මුහුදේ ආරම්භ කිරීමට නියමිත යුද්ධය මෙන්ම ඇමරිකානු ගෝලීය ආර්ථික සහ මූල්‍යමය බිඳවැටීම තුළ ඉන්දු - ශ‍්‍රී ලංකා ආර්ථික ඒකාබද්ධ කරන උපාංග වලට සහ එට්කා ගිවිසුමට එකඟ වීම සඳහා මෙන්ම ඇමරිකානු සෝෆා විසුමට එකඟතාවය ලබා ගැනීම සඳහා ප‍්‍රබල බලපෑමක් එල්ල වීම.

2) පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා කෙටිකාලීන විසඳුම් නොමැති වීම සහ ගොඩනැගී ඇති ඉහළ මහජන අපේක්ෂා ඉටු කිරීම සඳහා පවතින දුෂ්කරතාවය. විශේෂයෙන්ම ඉතා ඉහළ මහජන අපේක්ෂා ගොඩනැගී ඇති තත්වයක් තුළ අපේක්ෂා භංගත්වය නිසා ඇති වන මහජන අසහනය ද වැඩිවේ. (එම මහජන අපේක්ෂා ඉටු කිරීම සඳහා බරපතළ උපායමාර්ගික හැරවුමක් අවශ්‍ය වුවද ඔබ විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ හෝ ඔබගේ ජාතිය ඇමතීමේ කතාව තුළ එවැනි ප‍්‍රවේශයක් හඳුනාගත නොහැක.)

3) ජනතා විමුක්ති පෙරමුණ විසින් ඓතිහාසිකව ඉටුකළ භූමිකාව සහ ඉහත සඳහන් සමාජ මනෝභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති පිරිස් වලට ජාතික ජන බලවේගයේ නායකත්ව භූමිකාවන් හිමිවීම තුළ අතීත උරුමය සහ වර්තමාන බලවේග අතර ගැටුම සමනය කිරීම හෙවත් අතීත උරුමය ආරක්ෂා කිරීම සහ ඊනියා නව පැරෂූට් නායකයින් මෙල්ල කිරීම.

4) ඔබතුමාට ඡුන්දය ලබාදී ඇති ජනතාව පැතිරී ඇති ආකාරය සිතියම් ගත කිරීමේදී අධිරාජ්‍යවාදී බලවේග, විශේෂයෙන්ම ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන ඡුන්ද ලක්ෂ 10-15ත් අතර ප‍්‍රමාණයක්

ලැබී ඇත්තේ ඔබට නොව වෙනත් පාර්ශ්වයකට බව පැහැදිලිව පෙනී යයි. එසේ ඔබට ලබාදෙන බවට ව්‍යාජ ලෙස පොරොන්දු වී එහෙත් ඔවුන්ගේ ඡුන්ද පොදිය ඔබට වඩා බෙදුම්වාදී, ජාතිවාදී සහ අගමික අන්තවාදී ඉල්ලීම්වලට සංවේදී අපේක්ෂකයෙකුට ලබාදී ඇති තත්වයක් යටතේ එම බලවේගවල අපේක්ෂා සහ ඔබට සැබෑ ලෙසම ඡුන්දය ලබාදුන් රටේ බහුතර ජනතාවගේ අපේක්ෂා අතර ගැටුම කළමනාකරණය කිරීම.

ඔබතුමාගේ නායකත්වය ප‍්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩනගා ඇති අතීත උරුමය සහ ජාතික බලවේගවල අපේක්ෂා අතර ගැටුමක් නැත. නමුත් ජාතික ජන බලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයට වෙනත් කඳවුරු වලින් සම්බන්ධ වී හෝ සම්බන්ධ කර ඇති පුද්ගලයින් සහ ජාතික බලවේග අතර මතවාදී ගැටුම් පැවතිය හැක. එහෙත් ඓතිහාසික ජාතික ව්‍යාපාරයක් ලෙස අප ඔබට ඡන්දය ලබා දුන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ගරු කරන අතර ඔවුන්ගේ යුක්ති සහගත අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටින බවට නැවත වතාවක් ඔබට සහතිකයක් ලබාදීමට කැමැත්තෙමු.

ඒ නිසා විවිධ බලපෑම් හේතුවෙන් සකස් කරන ලද බව පෙනෙන ඉතා කුඩා පිරිසක් විසින් පරිහරණය කරන ලිඛිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක කුමන වචන හරඹයක් සඳහන් වුවද ඒවා විග‍්‍රහ කර ගත යුත්තේ ඔබතුමාගේ පක්ෂයේ ඓතිහාසික උරුමයට සහ මහජන අපේක්ෂාවලට සාපේක්ෂව බවද අපි කල්පනා කරමු. එම නිසා ඔබට කොන්දේසි පැනවීමට අප කල්පනා නොකරන බව සඳහන් කරමින් රට තුළ ආර්ථික සහ දේශපාලන අර්බුදය උස්සන්න කිරීමට හේතු වූ සහ අනාගතයේ සමස්ත රාජ්‍ය සහ සමාජය බිඳවැටීම වැළැක්වීම සඳහා පහත සඳහන් පොදු මහජන අපේක්ෂා සැලකිල්ලට ගන්නා ලෙස ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමි.

 1) බෙදුම්වාදයට ගොදුරුවන වර්තමාන පළාත් සභා ව්‍යුහය වෙනුවට ප‍්‍රාදේශීය මට්ටමට උපරිම වශයෙන් පරිපාලන බලතල විමධ්‍යගත කෙරෙන පළාත් හෝ දිස්ත‍්‍රික් සංවර්ධන සභා ව්‍යුහයක් හඳුන්වාදීම සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජන කොටස්වලට මනුෂ්‍යයන් ලෙස  සමානව සැලකීම සහතික කරන අයිතිවාසිකම් කොමිසමක් හඳුන්වාදීම මෙන්ම පාලකයින්ගේ අත්තනෝමතික තීන්දු පාලනය කළ හැකි ප‍්‍රතිපාදන සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් වෙනත් ජනාධිපතිවරු අට දෙනෙකු විසින් ධෛර්යමත් නොවූ ආකාරය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක නොකිරීම සහ ඊට අදාලව පැහැදිළි ප‍්‍රතිඥාවක් ඡන්දදායකයන්ට ලබාදීම.

2) සත්‍ය සෙවීමේ නාමයෙන් බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ සලසන සත්‍ය සෙවීම සහ ප‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීමට අදාල නීතිය සම්මත නොකිරීම සහ ඒ වෙනුවට දැනටමත් දන්නා සත්‍ය නැවත සොයා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීම. ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව විවිධ ජාත්‍යන්තර ආයතන සහ බලවේග විසින් එල්ල කරනු ලබන යුද අපරාධ චෝදනා නිශේධනය කිරීම සඳහා ස්වභාවික යුක්තිය නාමයෙන් ප‍්‍රති උත්තර බැදීම.

3) 2017 විදේශ විනිමය පනත සහ 2023 මහා බැංකු පනත අහෝසිකර පූර්වගාමීව පැවැති නීති අත්‍යවශ්‍ය සංශෝධන සහිතව නැවත බලාත්මක කිරීම මගින් විදේශ විනිමය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදයට ප‍්‍රතිඵලදායක විසඳුම් ඉදිරිපත් කිරීම සදහා පදනම දැමීම.

4) බලශක්ති පද්ධති ඒකාබද්ධකරණය ඇතුළු ආර්ථික ඒකාබද්ධකරන උපාංග වලට එකඟ වීම මගින් සහ එට්කා ගිවිසුම අත්සන් කිරීම මගින් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරීමේ ඓතිහාසික වරද සිදු නොකිරීම.

5) සෝෆා ගිවිසුමට එකඟතාවය පළ කිරීම මගින් ශ‍්‍රී ලංකාව නමැති ස්වාධීන රාජ්‍ය ඇමරිකානු හමුදාවන්ට සේවා සපයන දූපතක් බවට පත් කිරීමේ මහා පාවාදීමට ඉඩ නොතැබීම.

6) ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත නැමැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට ආර්ථිකය අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීම සඳහා සම්මත කළ පනත් ත‍්‍රිත්වය අහෝසිකර පාර්ලිමේන්තුව සතු නීති හැදිමේ බලය සහ මුදල් බලය ආරක්ෂා කිරීම.

7) ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර

ගිවිසුම් වලට අදාළ මහජන වගවීම සහතික කිරීමට අදාළව ( ඕස්ටේලියානු ආදර්ශය අනුව සහ 1971 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2832 යෝජනාව අනුව ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීම සඳහා වන ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ වගකීම නීතිගත කිරීමට අදාලව නව නීතියක් සම්මත කිරීම.

8) උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන විකුණා දැමීම මගින් රාජ්‍යය පාරාධීනත්වයට නතු කිරීම වැළැක්වීම සඳහා සිංගප්පූරු ආදර්ශය අනුව රාජ්‍ය ඒකාබද්ධ සමාගමක් සහ ස්වෛරී අරමුදලක් පිහිටුවීම.

9) අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීම මත ඉතා සැළසුම් සහගතව දියත්වන සමාජය දෘෂ්ඨිමය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම මෙන්ම පවුල සහ සංඝ සමාජය යන ඓතිහාසික සමාජ සංස්ථා බිඳවැට්ටවීම සහ සමාජය ප‍්‍රචණ්ඩකරණය කිරීම යන චතු’ර්විද උපායමාර්ගික ප‍්‍රවේශය තවදුරටත් දිරි ගැන්වෙන ආකාරයට සමලිංගික චර්යාවන් අතිශෝක්තියෙන් ප‍්‍රචලිත කිරීම සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ආදී අප රටේ ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි ක‍්‍රියාමාර්ගවලට ගොදුරු නොවීම.

10) දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවැට්ටවීමට සහ රටේ ආර්ථිකය පරාධීනත්වයට නතු කිරීමට හේතු  වී ඇති වෙළඳාම ප‍්‍රචලිත කිරීම සහ පාරිභෝගිකයාට සහන ලබාදීම නාමයෙන් පවත්වාගෙන යන කූඨ ලෙස ආනයන ප‍්‍රචලිත කිරීමේ ක‍්‍රියාවලිය හරහා සමස්ත රටේ ආර්ථිකය ජාවාරම්කාර ආනයනකාර අතලොස්සක් විසින් හැසිරවීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කණපිට හරවන දැඩි ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් නීතිගත කිරීමෙන් තොරව හුදු පැළැස්තර ඇලවීම මගින් දේශිය කර්මාන්තකරුවා සහ ගොවියා ආරක්ෂා කළ නොහැකි බව පිළිගැනීම.

මෙම මූලික කරුණු වලට අමතරව ඔබගේ ආණ්ඩුව විසින් සැලකිල්ල යොමුකළ යුතු ජාතික සංවිධාන විසින් සකස් කළ හැට වැදෑරුම් සමාජ සම්මුතියේ පිටපතක් ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරමි.

අවසාන වශයෙන්, සංස්කෘති ස`ගරාවට දස වසරක් පිරීම නිමිත්තෙන් 1962 දී පළකරනු ලැබූ විශේෂ කලාපයට ‘‘මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි පරපුරයි’’ යන ශිර්ෂය යටතේ මා විසින් සැපයූ ලිපියක මා සඳහන් කළේ ප‍්‍රභූ පැළැන්තිය සතු රාජ්‍ය පාලන බලය ග‍්‍රාමීය උගත් නිර්ප‍්‍රභූ තරුණයින් විසින් අත්පත් කර ගත යුතු බවය. එම අනාවැකිය සහ අපේක්ෂාව සඵලවීම පිළිබඳව මාගේ පුද්ගලික සතුට ප‍්‍රකාශ කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. එසේම එම සතුට කොපමණ කාලයක් පවතිනවාද යන්න තීරණය වනු ඇත්තේ ඔබතුමාට ඡුන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂා පිළිබඳව ඔබතුමා සංවේදී වන ප‍්‍රමාණය මත බවද දනිමි. කෙසේ වෙතත් ඔබතුමා වටා සිටින යම් ඊනියා නිරාගමික සංකල්ප පතුරවන අඳබාලයින් විසින් පනවනු ලබන මානසික බාධක නොසලකා දිවුරුම් දීමෙන් පසුව දළදා වහන්සේ වැ`දපුදා ගැනීමට තීරණය කිරීම තුළින් ඔබතුමා බලයට  පත්කළ බහුතර ජනතාවගේ හදගැස්ම පිළිබඳ ඔබතුමාට අවබෝධයක් තිබෙන බව පෙන්වීම ඉතා ධනාත්මක ප‍්‍රවනතාවයක් ලෙස සඳහන් කරමි.

මේ, වගට
ආචාර්ය ගුණදාස අමරසේකර, 
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව 

සම්බන්ධිත පුවත් | Related News

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.
කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.
ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.