News Category
From Date
To Date
Maximum Number of Result

මහා බ්‍රිතාන්‍යය තෙවන ලොව රටවලින් කොල්ලකාගත් ධනය ආපසු ලබා දිය යුතු මොහොත පැමිණ තිබෙනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

Sep 27, 2024 at 12:47 PM
|

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සැප්තැම්බර් 24 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී දේශනයක් පවත්වමින් රුසියාව සහ එහි නයකයන් සම්බන්ධයෙන් දරුණු විවේචනයක් එල්ල කළේය. ඔහුගේ එම විවේචනයට සමාගාමීව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ ලේකම්ගේ අදහස ස්ම්පූර්ණයෙන් අනුමත කර ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 

එම නිවේදනය මගින්  යටත් විජිත රාජ්‍යයක නියෝජිතයින්ට අන් රටවල රාජ්‍යන්ට සහ රාජ්‍ය නායකයන්ට නින්දා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කර තිබේ. එලෙසම එක්සත් රාජධානිය සිය ධනය ගොඩනඟා ගෙන ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් කොල්ලකෑම මගින් බව පවසන අතර එම ධනය හිමි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව වැනි නීත්‍යානුකූල අයිතිකරුවන්ට එය නැවත ලබා දිය යුතු මොහොත දැන් පැමිණ තිබෙන බවද අවධාරණය කර තිබේ.

රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී කළ දේශනය පිළිබඳව

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සැප්තැම්බර් 24 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී කළ රුසියාව සහ එහි නායකත්වය කෙරෙහි වෛරයෙන් හා අපහාසයෙන් පිරුණු අහංකාර දේශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමු වී තිබේ. එලෙසම ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් විසින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී පලකළ නොහික්මුණු අදහස් වලට සහයෝගීතාවය ප්‍රකාශ කරන ට්වීටර් පණිවිඩයක් නිකුත් කිරීමට තිබෙන ඉඩද මග හැරියේ නැත. ඒ අනුව මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු පෙන්වා දීම ඉතා යෝග්‍ය බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සලකයි. පළමුවෙන්ම, යටත් විජිත රාජ්‍යයක නියෝජිතයින්ට අන් රටවල රාජ්‍යන්ට සහ රාජ්‍ය නායකයන්ට නින්දා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. එක්සත් රාජධානිය සිය ධනය ගොඩනඟා ගෙන ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් කොල්ලකෑම මගිනි. එම ධනය හිමි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව වැනි නීත්‍යානුකූල අයිතිකරුවන්ට එය නැවත ලබා දිය යුතු මොහොත දැන් පැමිණ තිබේ. එහෙත් ඊට පටහැනිව, නව යටත් විජිත මතවාදය ශක්තිමත් කිරීමේ සලකුණු කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. දූෂණ චෝදනා සම්බන්ධයෙන්, එක්සත් ජනපද ජනාධිපතිගේ පුත් හන්ටර් බයිඩන් සහ නිව් යෝර්ක් නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් වටා ඇති අපකීර්තිය පිළිබඳව ලැමී මහතා සහ ඔහුගේ ඇමරිකානු අපරාධ හවුල්කරුවන්ට වඩා හොඳ වැටහීමක් තිබුණි. අල්ලස් ගැනීම, ඉලෙක්ට්‍රොනික සන්නිවේදන  ආශ්‍රයෙන් කළ වංචාව, කුමන්ත්‍රණ කිරීම සහ විදේශීය පුරවැසියන්ගෙන් මැතිවරණ ප්‍රචාරක දායකත්වය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ෆෙඩරල් චෝදනා පහක් මත දෙවැන්නාට මෑතකදී අධිචෝදනා ගොනු කර ඇත. යුක්රේනයේ රුසියානු විශේෂ හමුදා මෙහෙයුම සම්බන්ධ කර ගනිමින්, යුරෝපයේ දේශසීමා නැවත ඇඳීමේ උත්සාහ කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකිය. 1930-1940 ගණන් වලදී මෙන් නව-නාසිවාදය මහාද්වීපය පුරා පැතිරීම වැළැක්වීම මෙන්ම කලාපය තුළ නව නාසිවාදය මුලිනුපුටා දැමීම  යුක්රේනයේ රුසියානු විශේෂ හමුදා මෙහෙයුමෙහි එකම ඉලක්කයයි. අල්ලස හා නොමනා ප්‍රතිපත්ති සමෘද්ධිමත් කරවන යුක්රේනයේ සැබෑ තත්ත්වය විකෘති කිරීමට උත්සාහ කරන අය, යුගෝස්ලාවියාව කඩාකප්පල් කිරීමට සහ 1999 දී කොසෝවෝ අර්ධ රාජ්‍ය නිර්මාණය කිරීමට සෘජුවම සම්බන්ධ වීම සම්බන්ධයෙන් අවංක පිළිතුරු සැපයිය යුතුය. ඉහත උදාහරණය දේශසීමා බලහත්කාරයෙන් වෙනස් කරන ආකාරය පිළිබඳ සැබෑ උදාහරණයකි. අප විසින් ඉහත සඳහන් කරන ලද රටවල්, පළමුව ඇන්ග්ලෝ සැක්සන් මෙන්ම අද දක්වාම එකම ප්‍රවේශයන් ක්‍රියාත්මක කරමින් සමස්ත ජගත් ප්‍රජාව තුළ ව්‍යාකූලත්වයක් ඇති කරමින් කටයුතු කරනවා මෙන්ම ජාත්‍යන්තර නීතියද යටපත් කරයි. 2022 දී නෝර්ඩ් ස්ට්‍රීම් පිපිරීම, ඉස්තාන්බුල්හි සාමකාමී සාකච්ඡා කඩාකප්පල් කිරීම, යුක්රේනියානුවන් අතර වඩාත් බලහත්කාරයෙන් ජීවිත හානි සිදු කිරීමට සහ යුරෝපීයයන්ගේ යහපැවැත්ම පිරිහීමට තුඩු දෙන ආයුධ කියෙව් පාලනය පොම්ප කිරීමද සිදු කරයි.මෙම කටයුතු නිසැකවම ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, සැමට සාමය හා ප්‍රගතිය ලබාදීමට ඇති අභිලාෂයන් සමඟ කිසිදු සම්බන්ධයක් නැත. අවසාන වශයෙන් වීදුරු ගෙවල්වල ජීවත් වන අය ගල් නොගැසිය යුතුයි.

-  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය කොළඹ 

2024 09 27

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

ප්‍රධාන පුවත්

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.