
මහා බ්‍රිතාන්‍යය තෙවන ලොව රටවලින් කොල්ලකාගත් ධනය ආපසු ලබා දිය යුතු මොහොත පැමිණ තිබෙනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සැප්තැම්බර් 24 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී දේශනයක් පවත්වමින් රුසියාව සහ එහි නයකයන් සම්බන්ධයෙන් දරුණු විවේචනයක් එල්ල කළේය. ඔහුගේ එම විවේචනයට සමාගාමීව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ ලේකම්ගේ අදහස ස්ම්පූර්ණයෙන් අනුමත කර ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් යටත් විජිත රාජ්‍යයක නියෝජිතයින්ට අන් රටවල රාජ්‍යන්ට සහ රාජ්‍ය නායකයන්ට නින්දා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කර තිබේ. එලෙසම එක්සත් රාජධානිය සිය ධනය ගොඩනඟා ගෙන ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් කොල්ලකෑම මගින් බව පවසන අතර එම ධනය හිමි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව වැනි නීත්‍යානුකූල අයිතිකරුවන්ට එය නැවත ලබා දිය යුතු මොහොත දැන් පැමිණ තිබෙන බවද අවධාරණය කර තිබේ.
රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී කළ දේශනය පිළිබඳව
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සැප්තැම්බර් 24 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී කළ රුසියාව සහ එහි නායකත්වය කෙරෙහි වෛරයෙන් හා අපහාසයෙන් පිරුණු අහංකාර දේශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමු වී තිබේ. එලෙසම ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් විසින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී පලකළ නොහික්මුණු අදහස් වලට සහයෝගීතාවය ප්‍රකාශ කරන ට්වීටර් පණිවිඩයක් නිකුත් කිරීමට තිබෙන ඉඩද මග හැරියේ නැත. ඒ අනුව මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු පෙන්වා දීම ඉතා යෝග්‍ය බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සලකයි. පළමුවෙන්ම, යටත් විජිත රාජ්‍යයක නියෝජිතයින්ට අන් රටවල රාජ්‍යන්ට සහ රාජ්‍ය නායකයන්ට නින්දා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. එක්සත් රාජධානිය සිය ධනය ගොඩනඟා ගෙන ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් කොල්ලකෑම මගිනි. එම ධනය හිමි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව වැනි නීත්‍යානුකූල අයිතිකරුවන්ට එය නැවත ලබා දිය යුතු මොහොත දැන් පැමිණ තිබේ. එහෙත් ඊට පටහැනිව, නව යටත් විජිත මතවාදය ශක්තිමත් කිරීමේ සලකුණු කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. දූෂණ චෝදනා සම්බන්ධයෙන්, එක්සත් ජනපද ජනාධිපතිගේ පුත් හන්ටර් බයිඩන් සහ නිව් යෝර්ක් නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් වටා ඇති අපකීර්තිය පිළිබඳව ලැමී මහතා සහ ඔහුගේ ඇමරිකානු අපරාධ හවුල්කරුවන්ට වඩා හොඳ වැටහීමක් තිබුණි. අල්ලස් ගැනීම, ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ආශ්‍රයෙන් කළ වංචාව, කුමන්ත්‍රණ කිරීම සහ විදේශීය පුරවැසියන්ගෙන් මැතිවරණ ප්‍රචාරක දායකත්වය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ෆෙඩරල් චෝදනා පහක් මත දෙවැන්නාට මෑතකදී අධිචෝදනා ගොනු කර ඇත. යුක්රේනයේ රුසියානු විශේෂ හමුදා මෙහෙයුම සම්බන්ධ කර ගනිමින්, යුරෝපයේ දේශසීමා නැවත ඇඳීමේ උත්සාහ කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකිය. 1930-1940 ගණන් වලදී මෙන් නව-නාසිවාදය මහාද්වීපය පුරා පැතිරීම වැළැක්වීම මෙන්ම කලාපය තුළ නව නාසිවාදය මුලිනුපුටා දැමීම යුක්රේනයේ රුසියානු විශේෂ හමුදා මෙහෙයුමෙහි එකම ඉලක්කයයි. අල්ලස හා නොමනා ප්‍රතිපත්ති සමෘද්ධිමත් කරවන යුක්රේනයේ සැබෑ තත්ත්වය විකෘති කිරීමට උත්සාහ කරන අය, යුගෝස්ලාවියාව කඩාකප්පල් කිරීමට සහ 1999 දී කොසෝවෝ අර්ධ රාජ්‍ය නිර්මාණය කිරීමට සෘජුවම සම්බන්ධ වීම සම්බන්ධයෙන් අවංක පිළිතුරු සැපයිය යුතුය. ඉහත උදාහරණය දේශසීමා බලහත්කාරයෙන් වෙනස් කරන ආකාරය පිළිබඳ සැබෑ උදාහරණයකි. අප විසින් ඉහත සඳහන් කරන ලද රටවල්, පළමුව ඇන්ග්ලෝ සැක්සන් මෙන්ම අද දක්වාම එකම ප්‍රවේශයන් ක්‍රියාත්මක කරමින් සමස්ත ජගත් ප්‍රජාව තුළ ව්‍යාකූලත්වයක් ඇති කරමින් කටයුතු කරනවා මෙන්ම ජාත්‍යන්තර නීතියද යටපත් කරයි. 2022 දී නෝර්ඩ් ස්ට්‍රීම් පිපිරීම, ඉස්තාන්බුල්හි සාමකාමී සාකච්ඡා කඩාකප්පල් කිරීම, යුක්රේනියානුවන් අතර වඩාත් බලහත්කාරයෙන් ජීවිත හානි සිදු කිරීමට සහ යුරෝපීයයන්ගේ යහපැවැත්ම පිරිහීමට තුඩු දෙන ආයුධ කියෙව් පාලනය පොම්ප කිරීමද සිදු කරයි.මෙම කටයුතු නිසැකවම ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, සැමට සාමය හා ප්‍රගතිය ලබාදීමට ඇති අභිලාෂයන් සමඟ කිසිදු සම්බන්ධයක් නැත. අවසාන වශයෙන් වීදුරු ගෙවල්වල ජීවත් වන අය ගල් නොගැසිය යුතුයි.
- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය කොළඹ
2024 09 27
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
