ඩොලර් බිලියන 56ක් මෙරට ව්‍යාපාරිකයන් විදේශ රටවල තැම්පත් කරලා - විජේදාස රාජපක්ෂ හෙළිකරයි
මෙරට ව්‍යාපාරිකයන් පසුගිය වසර 12 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56.5 ක් විදේශිය රටවල්වල තැන්පත් කර ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අද (31) අධිකරණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
එම මුදල් ඒ ව්‍යාපාරිකයන් වංචනිකව උපයන ලද මුදල් නොවන බවත් එම මුදල් රටට ගෙන ඒම සිදු නොකල නිසා ආර්ථිකය කඩා වැටුණු බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේය.
අපේ රටේ මුදල් විදේශිය රටවල තැන්පත් කළ ව්‍යාපාරිකයන් අද වනවිට වෙනත් රටවල ව්‍යාපාර ආරම්භ කර ඇති බවත් එම මුදල් ආණ්ඩුවට අයිති මුදල් බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
2006 වසරේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීමෙන් පසුව මෙම තත්වය ඇති වුණ බවත් එදා ඔහු පත් කරන අවස්ථාවේ තමන් ඊට විරුද්ධ වුණ බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේය.
රාජ්‍ය බැංකු කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට එම සිද්ධිය එක කරුණක් බවට පත්වූ බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එසේම ජල ශාස්ත්‍රීය ක්‍රමයට මුහුද මැන විද්‍යාත්මකව සිතියම්ගත නොකිරීම නිසා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ අප රටට අහිමි වී ඇති බවත් එය අද පවතින විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 65 ක් පමණ වන බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ(31) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
නාරා ආයතනයට 1981 වසරේදී මුහුද සිතියම්ගත කිරීම සඳහා බලය නාරා ආයතනය ලබා දී ඇතත් එය සිදු කිරීමට හැකියාවක් හෝ උනන්දුවක් එම ආයතනයට තිබී නැතැයි විජේදාස රාජපක්ෂ මහතා එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.වසර 32 කාලයක් මෙම වගකීම නිවැරදිව ඉටු කිරීමට නාරා ආයතනය අපොහොසත් වී ඇතත් එය වෙනත් ආයතනයකට පැවරීමට කිසිවෙකු උනන්දුවක් වී නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.නාවික හමුදාවේ මේ පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන 37 දෙනෙකු සිටියත් ඔවුන්ගේ සේවයද ලබා ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..