News Category
From Date
To Date
Maximum Number of Result

සටන අනුර සහ සජිත් අතර රනිල් පිටියෙන් ඉවතට

Sep 22, 2024 at 03:02 PM
|


2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ප්‍රතිශතයක් හිමිවී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය.

ඒ අනුව, ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් වන අනුර කුමාර දිසානායකට සහ සජිත් ප්‍රේමදාසට හිමිව ඇති දෙවන මනාප ගණනය කරන බව ඔහු සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මේ අනුව, රනිල් වික්‍රමසිංහ ඇතුළු සෙසු අපේක්ෂකයින් තරගයෙන් ඉවත් කළ බව ය.

වසර 42ක ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහජන ඡන්දයකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමට නොහැකිව වැඩි ම වාර ගණනක් පරාජයට පත්වූ එක ම ප්‍රධාන අපේක්ෂකයා බවට රනිල් වික්‍රමසිංහ ඉතිහාස ගත විය.

ජනාධිපතිවරණ තුනකදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඔහුට අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් වීමට හැකි වූයේ, ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් වූ රාජපක්ෂවරුන් මෙහෙයවූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙනි.

ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය 2020 වසරේදී පැවති අවසන් මහ මැතිවරණයේදී පරාජයට පත්වූ අතර, දේශපාලනිකව සෝදාපාළුවකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඔහු යළිත් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වීමට අවස්ථාව අහිමි වූ රනිල් වික්‍රමසිංහ 6 වරක් දෙවන පුරවැසියා, එසේත් නොමැති නම්, අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර 6 වරක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේ ය.

1977 එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස වයස අවුරුදු 28 දී ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ සහ ප්‍රේමදාස රජය යටතේ ඔහු අමාත්‍ය ධූර කිහිපයක් දැරූ අතර, ඔහු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ගෙන ආ “අධ්‍යාපන ධවල පත්‍රිකාව” රට තුළ දැඩි විවාදයකට ලක් විය.

ඔහු පළමු වරට අගමැති ධූරයට පත්වූයේ, 1993 වසරේදී ය. ඉන්පසු ඔහු 2001දී, 2015දී දෙවතාවක්, 2018 සිදුවූ බල පෙරළියෙන් පසු නැවත වතාවක් සහ, 2022 අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්විය.

එපමණක් නොව, ඔහු 1994 සිට 2001 දක්වාත්, 2004 සිට 2015 දක්වාත් සය වතාවක් විපක්ෂ නායක ධූරයේ ද කටයුතු කර තිබේ.

1993 දී ආර්. ප්‍රේමදාස ඝාතනයෙන් පසු එවකට අගමැතිව සිටි ඩී.බී. විජේතුංග ශ්‍රී ලංකාවේ පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, රනිල් වික්‍රමසිංහ පළමු වරට අගමැති ධූරයේ දිවුරුම් දුන්නේ, ඉන් පුරප්පාඩු වූ අගමැති ධූරය වෙනුවෙනි.

ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේදී පක්ෂයෙන් වෙන්ව ගිය ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ නායකයන් නැවත හිටපු ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසුව නැවත පක්ෂයට සම්බන්ධ වූ නිසා 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කීරීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට අහිමි විය.

1994 ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපතිවරණයට පෙර මිය ගිය අතර, ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක එම ජනාධිපතිවරණයට තරග කළ ද එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යි.

ඒ අනුව, 1994 මහ මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ පළමු වරට විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේ ය.

1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය අහිමි වුව ද 1999 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කිරීඉමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට හිමි විය.

කෙසේ නමුත්, එම ජනාධිපතිවරණයේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ, 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

එම ජනාධිපතිවරණය ඔහුගේ ප්‍රතිවාදියා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රහණය කළ අතර, ඇය දෙවැනි වරටත් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නා ය.

එතෙක් මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අඩු ම ඡන්ද පරතරයකින් ජයග්‍රාහකයා තීරණය කළ ජනාධිපතිවරණය වූයේ, 2005 ජනාධිපතිවරණය යි.

එම ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස එවකට අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ පළමු වරට තරග කළ අතර, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූයේ, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යි.

1999 ජනාධිපතිවරණ පරාජයෙන් සහ 2004 මහ මැතිවරණ පරාජයෙන් පසුව එළැඹි ජනාධිපතිවරණයෙන් ද අවාසනාවන්ත ලෙස පරාජයට පත් වීමට රනිල් වික්‍රමසිංහට සිදු වූයේ ඉතාමත් අඩු ඡන්ද පරතරයකින් ය.

එම ඡන්දය මහින්ද රාජපක්ෂ විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ, ඡන්ද 180,786කිනි.

එම ජනාධිපතිවරණයේදී යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කළ ප්‍රතිශත ඉතා අඩු වූ අතර, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 701,938කින් ඡන්දය භාවිත කර තිබුණේ 1.2%ක ප්‍රතිශතයකි.

එය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ජයග්‍රහණය තීරණය කිරීමට බලපෑ බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස යි.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහට දෙවන වරටත් පරාජය හිමි වූයේ ජනපති සිහිනය පෙනි පෙනී තිබියදී ය. එතැන් පටන් ඔහු 2015 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ ය.

2005 ජනාධිපතිවරණයෙන් පසුව පැවති ජනාධිපතිවරණ තුනට ම එක්සත් ජාතික පක්ෂ නායකයා වුවත් රනිල් වික්‍රමසිංහ තරග කළේ නැත.

2010 සහ 2015 ජනාධිපතිවරණවලදී, ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ සමග තරග කිරීම සඳහා ඔහු වෙනත් දෙදෙනෙකු, එනම්, පිළිවෙළින් ජෙනරල් සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් හරහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේ ය.

2009 යුද්ධය අවසන් වීමේ උණුසුම මැකී යාමටත් ප්‍රථම සිය පළමු ධූර කාලය අවසන් වීමට පෙර මහින්ද රාජපක්ෂ කැඳවූ ජනාධිපතිවරණයේදී ඔහු සමඟ තරග කළේ යුද්ධය අවසන් වන විට යුද්ධ හමුදාපති ධූරයේ කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ය.

2015 ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ සමඟ තරග කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ අතර, ඔහු එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස වසර ගණනක් කටයුතු කළේ ය.

2019 දී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ යම් දෙගිඩියාවක් පෙනෙන්නට තිබූ අතර, එහිදී පළමු වරට තරග කළ සජිත් ප්‍රේමදාස අභිබවා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ ය.

2020 මහමැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ එක් අසුනක් පමණක් හිමිව ඉන් පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස 2022 දී දිවුරුම් දුන්නේ ය.

2022 ජුලි මාසයේදී, රට තුළ පැවති අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසු ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමකින් ඡන්ද 134ක් ලබා ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

මේ සඳහා ඔහුට ඡන්දය ලබා දුන් අතිබහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වීම විශේෂයකි.

මෙම කාලය තුළදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි අතර ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ බැඳුම්කර හිමියන්ගෙන් කොටසක් ද ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව පළ කර තිබේ.

– BBC

සම්බන්ධිත පුවත් | Related News

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.