
විදුලි සේවකයෝ හෙට කොළඹට... දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරයි
සියලු විදුලි සේවකයින් හෙට (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ, විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විරෝධතාව පවත්වන බවය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,
"ආණ්ඩුව සුදානම් වෙනවා ලංකා විදුලි බලමණ්ඩලය විදෙස් සමාගම් 14කට විකුණන්න. දැනට තොරතුරු ලැබිලා තියෙනවා අද කැබිනට් එකට දාලා අනුමාත කරගන්න යනවා කියලා. විදුලි බලමණ්ඩලය සතුව බෙදාහැරීමේ අන්ත තියෙනවා හතරක්. මේ හතරයි ලෙකෝ සමාගමේ සතු බෙදාහැරීම් පද්ධතියයි ඉන්දියානු ටාටා සමාගමට විකුණාන්න යනවා කියන තොරතුර අපට ලැබි තියෙනවා. සම්ප්‍රේෂණ අංශය අදාළ සමාගමට දෙන්න කටයුතු කරලා තියෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය චීන සමාගමට විකුණන්න සියලු කටයුතු සුදානම් කරලා තියෙනවා කියලා අපිට තොරතුරක් තියෙනවා. ඉතිරි සමාගම් හය ජල විදුලි බලාගාරයි, තාප බලාගාරයි වෙන් කරලා විකුණා දැමීමට කටයුතු කරමින් තිබෙනවා. බලාගාර වෙන වෙනම දෙන්න යනවා නොවැම්බර් 01 වෙනිදා කියලා කියන්නේ ලංකා විදුලි බලමණ්ඩලය ස්ථාපිත කරලා 54 වැනි සංවාස්සරය. එදිනට අපි සියලු සේවකයින්ට කොළඹට එන්න කියලා තියෙනවා. දිවයින පුරා බලාගාර කාර්යාල සියලුම සේවකයෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දහවල් 12 ආරම්භ කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
