ඡන්ද රාජකාරි නිසා පොලිසියට අධිකරණ කටයුතුවලට එන්න බැහැ
මෙවර ජනාධිපතිවරණය හා සම්බන්ධ රාජකාරි හේතුවෙන් අද (19 වැනිදා) සිට ලබන සඳුදා (23 වැනිදා) දක්වා අධිකරණයන්හි සාක්ෂි ලබාදීම හා අනෙකුත් කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට පැමිණීමට නොහැකි වන බව පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.
අදාළ කාලසීමාව තුළ ජනාධිපතිවරණ රාජකාරි හේතුවෙන් පොලිස් නිලධාරීන්ට පැමිණීමට අවස්ථාවක් නොමැති හෙයින් අධිකරණ නඩු කටයුතු ඉදිරි දින කිහිපයක් සඳහා කල් තැබීමට අවශ්‍ය කරන පරිදි විනිසුරුවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්ද කර තිබේ.
ප්‍රජා, පොලිස්, සංචාරක, ආයෝජන හා මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්. සංජීව සෝමරත්න වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම කර තිබේ.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන 13314 ක් හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49 කට ආසන්න සංඛ්‍යාවක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් අද සිට 22 වැනිදා දක්වා අනුයුක්ත කිරීමට නියමිතව ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර