විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව එම වැඩපිළිවෙළ සකස් කර ඇති අතර, මැතිවරණ කොමිෂන් සභාව ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ,ත්‍රිවිධ හමුදාව ,පොලීසිය ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකය හරහා එම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
යම් ආපදා තත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ශනික දුරකථන අංක 117 ඇමැතිය හැකිය.
එසේ නොවේනම් විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරියේ 0113668032,0113668087 හෝ 0113668025 අංක ඇමැතිය හැකිය.
මෙම විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරිය ලබන ඉරිදා (22) දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..