අපේ ආණ්ඩුව ආවම රටේ ආර්ථිකය ජනතාව විසින්ම හදා ගන්නවා.. අපිට ආයෙත් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ - හඳුන්නෙත්ති කියයි
මාලිමා ආණ්ඩුවක් යටතේ ආර්ථිකය හදන්නට පෙර පවතින දේශපාලනය වෙනස් කිරීම කළ යුතු බව හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඉත්තෑපානදී පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“කවුරුත් අහන්නේ අපි මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා. මේ රටේ ආර්ථිකය හදන වැඩේ අපි මුලින්ම පටන් ගන්නේ දේශපාලන ක්‍රමය නිවැරදිව හදලා. මේ පවතින දේශපාලන ක්‍රමවේදය තුළ මැති ඇමැතිවරුන්ට, ජනාධිපතිවරයාට විශාල මහජන මුදලක් වැය කරනවා. ඒ සියල්ල අඩු කරමින්, කපා හරිමින් ආණ්ඩුවේ වියදම අඩු කිරීම තමයි අපි මුලින්ම කරන්නේ. අපි එහෙම කරනකොට මේ රටේ ආර්ථිකය ජනතාව විසින්ම හදා ගන්නවා. අපට ආයෙත් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
රටේ ආදායම් උපදවන්නේ ජනතාව. ඒවා වියදම් කරන්නේ ආණ්ඩුව. ඒත් අද පවතින ක්‍රමය අනුව මැති ඇමැතිවරුන් සිතා සිටින්නේ හම්බ කරන්නේ තමන් බව. වැඩක් කළාම උත්සව තියන්නේ තමන්ගේ අතින් වියදම් වුණා වගේ.
පාලකයා, සේවකයා දෙන්නා මාරු වෙලා. පාලකයා විය යුත්තේ ජනතාව. පාලනය ක්‍රියාත්මක කරන සේවකයා දේශපාලකයා විය යුතුයි. ඒ අනුව මාලිමා රජයක් යටතේ පත්වන මන්ත්‍රීවරයා හෝ ඇමැතිවරයා හෝ පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩ කරන්නේ නැතිනම් ඔහු හෝ ඇය ආපසු කැඳවීමේ බලය ජනතාවට දෙනවා. ඒ නිසා අපි දෙන ප්‍රතිපත්ති ප්‍රකාශය බත් මුල් ඔතන්න ගන්නේ නැතිව ළඟ තියා ගන්න.
අද රටේ ජනතාවගේ ලයිට් බිල, වතුර බිල ගෙවා ගන්න බැරි වුණාම කපනවා. හැබැයි මන්ත්‍රීවරයාගේ ලයිට් බිල, වතුර බිල ලක්ෂ ගණන් ජනතා මුදලින් ගෙවනවා. මේවා සම්පූර්ණයෙන් අපි වෙනස් කරනවා. පාර්ලිමේන්තු යන වාරයක් වාරයක් පාසා පැමිණීමේ දීමනා, කමිටුවල වාඩිවන වාරයක් වාරයක් පාසා සහභාගි වීමේ දීමනා මන්ත්‍රීවරුන් ගන්නවා. පාර්ලිමේන්තු සහභාගි වීම මන්ත්‍රීවරයාගේ රාජකාරිය. එයට වැටුපක් ගෙවනවා. ජනතාව තමන්ගේ හම්බ කරන මුදලින් ලයිට් බිල්, වතුර බිල් ගෙවනවා වගේ, තමන්ගේ වාහනය හදා ගන්නවා වගේ, අනෙකුත් අවශ්‍යතාව සපුරා ගන්නවා වගේ මන්ත්‍රීවරයා තමන් ලබන වැටුපෙන් ඒ අවශ්‍යතා ඉටු කර ගත යුතුයි. ඒත් අද කරන්නේ ජනතාව මුදල් උපයා එම අවශ්‍යතා ඉටු කර දෙන ක්‍රමයක්.”
– ප්‍රේමතිලක පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..