සජිත් අන්තිම මොහොතේ දෙරණ 360ට පොල්ල තියලා
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ රාත්‍රියේ දෙරණ නාලිකාවේ 360 සජීව වැඩසටහනට සහභාගී වී නැති බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාසගේ තහවුරු කිරීම මත, දෙරණ රුපවාහිනිය විසින් සති එකහමාරක පමණ කාලයක් තිස්සේ 360 වැඩසටහනට ඔහු පැමිණෙන බවට පූර්ව ප්‍රචාරයන්ද සිදුකර තිබිණි.
කෙසේවෙතත් ඊයේ පෙරවරුවේ සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් දෙරණට ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත්තේ, සජිත් අදාළ වැඩසටහනට සහභාගී නොවන බැවින් පූර්ව ප්‍රචාරක පට ප්‍රචාරය නොකරන ලෙසයි.
මේ හේතුවෙන් 360 වැඩසටහන වෙනුවට දෙරණ රුපවාහිනිය විසින් ඊයේ රාත්‍රියේ වෙනත් දේශපාලන සංවාදයක් සංවිධානය කර තිබිණි.
ඊට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගෙන් සජිත් ප්‍රේමදාස සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව ප්‍රශ්න කෙරුණු අතර, මන්ත්‍රීවරයා එහිදී දැඩි අපහසුතාවට පත්වන ආකාරයක් දැකගත හැකිවිය.
මීට පෙර සිරස රුපවහිනියද සජිත් ප්‍රේමදාසට සජීව දේශපාලන සංවාදයකට ආරාධනා කර තිබුණද ඔහු එයද ප්‍රතික්ෂේප කර තිබූ අතර, සජිත් ප්‍රේමදාස මෑත කාලීනව සහභාගී වී ඇත්තේ හිරු රුපවාහිනියේ ප්‍රචාරය වූ, කළින් පටිගත කරන ලද බව පැවසෙන දේශපාලන සාකච්ඡාවකට පමණක් බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..