ආරක්ෂාවට පොලීසියේ හැට දහසක්... ඡන්දපළවලට, ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එස්.ටී.එෆ්. කැඳවයි... බුද්ධි අංශත් ඡන්ද වැඩට කැඳවයි
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් හැට දහසක් (60,000) යොදා ගැනීමට බලාපොරොත්තු වන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි.
මැතිවරණය පැවැත්වෙන දිනයේ ඇති විය හැකි අවශ්‍යතාවන් මත මෙම නිලධාරීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවද ඒ මහතා පවසයි.
එමෙන්ම මැතිවරණය පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආර්ථික මර්මස්ථානවලට ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට නියමිත බවද වියානි ගුණතිලක මහතා කියා සිටියි.
සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් යොදවන අතර කලබලකාරී සිද්ධීන් ඇති විය හැකි බවට සැකකරන මධ්‍යස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබාදීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර ඇත.
ඊට අමතරව ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට මෙන්ම මුර සංචාර, හදිසි සෝදිසි කිරීම් සඳහා ද විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර එම ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
මේ අතර, ජනාධිපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය බුද්ධි අංශ සහ පොලිස් – හමුදා බුද්ධි අංශ නිලධාරීන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සේවයට යොදවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
එම ප්‍රදේශවල පොලිස් ස්ථාන සහ හමුදාව මඟින් මෙම බුද්ධි අංශ ක්‍රියාත්මක කෙරෙන බවද මැතිවරණ සමයේ සැක සහිත වාහන සෝදිසි කිරීම් රට පුරාම සිදු කරන බවද පොලිසිය කියයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර