News Category
From Date
To Date
Maximum Number of Result

"ඒකීයභාවයේ කොඩිය - ජාතික සමගියේ කොඩිය" රැඳුණු එකම දේශපාලන කඳවුරෙහි අපේක්ෂකයා, දිලිත් ජයවීර දිනවීමට පෙරට එන්න! - දෑහිතකාමී, ප්‍රගතිශීලී සියලු බලවේග වෙතින් විමල් ඉල්ලයි

Sep 11, 2024 at 04:15 PM
|

බටහිර බලවතුන්ගේ සල්ලි පොම්ප කිරීම් හමුවේ "ඒකීයභාවයේ කොඩිය  සහ ජාතික සමගියේ කොඩිය" අතහැර ඇති දේශපාලන කඳවුරුවල රූකඩ අපේක්ෂකයන් වෙනුවට "ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය" රැඳුණු එකම දේශපාලන කඳවුර වන සර්වජන බලය දේශපාලන කඳවුරෙහි ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර  මහතා දිනවීමට පෙරට එන්නැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට ජාතිකවාදී, දේශමාමක, වාමවාදී, ප්‍රගතිශීලී සියලු බලවේග වෙතින් ඉල්ලා සිටියි.

ඊයේ(10) සවස කන්තලේ බස් නැවතුම්පොළ අසල දී පැවැති "එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්" යන සජ්ජන අරමුණ පෙරදැරි කර ගනිමින් "තරුව" ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජන රැලි මාලාවේ  කන්තලේ ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය. 

ඉහත ජන රැලිය අමතා, සර්වජන  ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ සේරුවිල ආසන සංවිධායක ඉන්ජිනේරු මහේෂ් චතුරංග යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

'පැත්ත මාරු නොකළ අපේ පැත්ත'

"ජනාධිපතිවරණ කාලයට දේශපාලනඥයන් පක්ෂ මාරු කිරීම හරියට වෙසක් කාලයට 'බකට් එල්ලනවා' වගේ. එක තොරණක හිටපු බකට් එක තවත් තොරණක ගිහින් එල්ලෙනවා. කවුරු පැත්ත මාරු කළත් අපි කිසිම විටක පැත්ත මාරු කළේ නැහැ. එදා ත්‍රස්තවාදී යුද්ධය පැවති වෙලාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සකල ජනීජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු පැත්ත, ජාතිකවාදයේ - දේශමාමකත්වයේ පැත්ත, මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කරන පැත්ත තමයි අපි ගනු ලැබූ පැත්ත. ඒ පැත්ත තමයි අදත් දිලිත් ජයවීරගේ, තරුව ලකුණේ මෙන්ම සර්වජන බලයේ පැත්ත වී ඇත්තේ.

අජිත් දොවාල් ආගමනයෙන් පසු...

දැන් බලන්න, 'ඩලස් බකට් එක', 'දයාසිරි බකට් එක' අද අනෙක් පැත්තේ 'බකට් එකක්' වෙලා. ඒ විදියට කියන්න බැරි තරම් පිරිසක් පැත්ත මාරු කරලා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයත් තෙපරබාමින් ඉඳලා, 'අපිත් සජිත්ට' කියලා හීන් කෙඳිරියක් නඟමින් කිව්වා. ඔවුන් ඒ තීරණය දුන්නේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉන්දියාවේ සිට පැමිණ තමන් සමඟ සාකච්ඡා කළාට පසුවයි. නමුත් අපි ඔබට තරයේ කියනවා, 'මේ සර්වජන බලය කිසිම විදේශ බලවේගයක අතපෙවීමකට අනුව නැටවෙන රූකඩයක් නොවෙයි' කියා.

'ඒකීයභාවය රකින එකම කඳවුර'

ඔබ සැමට තර්ජිත ගම්මානවල ජීවත් වීමට සිදුව තිබූ ත්‍රස්තවාදී යුද්ධය පැවති සමයේ, ආරක්ෂක හමුදාවල චිත්ත ධෛර්යය වඩවනු ලැබූ 'අපි වෙනුවෙන් අපි' මහජන ප්‍රචාරක ව්‍යාපාරයට පණ දුන්නේ, එහි නියමුවා වූයේ වෙනත් කිසිවකු නොවෙයි, දිලිත් ජයවීර මැතිතුමායි. ඔහු එදත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය පැත්තේ, ජාතික සමගිය පැත්තේ, ත්‍රස්තවාදයට - බෙදුම්වාදයට එරෙහි කඳවුර පැත්තේ සිටගත්තා. අද අනෙක් කිසිදු දේශපාලන කඳවුරක ජාතික සමගියේ කොඩිය, ඒකීයභාවයේ කොඩිය  ඇත්තේ නැහැ. ඒ කොඩි රැඳුණු එකම කඳවුර සර්වජන බලය දේශපාලන කඳවුර පමණයි.

පළමුවරට ජනාධිපතිවරණයට උපායමාර්ගික වැඩපිළිවෙළක්!

මේ රට ඇදවැටී ඇති බරපතල 'ආර්ථික - සමාජීය ප්‍රපාතයෙන්' ගොඩගන්න අද 'ගොඩ වෙද්දු' ගණනාවක් ඉදිරිපත්ව සිටිනවා. ඇත්තෙන්ම ජනතාවට ඇත්තේ හඳුන්නෙත්තිලා කියනවා වගේ 'යට ඇඳුමේ හිල' පිළිබඳ ප්‍රශ්නයක් ද? 'ගොවියාගේ වී අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම, වැඩ කරන ජනතාවට ලැබෙන වැටුපෙන් ජීවත්වීමට නොහැකි තරමට ජීවන වියදම අධික වීම' වැනි ප්‍රශ්නවලට විසඳුම් දීමයි අපි කළ යුත්තේ. සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මැතිතුමා ඔබ හමුවේ තැබූ 'සර්වජන උපායමාර්ගික සැලැස්මෙන්' මේ සියලු දැවෙන ප්‍රශ්නවලට අපේ විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් සියලු අපේක්ෂකයන් සාම්ප්‍රදායික පොරොන්දු සහිත මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කළත් දිලිත් ජයවීර මැතිතුමා මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවරට ඒ වෙනුවට, උපායමාර්ගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. එමගින් යම් ගැටලුවක් විසඳන ආකාරය, විසඳා අවසන් කරන කාලවකවානුව ආදී සියල්ල හරියටම පවසා තිබෙනවා. බොරු 'සරුංගල් උඩ අරින' පූච්චානම් කතා සහිත ගමනක් වෙනුවට අද සිංහල, දෙමළ, මුස්ලිම් මුළුමහත් ජාතිය ඉල්ලා සිටින්නේ ඇත්ත දේශපාලන ප්‍රතිපත්ති, උපායමාර්ග මත පිහිටා ඉදිරියට යන ගමනක්.

'ඈමරිකාව බංග්ලාදේශයට කළ අපරාධය'

දැන් බලන්න, බංග්ලාදේශයට සිදුව ඇති නස්පැත්තිය. පසුගිය දිනවල බංග්ලාදේශ අගමැතිනිය ෂීක් හසීනා මැතිනිය පන්නා දැමීමට ඒ රටේ පොලු මුගුරු අතින් ගත්තු 'කොල්ලෝ - කුරුට්ටන්ට' හැකි වුණා. එතුමිය ඉන්දියාවට පලා ගිහිල්ලා පසුව  පැවසුවා, 'බෙංගාල බොක්කේ තිබෙන වර්ග කිලෝමීටර අටක වර්ග ප්‍රමාණයෙන් යුතු  දූපත ඇමරිකාව මගෙන් ඉල්ලුවා. මම ඒක දෙන්න බැහැ කිව්වා. ඒ නිසා මාව මේ ඉරණමට ලක් කළා' කියා. එතුමිය තම පාලන කාලයේ බංග්ලාදේශය තුළ අන්තවාදී සංවිධාන තහනම් කළා. දැන් බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් පිහිටුවනු ලැබූ  අන්තර්වාර පාලනය තුළ ඒ අන්තවාදී සංවිධාන ද නියෝජනය වෙනවා. අද ඒ අන්තවාදී සංවිධාන නීතිය අතට ගෙන බංග්ලාදේශයේ සිටින හින්දු ජනතාව ගහලා, මරලා, පුළුස්සා දමන තැනට නීතිය වල් වැදී තිබෙනවා. මේ අන්තර්වාර පාලකයන් බංග්ලාදේශයේ ජාතික කොඩිය, ජාතික ගීතය වෙනස් කරන්න කටයුතු කරද්දි රටම අරාජික වෙලා  තෙල් පෝලිම් හැදෙමින් තිබෙනවා. ඇඟලුම් කම්හල් සියයට අසූවක් පමණ වැහෙමින් තිබෙනවා. ඒවා හිමි ආයෝජකයන් බංග්ලාදේශය හැර යනවා. දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය තිබූ බංග්ලාදේශය අද ඇමරිකා එක්සත් ජනපදය විසින් හතරගාතෙන් ඇදවට්ටවා තිබෙන්නේ එහෙමයි.

බටහිර දේශපාලන රූකඩ පරදවමු!

මෙතැනත් එහෙමයි. බටහිර බලවතුන් ත්‍රිකුණාමල තෙල් ටැංකි ඇතුළු සියලු ආර්ථික මර්මස්ථානවලට පමණක් නොවෙයි අපේ මුළු රටටම කෙළ හලනවා. ඒ බටහිර බලවතුන් අද මේ ජනාධිපතිවරණයේදී තමන් ඒ කෙළ හලන අරමුණ ඉටුකර දීමට එකඟ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සල්ලි පොම්ප කරනවා. බටහිර බලවතුන්ගේ වුවමනාව ඉටු කිරීමට සූදානම් දේශපාලන බලවේග අද දම්පාටින්, කොළ පාටින්, විවිධ පාටවලින් ඔබ හමුවට එනවා. ඒ නිසා එදා කොටි ත්‍රස්තවාදය පැරදවීමේ කඳවුරෙහි සිට ගත් ඔබ සැමගෙන් අපි ඉල්ලා සිටිනවා, 'බටහිර දේශපාලන රූකඩවලට රැවටිලා මේ රට තවත් බංග්ලාදේශයක් බවට පත් කරගන්න එපා!' කියලා.

'තරුව' දිනවීමට පෙළගැසෙමු!

දේශපාලන කල්ලි - කණ්ඩායම් තුනහතරකට සල්ලි පොම්ප කළාම ඒ සල්ලි වියදම් කරලා ප්‍රතිරූප හදාගත්තු ඒ කල්ලිවල අපේක්ෂකයන් අතුරින් කවරෙකු දිනුවත් බටහිර බලවතුන් දිනුම්. අවසානයේ දිනන කවරෙකු ලවා හෝ ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ ඉරණම අත්කර දීමට ඔවුන්ට පුළුවන්. ඒ නිසා මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අම්මලා, තාත්තලා, සහෝදර - සහෝදරියන් අධිෂ්ඨාන කර ගන්න ඕනේ, 'මොන පක්ෂයෙන්, මොන පාටින් ආවත් මේ මව්බිමට හතුරු කල්ලිවලට හුස්ම ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. 21 වැනිදාට තරුව ලකුණට, සර්වජන බලයට, දිලිත් ජයවිරට අපේ ඡන්දය දීලා ඒ මව්බිමට සතුරු මෙහෙයුම පරදවනවා' කියලා. 'තරුව' දිනවීමට පෙළගැසෙමු! ඒ වෙනුවෙන් කැප වෙමු!"

මාධ්‍ය අංශය,
සර්වජන බලය

සම්බන්ධිත පුවත් | Related News

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.