News Category
From Date
To Date
Maximum Number of Result

"රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ" ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළට බටහිරට වුවමනා ප්‍රතිපත්ති ටික රිංගවලා අවසන්... කාට කතිරේ ගැහුවත් ප්‍රතිඵලය එකයි! - විමල් වීරවංශ

Sep 9, 2024 at 04:41 PM
|

"රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ" ප්‍රතිපත්ති ප්‍රකාශන තුළට බටහිර බලවතුන්ට උවමනා ප්‍රතිපත්තීන් රිංගවා ඇති බැවින් මෙවර ජනාධිපතිවරණයේදී ඒ කාට කතිරේ ගැසුවත් එකම ප්‍රතිඵලය අත්වනු ඇතැයි පෙන්වා දෙන සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ නිසා මේ තිදෙනා තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න කරන විට දීමට උත්තර නොමැතිව, විවාද මඟහරින පිරිසක් බවට පත්ව ඇති බව ද වැඩිදුරටත් පෙන්වා දෙයි.

"ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කර ගනිමින් මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීම පිණිස ඊයේ(08) සවස කුරුණෑගල  කදුරුගස්හන්දිය(සිරිසර උයන ඉදිරිපිට) අසලදී  පැවති මහජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මෙම මහජන රැලිය අමතා , ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ  නීති ලේකම් භූපති කහතුඩුව යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

'අපේක්ෂකයන්ගේ අවංකකම පිරික්සමු!'

"මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් මාසික ආදායම පිළිබඳව විමසා තිබුණා. නමුත් ඒ අපේක්ෂකයන් 34දෙනාගෙන් ඇත්ත මාසික ආදායම ඉදිරිපත් කරලා තිබුණේ 'තරුව' ලකුණේ අපේක්ෂක දිලිත් ජයවීර පමණයි. තම මාසික ආදායම මිලියන 16ක් බව ඔහු දැනුම් දුන්නා. මාසික ආදායම මිලියන 16ක් වූ දිලිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මේ ආදායම තව වැඩිකර ගන්න නොවන බව ඔබ සැමට ඉතා පැහැදිලියි. රනිල් වික්‍රමසිංහගේ මාසික ආදායම ලක්ෂ දෙකක් පමණයි කියලයි දැනුම් දී තිබුණේ. පව් දුප්පතා! කීයක් හරි මාසිකව දෙන්න වටිනවා. මේ විදිහට සියලුදෙනා තමන්ගේ ඇත්ත මාසික ආදායම සඟවන විට ඇත්ත ආදායම පවසලා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට තිබෙන්න ඕනෑ මූලික සුදුසුකම වන 'අවංකකම' ඔප්පු කරලා පෙන්නුවේ දිලිත් ජයවීර පමණයි. මාසික ආදායම් සඟවපු ඇතැම් අපේක්ෂකයන් අද තමන්ගේ ආදායමට සරිලන විදියට ද ප්‍රචාරක කටයුතු කරන්නේ? එක රැස්වීමට බස් හැටහැත්තෑවකින් සෙනඟ අදින්න ඔවුන්ට මුදල් තිබෙනවා.

'බංග්ලාදේශයේ ඉරණම අපටත් උරුම වේවි ද?'

1977 සිට අනුගමනය කරපු 'ණයට අරන් සැපට කෑමේ" ආර්ථික ප්‍රතිපත්තිය නිසා අද වන විට අපේ රට බංකොලොත් රටක්. ඒ විපතින් රට ගොඩගන්න පුළුවන් නායකයෙක් තමයි අද මේ රට හොයන්නේ. එහෙම නැතුව වැටුණු වලෙන් තවත් ප්‍රපාතයකට ඇද දමන  නායකත්වයකට අද ඉඩක් නැහැ. දැන් බලන්න, දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබුණු බංග්ලාදේශයට උරුම කර දී ඇති ඉරණම. බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට දැම්මා; ප්‍රචණ්ඩත්වය වැපිරුවා; පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් 22ක් මරා දැම්මා; පාර්ලිමේන්තුවට ගිනි තිබ්බා; ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අගවිනිසුරුගෙන් ඉල්ලා අස්වීමේ ලියුම අරගත්තා.අද බංග්ලාදේශයේ තිබෙන්නේ ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති පාලනයක්; අන්තර් වාර පාලනයක්. ඒ අන්තර් වාර පාලනය  මගින් පිහිටුවූ අමාත්‍ය මණ්ඩලය තුළ මේ ප්‍රචණ්ඩත්වයට මුල් වූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් දෙදෙනෙකු ද ඇමති තනතුරු දරනවා. මේ රටටත් බංග්ලාදේශයේ ඉරණම අත්කර දෙනවාද, නැද්ද, කියන එක තීරණය වන්නේ ඔබ සැප්තැම්බර් 21 වැනිදා ගන්නා තීරණය අනුව බව තරයේ මතක තබා ගන්න.

'එකම ප්‍රතිපත්ති තිබෙන තුන් කට්ටුව'

'රනිල් - සජිත් - අනුර' කියන 'අපේක්ෂක  තුන්  කට්ටුවේ' කාට කතිරේ ගැහුවත් එකම ප්‍රතිපත්තියට කතිරේ ගැහුවා වෙනවා. රනිල්ට ඕනේ නැහැ ජනාධිපතිවරණය දිනන්න. එයාට ඕනේ අනුරව දිනවන්න. එහෙම නැත්නම් තැපැල් ඡන්දයට කලින් දවසේ ITN එකට අනුර ගෙන්වයිද? අනුර ITN එකට එන්නේ තනියම දෙසලා තැපැල් ඡන්ද ටිකක් වැඩි කරගන්න. එයා විවාද මඟහැරියාට තනියම දෙසන්න නම් එනවා.

'දිලිත්ගේ කෙලින් කතාව'

මේ සෙනසුරාදා රූපවාහිනී නාලිකා සියල්ලේම විකාශනය කළ 'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කළ '2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය' සඳහා සහභාගී වූයේ 'තරුව අපේක්ෂක' දිලිත් ජයවීර පමණයි. තමන්ගේ ප්‍රතිපත්ති හංගන්නේ නැතුව කෙලින්  කතා කරන්න පුළුවන් සර්වජන බලය අපේක්ෂකයාට පමණයි. තමන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න කරන විට දෙන්න උත්තර නැති පිරිස, විවාද මඟහරින ගමන්, තනියම ඇවිත් හොඳට 'දෙසන්න' නම් දන්නවා

'විවාද මඟහරින්නේ ඇයි?'

2015 -2019 වකවානුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් දියත් කළ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගිහින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා, කියලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ තිබෙනවා. එදා එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මුල් වූ ජයම්පති වික්‍රමරත්නලා  ලෑස්ති වුණේ ඒකීය ශ්‍රී ලංකාව වෙනුවට ඔරුමිත්තනාඩුවක්; සහසන්ධිය රටක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ අද අනුර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ ඒ ව්‍යවස්ථා  සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව කියමින්. ඒවා හංගලයි තිබෙන්නේ. ඔවුන් අද තමන්ගේ ප්‍රතිපත්ති හංගාගෙන, කෙලින් කතා නොකර 'චූන් පාන්' දේශපාලනයක් වේදිකාවල කතා කරන එකයි කරන්නේ. බටහිර බලවතුන්, ඉහත කියපු බංග්ලාදේශයේ ඉරණම අපටත් උරුමකර දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා තමයි 'සල්ලි පොම්ප කරලා' 'රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ' ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළට බටහිරට ඕනෑ ප්‍රතිපත්ති ටික රිංගවන්නේ. බටහිර ඇතුළු බාහිර බලවතුන් අතේ අද තිබෙන්නේ 'මේ තුන් කට්ටුවේ කවුරු ජනාධිපති වුණත් අපි අපට ඕනෑ දේ කරගන්නවා' කියන න්‍යාය පත්‍රයයි.

ජාතික ප්‍රශ්නය 'යට ඇඳුමේ හිල' ද?

මේ විදිහට බරපතල මෙහෙයුමක් දියත් වෙද්දී අද ජාජබ හඳුන්නෙත්තිලාට ජාතික ප්‍රශ්නය වෙලා තිබෙන්නේ 'යට ඇඳුමේ හිලක්'. යට ඇඳුම් එළියේ වනන්න බැරිලු. ඒවායේ හිල්ලු. ඒ නිසා ඒවා වනන්න වෙන්නේ ගේ ඇතුළෙලු. මේවා තමයි එයාලාට ජාතික ප්‍රශ්න. මේ රටේ ආර්ථිකය, වැටිලා තිබෙන ප්‍රපාතයෙන් ගොඩඅරගෙන ධනය උපයන මාර්ගයට ගෙන එන්නේ කොහොමද, කියන එක මෙයාලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් කතා කරන්නේ නැහැ. නමුත් සර්වජන බලය මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලැබූ උපාය මාර්ගික සැලැස්මෙන් වැටුණු රට එතැනින් ගොඩඅරගෙන ඉදිරියට ගන්නේ කොහොමද, කියන එක ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.

දිලිත්ට පුළුවන්!

දිලිත් ජයවීර කියන්නේ දේශපාලනය කරන්න බලාපොරොත්තු වුණු කෙනෙක් නොවෙයි. ඔහු මේ රට වැටුණාට පසුව 'දේශපාලනය කරනවා' කියා තීන්දු කළ කෙනෙක්; වැටුණු රට ගොඩගන්නවා කියා තීන්දු කළ කෙනෙක්. ඔහු ගාල්ලෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණිලා, නීතිය හදාරලා නීතිඥ වෘත්තියට පිවිසි කෙනෙක්. ව්‍යාපාර අරඹලා, සාර්ථකව ඒවා ඉදිරියට ගෙනවිත් අද මිලියන 16ක මාසික ආදායමක් ලබන කෙනෙක්. එවැනි අයෙකුට මේ රට මේ වැටුණු වලෙන් ගොඩගන්න බැරි නම් මේ අපේක්ෂකයන් අතුරින් එය කළ හැක්කේ කාටද?

 දිනවීමට ඇත්තේ 'තරුව' පමණයි 

අද අපි ඉතාමත් තීරණාත්මක තැනක ඉන්නේ. සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධාන කොමිසමට පණ දෙන්න ඕනෑ නම්, ඒ කියන්නේ රණවිරුවන් දං ගෙඩියට දක්කන්න ඕනෑ නම්, මේ රටේ නීතිය, විධානය බිඳවට්ටලා පොලු, මුගුරු ගත්තු කොල්ලො කුරුට්ටන්ගේ පාලනයකට මේ රට ඇද දමන්න ඕනෑ නම් 'රනිල් - සජිත් - අනුර' කියන 'තුන් කට්ටුවේ' ඕනෑම අයෙකුට කතිරේ ගහන්න. රණවිරුවන් දිවි පුදා රැකදුන් මේ රට, ඇද වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඅරන් දකුණු ආසියාවේ බලවත් රටක් බවට පත්කිරීමට ඕනෑ නම් ඔබට වෙන ලකුණු නැහැ. ඇත්තේ තරුව ලකුණ පමණයි. තරුව ලකුණින් තරඟ කරන දිලිත් ජයවීර ජයග්‍රහණය කරවන්න.

මේ රට හදන්න පුළුවන් විවාද මඟහරින අයට ද? උතුරට ගිහින් 'දහතුන සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා' කියන අයට ද? උතුරට ඉඩම් බලතල, පොලිස් බලතල දුන්නාම මේ රටේ ආර්ථිකයට යළි පණ එනවා ද? ඒ නිසා සැප්තැම්බර් 21 වැනිදා ඔබට මග කියන ලකුණ, 'තරුව ලකුණ' ඉදිරියෙන් කතිරේ ගහන්න. එමගින් දිලිත් ජයවීර දිනවා 'ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්' නිර්මාණය කරමු! ඒ සඳහා කුරුණෑගල ගමක්-ගමක්, ගෙයක්-ගෙයක් වෙත පියනගමු!  ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙමු!"

මාධ්‍ය අංශය,
සර්වජන බලය

සම්බන්ධිත පුවත් | Related News

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.