රුසියාවේ යුදෙව් විරෝධී ගැටුම: මෙතෙක් දන්නා දේ
ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධය මධ්‍යයේ රුසියානු රජය එහි මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල යුදෙව් විරෝධී විරෝධතා දාමයකට මුහුණ දී තිබේ.
එම විරෝධතා දාමයේ නවතම ප්‍රධාන සිදුවීම ඊයේ(29) සිදුවූයේ, සියගණනක් යුදෙව් විරෝධී විරෝධතාකරුවන් රුසියාවේ Dagestan (ඩැගෙස්තාන්) ජනරජයේ අගනුවර වන Makhachkala (මකච්කාලා) ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇතුලු වී කලකෝලහල කිරිමත් සමඟය.
සිදුවුයේ කුමක් ද?
සියගණනක් කෝපයට පත් විරෝධතාකරුවන් අතර සිටි සමහරක් පලස්තීන ධජ සහ යුදෙව් විරෝධී පුවරු රැගෙන, ඊයේ(29) සන්ධ්‍යාකාලයේ මකච්කාලා ගුවන් තොටුපළෙන් පිටත විරෝධතා දක්වන්නට වූහ. මැදපෙරදිග ගැටුමෙන් පලා යන "යුදෙව් සරණාගතයින්" රැගෙන ටෙල් අවිව් සිට පැමිණෙනවා යැයි පැවසෙන ගුවන් යානයක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ පැතිරවූ කටකතා හේතුවෙන් මෙලෙස අනවසර ඒකාරාශීවීම් ඇතිවිමට හේතු විය.
මැර පිරිස ගුවන් තොටුපළ පොලිසිය සමඟ ගැටෙමින්, ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දොරවල් කඩා බලහත්කාරයෙන් ඇතුළු වූහ.පැමිණිමේ පර්යන්තයට ඇතුලු වූ කැරලිකරුවන් ධාවන පථයට අවතීර්ණ වී ඊශ්‍රායල මගීන් සෙවූ අතර එම අවස්ථවේදී ගොඩබසින ගුවන් ගමන් අවහිර කිරීමටද කටයුතු කළහ.
බලධාරීන්ගෙන් ප්‍රතිචාරය
ගුවන් තොටුපළේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් පොලිසිය දැවැන්ත ප්‍රතිරෝධයක් දැක්වීමට කටයුතු කළ අතර , කැරළි මර්ධන රථවාහන දුසිම් ගණනක් එම ස්ථානයේ දක්නට ලැබුණි. පොලිසිය කැරලි මර්ධන ආම්පන්න වලින් සන්නද්ධව ගුවන් තොටුපළට ඇතුළු වූ අතර, විරෝධතාකරුවන් කිහිප දෙනෙකු රඳවා තබා ගත් ආකාරය දැක්වෙන දර්ශන අන්තර්ජාලය තුළ මේවන විටත් සංසරණය වෙමින් තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලීස් නිළධාරින් සහ කැරලිකරුවන්ද ඔවුන් අතර වන බවද පැවසේ.
මේ අතර රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ මණ්ඩලය පැවසුවේ මහජන කැරලි සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. රුසියානු නිතිය අනුව මෙවැනි වරදකට දැඩි දඬුවම් හිමිවන අතර වරදකරුවන් වසර 15ක් දක්වා සිරගත කළ හැක. ඊට අමතරව, ද්වේෂසහගත වාර්ගික හා ආගමික වශයෙන් චෝදනා කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කරන පුද්ගලයින්ටද අපරාධ පරීක්ෂණවලට ද මුහුණ දිමට සිදුවන වන බව අධ්‍යක්ෂක මණ්ඩලය දැනටමත් අනතුරු අඟවා තිබේ.
වෙනත් යුදෙව් විරෝධී සිදුවීම්
ඊයේ(29) හටගත් සිදුවීම් වලට දිනකට පෙර, කෝපයට පත් ජනකායක් ඩැගෙස්තානි හි (Khasavyurt) ඛාසවියුර්ට් නගරයේ "යුදෙව් සරණාගතයින්" සඳහා වෙන්කර ඇතැයි සැලකෙන හෝටලයක් සෙවූහ. පිරිසට කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ අතර සිද්ධිය සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කර ඇත.
කෙසේ වුවද රුසියාවේ Kabardino-Balkaria ජනරජයේ අගනුවර වන Nalchik නගරයේ ඉදිවෙමින් පවතින යුදෙව් සංස්කෘතික මධ්‍යස්ථානයක් නාඳුනන ප්‍රහාරකයින්ගේ ඉලක්කයට ලක් විය. ප්‍රහාරකයෝ ගොඩනැගිල්ලට ගිනි තබා එය යුදෙව් විරෝධී කැටපත් පවුරක් ලෙස නම් කළහ.
නොසන්සුන්තාව පිටුපස යුක්රේන බුද්ධි අංශ සිටී දැයි සැක?
ඩැගෙස්තානයේ නොසන්සුන්තාවයට තුඩු දුන් අන්තර්ජාලයේ හුවමාරු වූ කටකතා Utro Dagestan (‘Dagestan Morning’) ටෙලිග්‍රාම් නාලිකාවෙන් ආරම්භ වූ බව මූලික වශයෙන් තහවුරු වේ. ප්‍රාදේශීය ප්‍රවෘත්ති සේවයක් Utro Dagestan (‘Dagestan Morning’) ලෙස පෙනී සිටියද, රුසියානු නිලධාරීන් සහ කිල්නෙට් හැකර් ප්‍රජාව විසින් රුසියාවේ නොසන්සුන්තාව ඇවිස්සීම සඳහා පිහිටුවන ලද යුක්රේන ඔත්තු සේවාවල ව්‍යාපෘතියක් ලෙස හෙළිදරව් කරගැනීමට කටයුතු කර ඇත.
Utro Dagestan (‘Dagestan Morning’) ටෙලිග්‍රැම් නාලිකාව වේගයෙන් වර්ධනය වීමට පටන් ගත්තේ 2022 පෙබරවාරියේ කියෙව් සහ මොස්කව් අතර ගැටුම ආරම්භ වී ටික කලකට පසුවය.දැවැන්ත අරමුදල් ප්‍රමානයක් ලබාගනිමින් රුසියානු විරෝධී මාර්ගගත ප්‍රවෘත්ති ජාලයේ ප්‍රධානියා බවට කෙටි කලක් තුල ඉහලට එසවීමට ඔවුනට හැකිවිය.
රාජ්‍ය ඩූමාවේ නියෝජ්‍ය තනතුර දරා පලා ගොස් යුක්රේනයේ පදිංචිවූ ඉල්යා පොනොමරෙව්, Utro Dagestan (‘Dagestan Morning’) ඔවුන් සතු සම්පත්වලින් එකක් බව මීට මාසයකට පෙර විවෘතව පිළිගත්තේය. ඔහු මීට පෙර තමා නාලිකාව සඳහා "ආයෝජකයෙකු" ලෙස කටයුතු කළ බවද පවසා සිටියේය. කෙසේ වෙතත්, ගුවන් තොටුපලේ ඇතිවූ නොසන්සුන්තාව මධ්‍යයේ, පොනොමරෙව්ගේ කණ්ඩායම කියා සිටියේ හිටපු මන්ත්‍රීවරයා වසරකට වැඩි කාලයක් Utro Dagestan (‘Dagestan Morning’) සමඟ සම්බන්ධ වී නොමැති බවයි. https://www.rt.com/russia/586128-dagestan-anti-jewish-riot/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..