අමෙරිකාව වෙනිසියුලානු ජනාධිපති මදුරෝගේ ගුවන් යානය අත්අඩංගුවට ගත්තා - සී එන් එන් පුවත් සේවය
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය.
වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්‍රහණ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේය.
“විදේශීය රාජ්‍ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන් නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
සීඑන්එන් පුවත් සේවයට අනුව, යානය ඩොලර් මිලියන 13 ක් පමණ වටිනා වන අතර එය ඩොමිනිකන් රජයේ බලධාරීන්ගේ සහයෝගයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සීඑන්එන් පුවත් සේවය ගුවන් යානයේ වර්ගය හඳුනාගෙන නොමැති අතර එය ඩොමිනිකන් ජනරජයේ ගුවන් තොටුපලකදී අත්අඩංගුවට ගෙන ෆ්ලොරිඩාවේ මියාමි ගුවන් තොටුපල වෙත පියාසර කළ බව පමණක් වාර්තා කළේය. අමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක, වාණිජ සහ යුක්තිය පසඳිලීමේ දෙපාර්තමේන්තුව ගුවන් යානය අත්පත් කර ගැනීමට සම්බන්ධ වී ඇති බවද සීඑන් එන් පුවත් සේවය වාර්තා කළේය.
Miami Herald පුවත් පත මෙම ජෙට් යානය Dassault Falcon 900EX ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රංශයේ නිෂ්පාදිත විශේෂිත ජෙට් යානයක් වේ. එම යානය මීට පෙර කියුබාව, බ්‍රසීලය සහ ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් වෙත පියාසර කර ඇති අතර, බොහෝ අවස්ථාවල වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ යානයේ ගමන් කර ඇත. එය සැන් මරිනෝ රාජ්‍යයේ ලියාපදිංචි වී ඇති බවද වාර්තා වේ.
මියාමි හෙරල්ඩ් පුවත් සේවය විසින් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) වාර්තා උපුටා දක්වමින් ෆ්ලොරිඩාව පදනම් කරගත් සමාගමක් විසින් මෙම ගුවන් යානය ශාන්ත වින්සන්ට් හි සමාගමකට විකුණා දමා ඇතැයි පවසයි. පසුව එය සැන් මරිනෝ රාජ්‍යයේ සමාගමක් වෙත නැවත විකුණා ඇත. කෙසේ වුවද ගුවන් යානය මිළදී ගත් සමාගම වෙනිසියුලාවට අයත් දුරකතන සේවා සපයන සමාගමක් බවත්, එම ගනු දෙනුවෙන් වෙනිසියුලාවට පනවා ඇති සම්බාධක කඩ කළ බවත් ඇමෙරිකානු රජය චෝදනා කරයි.
ඇමරිකානු නිලධාරීන් වෙනිසියුලාවට අයත් මෙම ජෙට් යානය එක්සත් ජනපදයේ “එයාර් ෆෝස් වන්” ගුවන් යානයට සමාන බව විස්තර කරමින් පවසා සිටියේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ එම යානයෙන් ස්ථාන ගණනාවකට පියාසර කර ඇති බවයි. පසුගිය ජූලි 28 වනදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසු වෙනිසියුලාව ඩොමිනිකන් දිවයින සමඟ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම නිසා එය ඩොමිනිකන් ජනරජයට සේන්දු වූයේ කෙසේද යන්න අපැහැදිලි බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.
සීඑන්එන් පුවත් සේවයට අනුව, වත්කම් රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය හරහා යානය රාජසන්තක කිරීමට එක්සත් ජනපදය අදහස් කරයි. මෙයින් අදහස් කරන්නේ වෙනිසියුලාවට එය න්‍යායාත්මකව උසාවියේදී අභියෝග කළ හැකි බවයි. කෙසේ වුවද එසේ කිරීමට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්විය යුතු මාර්ගයක් සොයාගත යුතුය.
කෙසේ වුවද මේ වසරේ එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත් දෙවන වෙනිසියුලානු ජෙට් යානය මෙයයි. මේ වසරේ පෙබරවාරි මාසයේදී ආර්ජන්ටිනාව විසින් 2022 දී රාජසන්තක කරන ලද බෝයිං 747-300M භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එක්සත් ජනපදයට යවන ලද අතර එම යානය කැරකස් පරිපාලනය විසින් අනුමත ඉරාන සමාගමකින් මිලදී ගත් බව කියනු ලැබේ. මදුරෝ මෙම රාජසන්තක කිරීම හැඳින්වූයේ ආර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලෙයිගේ ආන්ඩුව අමු අමුවේ කළ සොරකමක් ලෙසිනුයි.
මේ අතර පසුගිය වසරවලදී වොෂින්ටනය ඩොලර් බිලියන 2 ක් වටිනා වෙනිසියුලානු බැංකු ගිණුම් සහ වත්කම් අත්පත් කර ගෙන ඇති බව නම් සඳහන් නොකළ අමෙරිකානු නිලධාරියෙක් සීඑනෙන් වෙත පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්