යුක්‍රේනය ආගම ඇදහීමේ අයිතිය තහනම් කිරීමට ගෙන ආ නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබනවා! - ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතා සංවිධානය
යුක්‍රේනය ආගම ඇදහීමේ අයිතිය තහනම් කිරීමට ගෙන ආ නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන බවත්, එම නීතිය මගින් රුසියාවේ ඕනෑම ආගමික සංවිධානයක් සමඟ "අනුබද්ධ" යුක්‍රේනයේ ඕනෑම ආගමික ප්‍රජාවක ක්‍රියාකාරකම් අධිකරණ තහනමට ලක් කිරීමට ඉඩ සලස්වන බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතා සංවිධානය පවසයි.
අදාළ නිවේදනය පහළින්...
යුක්‍රේන ජනයාගේ ආගම ඇදහීමේ අයිතිය තහනම් කිරීමට ගෙන ආ නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබනවා!
පසුගිය අගෝස්තු 20 වනදා වර්කොව්නා රාඩා හෙවත් යුක්රේන පාර්ලිමේන්තුව විසින් යුක්‍රේන ජනයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන නීතියක් වන " ආගමික සංවිධානවල ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නියෝගය ආරක්ෂා කිරීම පිළිබඳ" නීතිය සම්මත කරන ලද්දේය.
එම නීතිය මගින් රුසියාවේ ඕනෑම ආගමික සංවිධානයක් සමඟ "අනුබද්ධ" යුක්‍රේනයේ ඕනෑම ආගමික ප්‍රජාවක ක්‍රියාකාරකම් අධිකරණ තහනමට ලක් කිරීමට ඉඩ සලසයි. මේ අනුව, යුක්‍රේනයේ කැනොනිකල් යුක්රේන ඕතඩොක්ස් පල්ලිය (UOC )තහනම් කිරීම සහ එම නිකාය මුලිනුපුටා දැමීම සඳහා කියෙව් පාලනයට ඉඩ කඩ සැලසේ. මෙම නීතිය සම්මත කර ගැනීමේදී යුක්‍රේනයේ නීති සම්පාදකයින් මිලියන ගණනක් වන ඇදහිලිවන්තයන්ගේ මතය , කැනොනිකල් යුක්රේන ඕතඩොක්ස් පල්ලියේ මතය, යුක්‍රේන නීති ප්‍රජාවේ සහ කියෙව් හිතවාදී විදේශිකයන්ගේ නිර්දය විවේචන පවා නොසලකා හැර තිබේ.
මෙම නීතිය බලාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස, ආගමික ස්ථාන සිය ගණනක්, දහස් ගණනක් වු යුක්‍රේන ජන සමාජයට අයත් ජනතාව සහ මිලියන ගණනක් වන යුක්රේනයේ ඕතඩොක්ස් ඇදහිලිවන්තයන් නීතියේ හව්හරණක් නොමැති තත්වයට පත් වනු ඇත. එලෙසම ඔවුන්ගේ දේපළ හා යාඥා මධ්‍යස්ථාන ඔවුන්ට අහිමි වනු ඇත. මෙම පනතේ ඇති භයානකත්වය සම්බන්ධයෙන් රුසියානු ඕතඩොක්ස් පල්ලියේ අග්‍රරාජගුරු ප්‍රසාදි ස්වාමින් වහන්සේ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වූ සංවිධානයට, යුරෝපීය කවුන්සිලයේ සංවිධාන වෙත සහ ලෝකයේ ආගමික ප්‍රජාවන්ගේ නායකයින් වෙත නැවත නැවතත් පැමිණිලි කර තිබුණි. එහෙත් එම විරෝධයන් යුක්‍රේන වැසියාගේ හෘදය සාක්ෂියේ නිදහස සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන මෙම පනත සම්මත කිරීමට කිසිදු බාධාවක් යුක්‍රේන බලධාරින්ට නොවුනි. අප දන්න පරිදි මිලියන ගනනක් ඇදහිලිවන්තයන්ගේ අයිතිවාසිකම් විවෘතව පාගා දමනු ලබන ආගමික නිදහස පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට නීතිමය ලියකියවිලි නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කරනු ලබන නීතියක් මෑත කාලයේදි කිසිදු රටක් සම්මත කරගෙන නැත.
එලෙසම කියෙව් පරිපාලනය කර්ස්ක් වැනි දැවැන්ත න්‍යෂ්ඨික බලාගාර ඉලක්ක කරමින් එල්ල කරනු ලබන ප්‍රහාර මගින්ද ඔවුන්ගේ ම්ලේච්ඡත්වය ලෝකයට විදහා දක්වයි. ඒ අනුව කියෙව් පාලනය විදහා පෙන්වන මිනිස් සංහතියට නොගැලපෙන හැසිරීම් පාලනය කිරීමට සියලු ජාත්‍යන්තර සංවිධාන වල වගකීමක් බව අවධාරණය කරමු. එලෙසම සකල විධ අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයා යුක්‍රේනය බළල් අතක් කර ගනිමින් අමෙරිකා එක්සත ජනපදය කරනු ලබන මෙම මානව විරෝධී ක්‍රියා පාලනය කිරීමට පෙරට පැමිණිය යුතු බවද අවධාරණය කරමු.
ජීවන්ත ජයතිස්ස,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතා සංවිධානය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල