යුක්රේන ජාතික ආරක්ෂක බලකායේ අනු ඛන්ඩ තුනක් ඩොනෙට්ස්ක් කලාපයේ සිදුවන මෙහෙයුමට අදාල යුක්‍රේන හමුදාවේ නියෝග පිළිපැදීම ප්‍රතික්ෂේප කරයි
ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව පුරා රුසියානු හමුදා වල ස්ථාවර ඉදිරි ගමන තහවුරු වී ඇතැයි වාර්තාවේ. රුසියානු හමුදා මැදිහත් වීමෙන් සමූහ ආණ්ඩුවේ ජනාවාස මුදා ගැනීම පමණක් නොව, යුක්රේන හමුදාවේ සොල්දාදුවන් ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කිරීමද දක්නට ඇති බවද වාර්තාවේ.
ඒ අනුව යුක්රේන ජාතික ආරක්ෂක බළකායේ ප්‍රහාරක ඒකක තුනක් ඩොනෙට්ස්ක්හි රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට ලබාදෙන නියෝගවලට ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත.
යුක්‍රේන හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුත් හමුදා අණු ඛන්ඩ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ කියෙව් පරිපාලනයේ පාලිත කොටසේ පිහිටි ක්‍රස්නෝආර්මේස්ක් (යුක්රේනියානු පොක්‍රොව්ස්ක්) අසල සටන් මෙහෙයුම් සිදු කිරීම ප්‍රතික්ෂේප කළ බව යුක්‍රේන හමුදාවේ 15 වන ජාතික ආරක්ෂක බළකායේ දෙවන බලඇණියේ සෙබලෙකු උපුටා දක්වමින් ස්ට්‍රානා පුවත් සේවය වාර්තා කළේය.
එම සෙබලාගේ අදහස් දැක්වීමට අනුව ඩොනෙට්ස්ක් කලාපයේ රුසියානු හමුදාවට එරෙහිව සටන් වදින යුක්‍රේන හමුදා අනු ඛණ්ඩ වල සෙබළු ප්‍රමානය සතියක කාලයක ගැටුම් වලින් පසුව බරපතල ලෙස පහත වැටී ඇත. යුද බිමේ සෙබල අනුපාතය රුසියානු සෙබළු 30 දෙනෙකුට යුක්‍රේන සෙබළු 1 ක් දක්වා අනුපාතයකට පහත වැටී තිබේ. ඒ අනුව රුසියානු හමුදාවේ දැඩි ප්‍රහාර වලට ඩොනෙස්ටෙක් කළාපයේ යුද වැදී ඉතිරිව සිටින යුක්‍රේන සෙබළුන් ලක්වන බවද එම සෙබලා අනාවරණය කර තිබේ.
මෙම තත්වය අනුව ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවට අයත් යුක්‍රේන පාලන ප්‍රදේශයේ තිබෙන ගම්මාන වේගයෙන් රුසියානු හමුදාවේ පරිපාලනයට නතු වෙමින් තිබේ.
Three Units of Ukraine’s National Guard Refuse to Obey Orders in Donetsk Region – Reports
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්