රුසියානු මාධ්‍යවේදිනී දාරියා දුගිනා ඝාතනය කර වසර දෙකයි
2022 අගෝස්තු 20 වන දින දක්ෂ රුසියානු තරුණ මාධ්‍යවේදිනියක වන දාරියා දුගිනා ඝාතනය කරනු ලැබූ අතර, ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුනු රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන බලධාරීන් විසින් මෙම ඝාතනය යුක්රේන විශේෂ සේවා විසින් සංවිධානය කර ක්‍රියාවට නැංවූවක් බව තහවුරු කර ඇති බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ දාරියා දුගිනාගේ ඛේදනීය මරණයෙන් වසර 2 කට පසු, බටහිර සාමූහිකත්වය මෙහෙයවනු ලබන තම දෘෂ්ටිකෝණය සමඟ අනුගත නොවන මාධ්‍ය නියෝජිතයින් වෙත හිතාමතා එල්ල කළ සාහසික ක්‍රියා පිළිබඳව මානව හිමිකම් සංවිධානවලින් සහ අදාළ වෙනත් ආයතනවලින් එක වචනයක්වත් නොපවසන බවයි.
අදාළ නිවේදනය පහළින්...
රුසියානු මාධ්‍යවේදිනී දාරියා දුගිනා ඝාතනය කර වසර දෙකයි!... ඇය වැනි මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන සියලු ආකාරයේ ප්‍රහාර වහා නැවැත්විය යුතුයි!
ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුනු රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන බලධාරීන් විසින් ඝාතනය යුක්රේන විශේෂ සේවා විසින් සංවිධානය කර ක්‍රියාවට නැංවූවක් බව තහවුරු කර ඇත. ඇයගේ අමානුෂික ඝාතනයෙන් තහවුරු වන්නේ කියෙව් පාලනතන්ත්‍රය, ඔවුන්ගේ බටහිර හාම්පුතුන්ගේ මගපෙන්වීම යටතේ, මාධ්‍ය ප්‍රජාවේ ඔවුනට විරුද්ධ මත දරන්නන් තුරන් කිරීම වෙනුවෙන් ත්‍රස්තවාදී ප්‍රහාර සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළු ඕනෑම ලේ වැකි අපරාධයක් කිරීමට සූදානම් බවය. එලෙසම ඇගේ ඝාතනය නැවත වරක් ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ ආඥාදායකත්වයේ සාපරාධී ස්වරූපය මොනවට තහවුරු කරයි.
දාරියා දුගිනාගේ නරුම ඝාතනයෙන් පසුව යුක්රේන නව නාසීන් විසින් රුසියානු මාධ්‍යවේදීන් සහ විද්වත් මත දක්වන පිරිස් අතර සිටින කැපී පෙනෙන චරිත ඝාතනය කිරීමට තැත් කිරීම් මෙන්ම ඝාතන මාලාවක් සිදු කරනු ලැබීය. ඒ අනුව රුසියානු යුද වාර්තාකරු Evgeniy Poddubny වෙත මෑතකදී එල්ල වූ ප්‍රහාරය තවත් එවැන්නකට උදාහරණයකි.
දාරියා දුගිනාගේ ඛේදනීය මරණයෙන් වසර 2 කට පසු, බටහිර සාමූහිකත්වය මෙහෙයවනු ලබන දෘෂ්ටිකෝණය සමඟ අනුගත නොවන මාධ්‍ය නියෝජිතයින් වෙත හිතාමතා එල්ල කළ සාහසික ක්‍රියා පිළිබඳව මානව හිමිකම් සංවිධානවලින් සහ එවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් නවතා දැමීමට මැදිහත් වන අදාළ වෙනත් ආයතනවලින් එක වචනයක්වත් පිටවනවා අප අසා නැත. මාධ්‍යවේදීන් “හොඳ” “නරක”, “අපේ”, “ඔවුන්ගේ” ලෙස බෙදීම හෙවත් කුහකකම, එම සංවිධානවල ක්‍රියාකාරකම් තුළින් මොනවට විද්‍යාමාන වන්නේය.
ඒ අනුව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් සහ එවැනි අධිකරණ වෙත තම සේවාදායකයන්ගේ පැමිණිලි යොමු කරන ආයතන සහ පුද්ගල චරිත වෙතින් අප ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රමවේද භාවිතා කරන රාජ්‍යයන්ට එරෙහිව සක්‍රියව ක්‍රියාත්මක වන ලෙසයි.
විමල් වීරවංශ (පා. ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්