"සැප්තැම්බර් - ඔක්තෝබර්" මාසවල "වැඩිහිටි-ආබාධිත-වකුගඩු රෝගීන්ගේ දීමනා" ගෙවීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි - විමල් වීරවංශ
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව හා අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව මෙතෙක් ගෙවීමට ආණ්ඩුව අසමත් වීමෙන් එම ප්‍රතිලාභීන් ඉමහත් අසරණ තත්ත්වයකට ඇදවැටී ඇති බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ නිවේදනය පහළින්...
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව හා අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව මෙතෙක් ගෙවීමට ආණ්ඩුව අසමත් වීමෙන් එම ප්‍රතිලාභීන් ඉමහත් අසරණ තත්ත්වයකට ඇදවැටී තිබේ.
රටෙහි මුළුමහත් ජනතාවම ආර්ථික අර්බුදයක් හමුවේ අනේකවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින මොහොතක දරිද්‍රතා රේඛාවෙන් පහළම සිටින ඉහත කී පිරිස පත්ව ඇති දුෂ්කරතාව ගැන කවර කතා ද? ලබා දෙන දීමනාව "සොච්චමක්" වුව එය මේ මොහොතේ ඔවුනට "මහමෙරකි". මේ වගකීම් විරහිත ආණ්ඩුව ඉහත කී දීමනා මීට පෙර ප්‍රමාද කළේ ව්‍යාජ "අස්වැසුමක්" මවා පා නව ගෙවීම් ක්‍රමවේදයක් සකසන බව කියමිනි. නමුත් අගෝස්තු මස අවසානයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම දීමනා පෙර පැවති ක්‍රමයටම ගෙවීමට පියවර ගන්නා බව ය. ඒ අනුව මේ අන්ත අසරණ පිරිසට ජූලි මාසයේ තම දීමනාව ලැබී ඇත්තේ ද අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මුල ය.
කෙසේ වෙතත් රජයේ සංඛ්‍යාලේඛන අනුව, අප සමාජයෙහි අත්වැලක් අත්‍යවශ්‍යව සිටින 6,47,683ක පිරිසකට මෙම දීමනා ගෙවනු ලබයි. ඒ 5,17,692කට වැඩිහිටි දීමනාවත් 88,602කට ආබාධිත දීමනාවත් 41,119කට වකුගඩු රෝගී දීමනාවත් ආදී වශයෙනි. ඒ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 2684ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ. මෙය අප සමාජයක් ලෙස දැරිය යුතුම වැය බරක් නොවන්නේ ද?
අප රට ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටියත් තමන්ට හිමි සියලු වරප්‍රසාදයක්ම කිසිදු අඩුවකින් තොරව භුක්තිවිඳින මේ වගකීම් විරහිත පාලකයන් තවමත් යන්නේ, "ණයට අරන් - සැපට කාලා - ජොලියෙ ඉඳීමේ" මාවතේම ය. "යළි ණය ලබා ගැනීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය" දෙස පමණක් නෙත් යොමු කරමින් යන මේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට එම අරමුදලේ නියෝග හැර අන් කිසිවක් පෙනෙන්නේ නැත. රාජ්‍ය සේවකයන්, වෘත්තිකයන්, මැද පන්තියේ පිරිස් ජීවන වියදම දරාගත නොහැකිව සිටියදී බදු පිට බදු ගහන්නේ ඒ නිසාය. ඉහත කී අත්‍යවශ්‍ය සුබසාධන දීමනා ප්‍රමාද කරමින්, අවසානයේ එම ප්‍රතිලාභී පිරිස් කප්පාදුවට පාර කපාගන්නේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිනවීමට හැර අන් යමකට නොවේ.
මේ සියල්ල ගැඹුරින් තේරුම් ගනිමින්, "සැබෑ ක්‍රම වෙනසකට" සැරසෙන ලෙස ජනතාවට අවධාරණය කෙරී ඇති මේ මොහොතේ, අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටින්නේ, සැත්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව වහා ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
විමල් වීරවංශ(පා.ම.)
සභාපති, උත්තර ලංකා සභාගය
නායක, ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..