වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳවට්ටා, රටේ සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදා කළ යුතුයි - විමල් යාපනයේ දී කියයි
වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳ දමා, සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදාකර ගතයුතු බවත් ඒ සඳහා සිංහල, දමිළ, මුස්ලිම් සැබෑ සමගිය වෙනුවෙන් කැපවුණු ලකුණ ‘තරුව’, මෙවර ජනාධිපතිවරණයේදී අප කාගේත් ලකුණ බවට පත්කර ගනිමින් ඊට මුල පිරිය යුතු බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
මෙවර ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් ඉදිරිපත්ව සිටින සර්වජන බලය අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය පිණිස යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේදී පැවති ජනරැලිය අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
මෙම මහජන රැලිය අමතා සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“අපේ ලකුණ ජනතාවට මග පෙන්වපු ලකුණක්. ඉදිරියේදී උතුර, දකුණ, නැඟෙනහිර, වතුකරය ඇතුළු මේ රටේ සෑම තැනකම සිංහල, දමිළ, මුස්ලිම් සකල ජනීජනයාට මඟ පෙන්වන ලකුණ වන්නේ ද ‘තරුව’යි. ඒ වගේම දිලිත් ජයවීර සහෝදරයා ජනාධිපතිවරයා බවට පත්කරන ජයග්‍රහණය අප ලබන්නේ ද තරු ලකුණෙනුයි.
ළං වෙන්න බැරි මන්ත්‍රීවරු වෙනුවට…
දැන් පාර්ලිමේන්තුවේ සිටින, ඔබ පත් කරලා යවපු මහජන නියෝජිතයන් යාපනයේදී හමුවෙලා ඔබගේ ප්‍රශ්නයක් කතා කිරීමට පුළුවන්ද? ඔවුන් ඔබට මඟතොටේදී දැකගන්න පුළුවන්ද? අපි දකුණේ මහජන නියෝජිතයන් විදිහට අවම වශයෙන් මසකට වතාවක්වත් මහජන හමුවීම් පැවැත්විය යුතුයි. මහජනයා ඒවාට පැමිණ ඔවුන්ගේ දුක්ගැනවිල්ල අපට කියනවා. අපි ඒවාට ඇහුම්කන් දීලා විසඳිය හැකි සියල්ල විසඳනවා. එහෙම නොවන දකුණේ මහජන නියෝජිතයන්ට කවර පක්ෂයේ වුවත් ඊළඟ වතාවේ ගෙදර යන්න වෙනවා. ඒත් ‘සිංහල – දමිළ ජනතාව ඇනකොටා ගත යුතුයි’ කියා හැමදාම පවසන සුමන්තිරන් ඇතුළු ලේ පිපාසිත පිරිස ඡන්දයෙන් පසුව ඔබව හමුවීමට එනවාද? ඔබට ඔවුන් හමුවීමට පුළුවන්ද? විග්නේෂ්වරන් මහත්තයා ගැන මීට කලිනුත් අදහස් දැක්වූ අය කතා කළා. දශක ගණනාවක් තිස්සේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබපු, විශ්‍රාම වැටුප් ලබපු විග්නේෂ්වරන් මහත්තයෝ ඔබ මේ කතා කරන්නේ කවර ‘ස්වයං පාලනයක්’ ගැනද?
උතුරේ පාසල් ගිනි තැබූ ‘වෙල්ලාල බලය’
උතුරේ ජනතාවට නිදහස් අධ්‍යාපන අයිතිය දුන්නේ කවුද? දකුණට වගේම උතුරටත් නිදහස් අධ්‍යාපන අයිතිය දුන්නේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා. කන්නංගර මැතිතුමා ගෙනාපු නිදහස් අධ්‍යාපන පනත අනුව රට පුරා අලුත් පාසල් හැදුවා. එදා යාපනයේ කුලහීන පිරිස් වෙසෙන ප්‍රදේශවල එහෙම හදපු පාසල් ගිනි තැබුවා. ‘කුලහීනයන්ගේ ළමයින්ට උගන්වන්න දෙන්න බැහැ’ කියමින් ඒ පාසල් ගිනි තැබුවේ කවුද? ‘කුලහීනයා ඉන්න ඕනේ බලවතාගේ සපත්තු ලෙව කාගෙන’ කියන මතය තවමත් ඔළුවේ තියාගෙන උතුරේ ජනතාව පාගාගෙන ඉන්නේ කවුද? ඒ තත්ත්වය අපි වහාම වෙනස් කරන්න ඕනේ. එය සදහටම අතීතය බවට පත්කරන්න ඕනේ.
දිලිත් ජයවීර ජයග්‍රහණය කරවනවා වගේම මේ අරුන් සිද්ධාර්ත් වැනි පීඩාවට පත් වූ ජනයාගේ දරුවන් වැඩිවැඩියෙන් පාර්ලිමේන්තුවට එවන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරයා, සහෝදරිය, අපි වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳවට්ටලා මේ රටේ සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදා කරන්න ඕනේ. සාමාන්‍ය දෙමළ මිනිහාට සිංහල මිනිහාගේ හමෙන් සපත්තු මහන්න හිතුනේ නැහැ. වෙල්ලාල කුලයේ ප්‍රභූ මහත්වරුන්ගේ නෝනලාට නම් එදා ‘සිංහලයාගේ හමෙන් සපත්තු මහන්න’ හිතුණා.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්