
ආණ්ඩුව විකුණන ආයතන මිලදී ගන්න ජනතා පොදු සමාගමක් එයි - කොටසක් රුපියලයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා, එම ආයතන මිලදී ගැනීමට ශ්‍රී ලාංකික ‘ජනතා සමාගමක්’ පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (27 දා) පැවැත්වීමට නියමිතය.
මෙම ජනතා සමාගම පිහිටුවීමේ පළමු සහ ප්‍රධාන වැඩකොටස් අද (27 දා) සවස 03.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී. – ගොඩනැගිල්ලේ ජැස්මින් ශාලාවේ පැවැත්වීමට නියමිතය.
Treasure Treasure Republic Guardians ලෙස නම් කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුම පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්‍ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක් ද ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්‍ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, නේචර් සීක්‍රට් සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ත කුමාරසිංහ, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, වෛi ගුණදාස අමරසේකර මහතා, වෛi වසන්ත බණ්ඩාර මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ඇතුළු මහා සංඝරත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
මෙම ජනතා සමාගමක කොටසක මිල රුපියලක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට තමන් කැමති ඕනෑම කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන මෙම සමාගමේ කොටස්කරුවකු වීමට අවස්ථාව පවතින බව මෙම කටයුත්ත හා සම්බන්ධ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජනක විජයපතිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
