රජයේ සත්ව ගොවිපොළක වෛරසයක් වැළඳී තිබූ කිරි එළදෙනුන් 450ක් මස් කර වෙළඳපොළට දාලා
ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම සත්ව ගොවිපොලේ බෝවන වෛරසයක් වැලදි තිබු ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කරන ලද කිරි එළදෙනුන් 450 දෙනෙකු පමණ සත්ව ගොවිපොලේ පාලන අධිකාරිය වසරක කාලයක් තුල වරින් වර මස් පිණිස ප්‍රදේශයේ ගව මස් අලෙවිකරුවන් වෙත අලෙවි කර ඇති බව එම සත්ව ගොවිපොලේ සේවකයින් පවසති.
2010 වසරේ ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් විශාල මුදලක් ගෙවා ඔස්ට්‍රේලියාවෙන් මෙම කිරි එළදෙනුන් මෙරටට ගෙන්වා දේශිය කිරි කර්මාන්තය නංවාලිමට පියවර ගෙන තිබුණද මේ වන විට එම සත්ව ගොවිපොලේ කිසිදු කිරි එළදෙනෙකු නොමැති බවයි ගොවිපොලේ සේවකයින් කියා සිටින්නේ.
වෛරසය වැලදි සිටි කිරි එළදෙනුන් සත්ව ගොවිපොලේ පාලන අධිකාරිය විසින නුවරඑලිය , ගම්පොල , නාවලපිටිය , හැටන් , ආගරපතන යන ප්‍රදේශවල ගව මස් අලෙවිකරුවන් වෙත මුදලට අලෙවි කර ඇති බවත්, එම සතුන් ව්‍යාපාරිකයන්ගේ වාහන වලින් ඇතැම් අවස්තාවල ප්‍රවාහනය කල බවත්, අවස්තා කිහිපයකදි සත්ව ගොවිපොලේ වාහන වලින් එම සතුන් ප්‍රවාහනය කල බවයි සේවකයින් කියා සිටින්නේ.
වෛරසය පැතිර තිබු එළදෙනුන් එන්නත් කර පුළුස්සා වල දැමිමට හෝ සුදුසු රක්ෂිතයකට මුදා හරින ලෙසට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දි තිබියදි පාලන අධිකාරිය විසින් එම සතුන් ගොවිපොලේ පාලන අධිකාරිය විසින් මස් පිණිස අලෙවි කර මුදල් උපයාගත් බවයි සේවකයින් කියා සිටින්නේ.
අක්කර 500 ක පමණ වපසරියකින් යුත් ඩයගම සත්ව ගොවිපොලේ තෘණ වගා කර තිබු භුමිවල එම සත්ව ගොවිපොලේ සේවය කල සේවකයින් 53 දෙනෙකු පමණ යොදාගෙන මේ වන විට එලවළු වගාව සිදු කරන බවයි සේවකයින් කියා සිටින්නේ.
දේශිය කිරි කර්මාන්තය නංවාලිම සදහා සුදුසු පරිසරය සහ අවශ්‍ය සියළුම සම්පත් වලින් සමන්විත ගොඩනැගිලි සහිත ඩයගම සත්ව ගොවිපොල පෞද්ගලික අංශයට පවරා ඇති බවද සත්ව ගොවිපොලේ සේවකයින් වැඩි දුරටත් කියා සිටියි.
සේවකයින් නගන චෝදනා සම්බන්ධයෙන් එම සත්ව ගොවිපොලේ කලමණාකරුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සේවකයින් නගන චෝදනා සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ පිළිතුරු ලබාදිය නොහැකි බවත්, හැකියාවක් ඇත්නම් සත්ව ගොවිපොලට පැමිණ අවශ්‍ය තොරතුරු ඉහල පාලන අධිකාරියේ අවසර ලබාගෙන ලබාදිය හැකි බවයි.
– රංජිත් රාජපක්ෂ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..