හරක් කටා මුදා ගැනීමේ මරාගෙන මැරෙන සැලැසුම ගැන තවත් තොරතුරු එළියට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින 'හරක් කටා' හා 'කුඩු සළිඳු' මුදාගැනීමට සිදුකළ සැලසුම ගැන තවත් තොරතුරු රැසක් මේ වන විට හෙළිවී තිබේ.
ඒ, සඳහා සූදානමින් සිටි කමාන්ඩෝ භටයන් හට අදහාගත නොහැකි මුදලක් ලබාදීම සඳහා 'මිදිගම චූටි' නමැති සංවිධානාත්මක අපරාධකරු සූදානමින් සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.
එම මෙහෙයුම මරාගෙන මැරෙන පන්නයේ මෙහෙයුමක් වීම හේතුවෙන් එහිදී යම් අයෙකු මියගිය හොත් ඔවුන්ගේ පවුලේ ඥාතීන් රැකබලාගැනීම සඳහා ද කටයුතු සූදානම් කර තිබූ බව වාර්තා වෙයි.
අදාළ පළායෑම සඳහා පිඹුරුපත් සකසමින් සිටි හිටපු කමාන්ඩෝ භටයන් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස වැදගත් කරුණු රැසක් හෙළිවී තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ, හරක් කටා හා කුඩු සළිඳු මුදාගැනීම සඳහා 6 දෙනෙකුගෙන් සමන්විත කමන්ඩෝ කණ්ඩායමක් සූදානම් කිරීමට කටයුතු කරමින් සිටි බවය.
මෙම මෙහෙයුම සඳහා පිඹුරුපත් සැකසූ හරක් කටාගේ සමීපතමයෙකු වන මිදිගම චූටි නමැති සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයා තම කණ්ඩායම සඳහා අදහාගත නොහැකි මුදලක් ලබාදෙන බව පැවසූ බවත් සැකකරුවන් දෙදෙනා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.
එමෙන්ම එය මරාගෙන මැරෙන පන්නයේ ප්‍රහාරයක් හෙවත් DO OR DIE පන්නයේ ප්‍රහාරයක් වීම හේතුවෙන් අදාළ ක්‍රියාදාමය අතරතුරදී යම් අයෙක් මියගියහොත් ඔවුන්ගේ පවුලේ ඥාතීන් රැක බලාගැනීමට ද කටයුතු සූදානම් කර තිබූ බව අත්අඩංගුවට පත් හිටපු කමාන්ඩෝ බටයන් දෙදෙනා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..