ලාල්කාන්ත වහා අත්අඩංගුවට ගන්න - උදය ගම්මන්පිල
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ වසර මැද මූල්‍ය තත්ව වාර්තාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසීය,
"අපි තමයි ජනතාවට පාර්ලිමේන්තුවට එන්න කිව්වේ. නමුත් අරගලයේ හිටපු සමහරු මගහැරිය නිසා ඒ දේ කරගන්න බැරි වුණා කියලා ලාල්කාන්ත කිව්වා. එදා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ජවිපෙ අරගලකරුවන්ට හැකි වූවානම් අද ලංකාවේ ඇතිවෙන්නේත් බංගලා දේශයේ තත්වයමයි. රට තවමත් ගිනි ගන්නවා.
ලාල් කාන්ත මහතා යෝජනා කරපු ආකාරයට අද බංගලාදේශයේ මහපාරේ නඩුව අහනවා. නඩු අහලා මිනිසුන් මරා දමනවා. අද බංගලාදේශය අරාජිකවී ලේ ගංගාවක් බවට පත්වෙලා. රටම මිනී කඳු ගොඩ ගැහිලා.
එවැනි තත්වයක් ඇති කිරීමට සිටියා කියලා ලාල්කාන්ත ප්‍රකාශ කරනවා. අනුර එක්ක ඩීල් එකක් නැත්නම් දැන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධයක් කිරීම වගේම අපරාධයක් කිරීමට තැත් කිරීමත් වරදක්. ඔවුන් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන විනාශයක් කිරීමට සූදානම්වූ බව පවසනවා. අනිත් කට්ටිය වගේ නෙවෙයි ලාල් අවංක මනුස්සයා. ඇත්ත කියනවා. හිතේ තියෙන දේ කියනවා. මේ අවස්ථාවේදීත් ඇත්ත කියලා තියෙනවා. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සැලසුම් කළා කියලා අැමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නීතිය ක්‍රීයාත්මක වුණා නම් ආණ්ඩුව දැන් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්