
ලංකාවට පැමිණි චීන පර්යේෂණ නෞකාව ගැන අලුත් කතාව
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ "Shi Yan 6" චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බවයි.
එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය.
චීනයට අයත් "Shi Yan 6" පර්යේෂණ නෞකාව ඊයේ (25) පස්වරුවේ කොළඹ වරායට ළඟා වූ අතර, අදාළ නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු සැපයුම් ලබාගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම්ලා තැබීමට ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ඉන්දියන් සාගරයේ සිදුකරන පර්යේෂණ කටයුත්තක් සඳහා අදාළ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා තිබු අතර ඊට මෙතෙක් අවසර ලබාදී නොමැති බව පැවසේ.
අදාළ නෞකාව නාරා ආයතනය සමග එක්ව සතියක පමණ කාලයක් ඉන්දියන් සාගරයේ ජලය පිළිබඳ විශේෂ පර්යේෂණයක් සිදුකිරීමට සැලසුම් කර තිබු බව නාරා ආයතනය පවසයි.
ඉන්දියන් සාගරය ආශ්‍රිතව සිදුවන කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අධ්‍යයනයක් මෙම පර්යේෂණය මඟින් සැලසුම් කර තිබු බව වාර්තා වේ.
යම් හෙයකින් පර්යේෂණ කටයුතු සඳහා චීන "Shi Yan 6" නෞකාවට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අවසර ලබා දුනහොත් ඊට සහභාගීවීමට නාරා ආයතනය සූදානමින් සිටින බව එහි ප්‍රකාශයෙකු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
