
රුසියානු හමුදාවේ න්‍යෂ්ටික බලකායෙන් දැවැන්ත අත්හදා බැලීමක්
රුසියාව සිය උපායමාර්ගික න්‍යෂ්ටික බලවේග අත්හදා බැලීමේ අරමුණින් දැවැන්ත අභ්‍යාසයක් පවත්වා ඇති බව ක්‍රෙම්ලිනය ඊයේ(25) ප්‍රකාශ කළේය. මෙම අභ්‍යාසවලට රුසියානු හමුදාවේ න්‍යෂ්ටික බලකායේ කොටස් ත්‍රිත්වය වන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ඒකකය, න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීන ඒකකය සහ උපාය මාර්ගික බෝම්බ හෙලන යානා ඒකකය සම්බන්ධ වී ඇති බව රුසියානු පුවත් සේවා පවසයි.
මිලිටරි නායකත්වයේ සූදානම සහ උපායමාර්ගික න්‍යෂ්ටික හමුදාවන්ට අණදීමේ හැකියාව තක්සේරු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ බව ක්‍රෙම්ලිනය පවසයි. එයට සම්බන්ධ සියලුම බලවේග ඔවුන්ගේ කාර්යයන් නිවැරදිව "අනුගමනය" කළ බවද ක්‍රෙම්ලිනය වැඩිදුරටත් පැවසීය.
මෙම අභ්‍යාසයට රුසියාවේ අති නවීන යර්ස් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය රටේ උතුරේ ඵ්ලෙසෙට්ස්ක් Cඔස්මොඩ්‍රොමෙ වෙතින් දියත් කිරීමට සම්බන්ධ විය. මිසයිලය රුසියාවේ ඈත පෙරදිග ඛම්චට්ක අර්ධද්වීපයේ, මිසයිල දියත් කරන ස්ථානයේ සිට කිලෝමීටර් 5,700 කට වඩා වැඩි දුරකින් පිහිටි ඛුර මිසයිල පරීක්ෂණ පරාසයේ සිය ඉලක්කයට සාර්ථකව පහර දුන්නේය.
රුසියාවේ ‘ඨුල’ නමැති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය ‘Sඉනෙව’ බැලස්ටික් මිසයිලයක් ඇර්ඛන්ගෙල්ස්ක් කලාපයට උතුරින් පිහිටි ඹරෙන්ට්ස් මුහුදේ සිට සාර්ථකව දියත් කළ බවද රුසියනු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඨු-95 මූලෝපායික න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා න්‍යෂ්ටික බලය ඇති කෲස් මිසයිල කිහිපයක් ද දියත් කළ බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
අභ්‍යාසය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පුද්ගලිකව අධීක්ෂණය කරන ලද අතර මොස්කව්හි රුසියානු ජාතික ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් අර්ධ වශයෙන් සම්බන්ධීකරණය කරන ලදී.
රුසියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු නොකිරීමේ ප්‍රතිඥාව ඉවත් කර ගැනීමට ආසන්නව සිටින අවස්ථාවක මෙම අභ්‍යාසය පැවැත්විණි. ඊයේ(24) රුසියානු සමූහාණ්ඩුවේ කවුන්සිලය හෙවත් ජාතික පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් එවැනි පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමක් රුසියාව විසින් අනුමත කිරීම ඉල්ලා අස්කර ගන්නා පනතක් අනුමත කළේය. පහළ මන්ත්‍රී මණ්ඩලය වන රුසියානු රාජ්‍ය ඩූමාව මීට පෙර එම නීති සම්පාදනය කරන ලද්දේය.
2000 දී රුසියාව විසින් අනුමත කරන ලද, 1996 වර්ෂයේ ඉදිරිපත් වුණු විස්තීර්ණ න්‍යෂ්ටික-පරීක්ෂණ-තහනම් ගිවිසුම (Cඨ්ඹ්ඨ්) තවමත් බලාත්මක වී නැත. මක් නිසාද යත් එහි නියමයන් එක්සත් ජනපදය ඇතුළු ජාතීන් සමූහයක් විසින් අනුමත කළ යුතු බැවිනි. ගිවිසුම අනුමත නොකළ නමුත් “අත්සන් කළ අයට දේශන පැවැත්වීම සුදුසු යැයි සලකන” වොෂින්ටනයේ ආස්ථානය පෙන්වා දෙමින් මොස්කව් ගිවිසුමෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් මීට පෙර මොස්කව් පරිපාලනය පැහැදිලි කළේය.
කෙසේ වුවද න්‍යෂ්ටික අත්හදා බැලීම් එක්සත් ජනපදය විසින් ප්‍රථමයෙන් සිදු නොකරන්නේ නම්, නෛතික බැඳීම් ඉවත් කිරීමෙන් පසුව ද, න්‍යෂ්ටික අත්හදා බැලීම් කිරීමෙන් වැළකී සිටින බවට මොස්කව් පරිපාලනය ප්‍රතිඥා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
