News Category
From Date
To Date
Maximum Number of Result

'ලොකු අයියලාගේ' බලපෑමට 'ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන' පාලනයකට චීනයෙන් සහයෝගය ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ - විමල් වීරවංශ

Oct 25, 2023 at 02:32 PM
|

"අසල්වැසි ලොකු අයියාගේ" සහ "ඈත සිටින බටහිර ලොකු අයියාගේ" බලපෑමට, ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩ කරන, වැරදිසහගත විදේශ ප්‍රතිපත්තියක සිටින පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් නමුත් සෘජු විදේශ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන ඉතියෝපියාව, රුවන්ඩාව වැනි අප්‍රිකානු රටවල් පවා චීනයේ "එක් තීරයක් සහ එක් මාවතක්" ව්‍යාපෘතිය(BRI) හා බැඳෙමින් විශාල ආර්ථිකමය සහ සමාජමය සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

චීනයේ බීජිං නගරයේ පැවති "ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" සහභාගි වීමෙන් අනතුරුව ඊයේ(24) ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ පැවසීය.

ඒ මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේය.

චීනයේ සංචාරය කළේ කවර අරමුණින් ද?

අපට චීන රජයෙන් ලැබුණු විශේෂ ඇරයුමක් අනුවයි සංචාරය කළේ. ඔබ දන්නවා චීන රජය ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ඇරැඹූ "එක් තීරයක් සහ එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative - BRI)" පිළිබඳව. එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ද රාජ්‍යයක් ලෙස බැඳුණු ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතියට වසර 10ක් පිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ"ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" සමුළුවට  සහභාගි වීමටයි අපට ඉහත ඇරයුම ලැබුණේ. දේශපාලන පක්ෂ නායකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු එම ඇරයුමෙන් එම සමුළුවට සහභාගී වීමට හා සමුළුවෙන් පරිබාහිරව පැවති යම් යම් අධ්‍යයන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට මෙහිදී අපට අවස්ථාව ලැබුණා.

මෙම සංචාරය සඳහා ඔබ ජනාධිපතිවරයා සමග එකම ගුවන් යානයක ගමන් ගත් බව කියැවෙනවා...

මම මෙම සංචාරයට යන්නේ කුමන ගුවන්යානයක ද, කියන එක තීරණය කළේ ඊට අනුග්‍රාහකත්වය දැක්වූ රටයි. එකම ගුවන් යානයක මගේ මිතුරන්, සතුරන්, දන්නා අය, නොදන්නා අය සියලුදෙනා ඉන්න පුළුවන්නේ. ඒක මට අදාළ නැහැ. ජනාධිපතිවරයාට ඇරයුම ලැබුණේ BRI ව්‍යාපෘතියට සම්බන්ධ රටක රාජ්‍ය නායකයා ලෙසයි. නමුත් මට මේ ඇරයුම ලැබුණේ වෙනම. ඒ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙසයි. මෙහිදී අපට අදාළ වැඩසටහන් සහ ජනාධිපතිවරයාට අදාළ වැඩසටහන් වෙන වෙනමයි පැවැත්වුණේ.

මෙම සමුළුව අපේ රටට වැදගත් වෙන්නෙ කොහොමද?

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි පැරණි සේද මාවත(Silk Road) නියෝජනය කරන බොහෝ රටවල් ඉහත කී BRI ව්‍යාපෘතියට සම්බන්ධයි. ඉතියෝපියාව වැනි රටවල් පමණක්  නොවෙයි ඇතැම් යුරෝපා රටවල් ද මෙම ව්‍යාපෘතිය හා බැඳී සිටිනවා. මෙම ව්‍යාපෘතිය මගින් සිදු වන්නේ සේද මාවතේ පිහිටි රටවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙනඒම. නිදසුනක් ලෙස ඉතියෝපියාව අද එම ජාත්‍යන්තර සහයෝගයේ ප්‍රතිඵල හොඳින් භුක්ති විඳිනවා. මෙම සමුළුවේ ප්‍රධාන සැසිවාරයේදී ඉතියෝපියාව නියෝජනය කරමින් පැමිණි එහි අග්‍රාමාත්‍යවරයා කතාවක් ද සිදු කරනු ලැබුවා. නමුත් කනගාටුයි, එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එම අවස්ථාව ලැබුණේ නැහැ. එම ව්‍යාපෘතිය අරඹා වසර දහයක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ පෙනෙනවා, ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලු රටවල විශාල ආර්ථික වර්ධනයක් සිදුව ඇති බව.

මෙවර සමුළුවෙන් ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත් වුණා ද?

මම දන්නා විදිහට මේ සමුළුවෙන් විශේෂ වාසියක් අත්කරගන්න මෙරට රාජ්‍ය නායකයාට හැකියාව ලැබුණේ නැහැ. කොහොමත් මම ගියේ දේශපාලන පක්ෂ නායකයෙකු ලෙසයි.

දැන් බලන්න, චීන රජය සහ අපේ රටේ 'ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය(NARA) ගිවිසුම්ගත වෙලා තියෙනවා, අපේ සාගර කලාපයේ පත්ල ගවේෂණය කරන්න. ඒ ගිවිසුමට අනුව චීන නාවුක ගවේෂණ යාත්‍රාවක් ඔක්තෝබර් මාසයේ මුලදී පැමිණීමට නියමිතව තිබුණා. නමුත් කිසියම් රටක බලපෑම නිසා ශ්‍රී ලංකා රජය චීන රජයට කිව්වා, 'මේ නැව එවන එක ප්‍රමාද කරන්න' කියා. තුන්වැනි පාර්ශ්වයක බලපෑම මත ඒ ආකාරයට ද්විපාර්ශ්වික ගිවිසුමක් කඩ කරන, දියාරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන පාලනයකට මම හිතන්නේ නැහැ, 'චීනය වගේ රටකින් අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි' කියලා.

අද ඔබ වැඩිදුරටත් හොයලා බලන්න, නිවැරදි විදේශ ප්‍රතිපත්තියක කෙලින් සිටින නිසා, ඉතියෝපියාව, රුවන්ඩාව ඇතුළු අප්‍රිකාවේ බොහෝ රටවල් ආර්ථිකමය සහ සමාජීය වශයෙන් විශාල දියුණුවක් ලබමින් සිටිනවා. 'ළඟ ඉන්න ලොකු අයියා' ඇස් දෙක ලොකු කරගත්තාම, මේ රටේ පාලකයන්ගේ කකුල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. 'ඈත ඉන්න බටහිර ලොකු අයියා' 'පාට් එක' දමපුවාමත් එයාලගේ කකුල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. එතකොට අපේ රටට සැබෑ මිත්‍රයෝ නැති වෙනවා. මේ 'ලොකු අයියලා' මිත්‍රයෝ කියලා හිතුවාට එයාලා බලන්නේ අපෙන් දෙයක් කඩාවඩා ගන්න මිසක් වෙන දෙයක් නෙවෙයි.

 "නවය; සැඟවුණු කතාව", ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව ලියවුණු විමර්ශනාත්මක කෘතිය චීන බසට පරිවර්තනය කිරීමේ අදහසක් නැද්ද?

දැනට මේ කෘතිය ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවලට පරිවර්තනය වී තිබෙනවා. ඉදිරියේදී තව භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ මේ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණෙන විට මේ ආණ්ඩුව තෙවන වතාවටත් ලයිට් බිල වැඩි කරලා..

මතකයිනේ, 'ලක් අම්මගෙ දරුවො ටික' 'ගාලුමුවදොර අන්තිම සටන' කරලා රනිල් වික්‍රමසිංහ බලයට ගෙනාවා. 'උඹලා මාව බලයට ගෙනවානේ. දැන් මම දෙන්නම් පරිප්පුව' කියලා එයා දැන් වැඩ පෙන්වනවා. විදුලිබල මණ්ඩලයේ නාස්තිය වළක්වා ගන්න පියවර ගන්නේ නැහැ. මේ විදියට විදුලි බිල දිගින් දිගටම වැඩි කරලා මේ කරන්නේ, විදුලිබල මණ්ඩලය කෑලි හත-අටකට කඩලා විකුණාගන්න, විදුලි පාරිභෝගිකයා එකඟ කරවා ගැනීම. ඒ 'විකිණීම' සඳහා ඕන කරන 'පීඩනයයි' මේ දෙන්නේ. මේ විදුලි බිල වැඩි කිරීම පිටුපස තිබෙන කථාව මෙයයි.

 "සෞඛ්‍ය ඇමති ඔළු මාරුවෙන්" සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳේවි ද?

මේ ගැන හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව පැවති විශ්වාසභංගය පිළිබඳ විවාදයේදිත් මම කිව්වා, 'අපට කෙහෙළිය රඹුක්වැල්ල 01 යවලා, කෙහෙළිය රඹුක්වැල්ල 02 ගෙනඑන්න පුළුවන්. එයාවත් යවලා කෙහෙළිය රඹුක්වැල්ල 03 ගෙන එන්නත් පුළුවන්. එහෙම කළා කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය විසඳෙන්නේ නැහැ' කියා. දැන් 'රාජිත සේනාරත්න 01' යවලා 'රාජිත සේනාරත්න 02' ගෙනාවානේ. රාජිත සේනාරත්න 02 කියන්නේ කෙහෙළිය රඹුක්වැල්ලටනෙ. ඔය කියන ඔළු මාරුවලින් පමණක් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැඹුරු පරිවර්තනයක් කරන්න පුළුවන් වෙයි, කියා මම විශ්වාස කරන්නේ නැහැ.

ඊශ්‍රායල - පලස්තීන ගැටුම අපේ රටට කරන බලපෑම කෙබඳු ද?

ලෝකයේ සෑම තැනකම සිදු වන තීරණාත්මක දේවල් අපටත් බලපානවා. ලෝක තෙල් මිල ඉහළ යෑමෙන් සිදුවන බලපෑම, විදේශ රැකියා අහිමි වන පිරිසගේ ප්‍රේෂණ අහිමි වීමෙන් සිදු වන බලපෑම ආදිය නිසා අපට විශාල කුණාටුසහගත අනාගතයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වේවි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊශ්‍රායල - පලස්තීන ගැටුම සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය ගැන ඔබ දකින්නේ කෙසේද?

මට නම් පෙනෙන්නේ ජනාධිපතිවරයා 'මම ඊශ්‍රායලයටත් නැහැ - පලස්තීනයටත් නැහැ' වගේ ස්ථාවරයක ඉන්න බවයි. නමුත් යුද ගැටුමක් පවතින විට 'මම දෙපැත්තටම නැහැ' වගේ දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැහැ.

දැන් බලන්න, මුල් රාජ්‍යය පලස්තීනයයි. නමුත් ඊශ්‍රායලය කියන්නේ පසුව එතැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කෘත්‍රිමව හදපු රාජ්‍යය. මෙතැන 'දෙමළ ඊළම' හැදුවා නම් අපිත් පලස්තීනයේ ඉරණමටම ලක් වෙනවා. කෙසේ වුවත් මෙහිදී ඓතිහාසික අසාධාරණය සිදු වී ඇත්තේ පලස්තීනයටයි. ඒ ඓතිහාසික අසාධාරණය නිවැරදි කරන ලෝකයක් නොවෙයි අද බලවත්ව ඉන්නේ. පලස්තීනය සම්පූර්ණයෙන් ලෝක සිතියමෙන් අතුගාලා දමලා 'යුදෙව් ඊශ්‍රායලය' බලසම්පන්න කිරීමේ බල මෙහෙයුමක් තමයි අද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ.

 නමුත් හමාස් සංවිධානයට නේද යුද ගැටුමේදී වැඩි චෝදනා එල්ල වෙන්නේ...

මෙවර යුද ගැටුම ආරම්භ කළේ හමාස් සංවිධානයනෙ. නමුත් හමාස් සංවිධානය කියන්නේ මුලින් ඊශ්‍රායල ඔත්තු සේවාව වන 'මොසාඩ්' විසින් මුදල් වියදම් කරලා හදපු එකක්. 'මොසාඩ්' හදපු 'හමාස්' දැන් එයාලාටම පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. එදා යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති හමුදාවට එරෙහිව මොසාඩ් එක තමයි හමාස් හැදුවේ. දැන් තමන් 'කිරි පොවලා හදපු' හමාස් එක තමන්ටම ගහනකොට ඒක අපිට කියලා වැඩක් නැහැ. හදපු අය ඒක බලාගන්න ඕනේ"

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.