නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ විග්‍රහයට ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාගෙන් ප්‍රතිචාර
'නව ව්‍යවස්ථාකෙටුම්පත මගින් 13 ඉක්මවා යන බලයක් පළාත් සභාවලට ලැබෙනවාද?' යනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඉකුත් දා ලිපියක් මගින් දීර්ඝ විග්‍රහයක් සිදුකරන ලදී.
එම ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී තිබුනේ නව කෙටුම්පත වර්තමාන ජනාධිපතිවරයා විසින් පිළිගතහොත් සහ එය ක්‍රියාත්මක කළහොත් බෙදුම්වාදීන්ට වඩා වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එම කරුණු සඳහන් කර තිබුනේ මෙසේය.
"නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් සමගාමී ලැයිස්තුව අහෝසි කර මධ්‍යම රජයේ බලතල ලැයිස්තුව ඉවත් කර පළාත් බලතල ලැයිස්තුව විෂයන් 67ක් දක්වා පුළුල් කර ඇත. එම බලතල වලට අදාළව ද පාර්ලිමේන්තුවට නීති පැනවිය හැකි බව සඳහන් වුව ද පළාතක් විසින් එම බලතල වලට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම ඒ මගින් වැළැක්විය නොහැක. නමුත් 13 වැනි සංශෝධනය යටතේ ප්‍රඥප්තියක් සම්මත කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ. නව ව්‍යවස්ථා කෙටුම්පත තුළ එම ප්‍රතිපාදන ඉවත් කර ඇති අතර පළාත් සභාවකට ස්වාධීනව තම ප්‍රඥප්ති සම්මත කර ගැසට් කිරීමේ බලතල ලබාදී ඇත. ඒ අනුව ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව පවතින නීතියට පටහැණි නම් හෝ ජාතික ප්‍රතිපත්තියට පටහැනි නම් එය නිවැරදි කරන ලෙස නියෝග කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුවද එම බලය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ලබා දී ඇත. නමුත් 13 වැනි සංශෝධනය මගින් ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ බලතල දුර්වල කිරීමක් සිදු කර නැත. නව කෙටුම්පත අනුව මධ්‍යම රජය විසින් යම් විෂයකට අදාලව නීතියක් හෝ ප්‍රතිපත්තියක් සම්පාදනය කර නොමැති තත්වයක් යටතේ පළාත් සභාවකට එම විෂයට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා විශේෂ අවකාශයක් ලැබේ. ඊට අමතරව සමගාමී ලැයිස්තුවට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතින ව්‍යවස්ථාව මගින් දක්වා ඇත. එම නිසා පළාත් ප්‍රඥප්තියක් සම්මත කරන අවස්ථාව හෝ කාල වකවානුව අනුව ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලින් රිංගායෑමේ හැකියාවක් නොලැබේ. "
කෙසේ වෙතත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මෙම විග්‍රහයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් ලිපියක් සම්පාදනය කරමින් පවසා ඇත්තේ මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත 13 සංශෝධනය අකර්මණ්‍ය කිරීම සඳහා ඉදිරිපත් කළ කෙටුම්පතක් බවය.
මෙම කෙටුම්පතේ සමගාමී ලැයිස්තුව ඇතුළත් කර නොතිබීම පිළිබඳව වසන්ත බණ්ඩාර මහතා දක්වන කරුණු පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා පවන්නේ සමගාමී ලැයිස්තුව වැදගත් වන්නේ ෆෙඩරල් හෝ අර්ධ ෆෙඩරල් රාජ්‍යයකට බවය.
එමෙන්ම පළාත් සභා ලැයිස්තුවේ විෂයන් සම්බන්ධයෙන් හා පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සම්බන්ධයෙන් මෙන්ම ඉඩම් බලතල, පළාත් ප්‍රතිපත්ති හා පළාත් සභාවල මූල්‍ය බලතල සම්බන්ධයෙන් ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දකවා ඇති කරුණුවලට මෙම ලිපිය මගින් මනෝහර ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
අදාළ ලිපිය පහළින්..





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..