News Category
From Date
To Date
Maximum Number of Result

නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ විග්‍රහයට ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාගෙන් ප්‍රතිචාර

Oct 24, 2023 at 07:48 PM
|

'නව ව්‍යවස්ථාකෙටුම්පත මගින් 13 ඉක්මවා යන බලයක් පළාත් සභාවලට ලැබෙනවාද?' යනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඉකුත් දා ලිපියක් මගින් දීර්ඝ විග්‍රහයක් සිදුකරන ලදී.

එම ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී තිබුනේ නව කෙටුම්පත වර්තමාන ජනාධිපතිවරයා විසින් පිළිගතහොත් සහ එය ක්‍රියාත්මක කළහොත් බෙදුම්වාදීන්ට වඩා වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා  එම කරුණු සඳහන් කර තිබුනේ මෙසේය.

"නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් සමගාමී ලැයිස්තුව අහෝසි කර මධ්‍යම රජයේ බලතල ලැයිස්තුව ඉවත් කර පළාත් බලතල ලැයිස්තුව විෂයන් 67ක් දක්වා පුළුල් කර ඇත. එම බලතල වලට අදාළව ද පාර්ලිමේන්තුවට නීති පැනවිය හැකි බව සඳහන් වුව ද පළාතක් විසින් එම බලතල වලට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම ඒ මගින් වැළැක්විය නොහැක. නමුත් 13 වැනි සංශෝධනය යටතේ ප්‍රඥප්තියක් සම්මත කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ. නව ව්‍යවස්ථා කෙටුම්පත තුළ එම ප්‍රතිපාදන ඉවත් කර ඇති අතර පළාත් සභාවකට ස්වාධීනව තම ප්‍රඥප්ති සම්මත කර ගැසට් කිරීමේ බලතල ලබාදී ඇත. ඒ අනුව ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව පවතින නීතියට පටහැණි නම් හෝ ජාතික ප්‍රතිපත්තියට පටහැනි නම් එය නිවැරදි කරන ලෙස නියෝග කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුවද එම බලය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ලබා දී ඇත. නමුත් 13 වැනි සංශෝධනය මගින් ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ බලතල දුර්වල කිරීමක් සිදු කර නැත. නව කෙටුම්පත අනුව මධ්‍යම රජය විසින් යම් විෂයකට අදාලව නීතියක් හෝ ප්‍රතිපත්තියක් සම්පාදනය කර නොමැති තත්වයක් යටතේ පළාත් සභාවකට එම විෂයට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා විශේෂ අවකාශයක් ලැබේ. ඊට අමතරව සමගාමී ලැයිස්තුවට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතින ව්‍යවස්ථාව මගින් දක්වා ඇත. එම නිසා පළාත් ප්‍රඥප්තියක් සම්මත කරන අවස්ථාව හෝ කාල වකවානුව අනුව ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලින් රිංගායෑමේ හැකියාවක් නොලැබේ. "

කෙසේ වෙතත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මෙම විග්‍රහයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් ලිපියක් සම්පාදනය කරමින් පවසා ඇත්තේ මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත 13 සංශෝධනය අකර්මණ්‍ය කිරීම සඳහා ඉදිරිපත් කළ කෙටුම්පතක් බවය.

මෙම කෙටුම්පතේ සමගාමී ලැයිස්තුව ඇතුළත් කර නොතිබීම පිළිබඳව වසන්ත බණ්ඩාර මහතා දක්වන කරුණු පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා පවන්නේ සමගාමී ලැයිස්තුව වැදගත් වන්නේ ෆෙඩරල් හෝ අර්ධ ෆෙඩරල් රාජ්‍යයකට බවය.

එමෙන්ම පළාත් සභා ලැයිස්තුවේ විෂයන් සම්බන්ධයෙන් හා පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සම්බන්ධයෙන් මෙන්ම ඉඩම් බලතල, පළාත් ප්‍රතිපත්ති හා පළාත් සභාවල මූල්‍ය බලතල සම්බන්ධයෙන් ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දකවා ඇති කරුණුවලට මෙම ලිපිය මගින් මනෝහර ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

අදාළ ලිපිය පහළින්..






සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.