ජනපති රනිල්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) රාත්‍රියේ විශේෂ ෆේස්බුක් සටහනක් තබා තිබේ.
තමන් සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බව එම සටහන මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
(උපුටා ගැනීම)
"මෙම ගමනේ දී මා සමග සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුලසිටම මා සමග සිටි අයට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටිය දී පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය දෑ නැතිව අරගල කරද්දි ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරිගැන්වුවා.
ඒ වගේම අපේ ප්‍රගතිය දැකලා වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමගේ අතරමගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තූති කරන්න කැමතියි.මේ සමග අප සමග එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මගේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා.පක්ෂ දේශපාලනය පසෙකලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපිට තව බොහෝ දෑ කළ හැකියි. තවමත් අප සමග එක්නොවූ මන්ත්‍රීවරුන්ට මම කියන්න ඕනෙ අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්.
සමෘද්ධිමත් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදුවෙමින් පවතිනවා. එය යථාර්තයක් බවට පත්කිරීමට කැමති සෑම කෙනෙක්ම අපිට අවශ්‍යයි. අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්ය ගැන අවසාන වශයෙන් ඔබට ස්තූතිවන්ත වෙන්න කැමතියි."
(උපුටා ගැනීම අවසන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්