
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමැති ප්‍රසන්නගේ විරෝධය
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ තීරණය නැවත සලකා බලන ලෙසට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලෙසට තමා එහිදී ඉල්ලා සිටින බවද ප්‍රසන්න රණතුංග මහතා කියයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව, ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය, සීමාසහිත හොටෙල් ඩිවලපර්ස් (ලංකා) සමාගම, ඕෂන් වීව් ඩිවලොප්මන්ට් ආයතන විසුරුවා හැරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.
මේ අතරින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දැනටමත් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඈවර කිරීම අපරාධයක් බවයි.
රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව යෝජනා 14ක් යටතේ සැකසූ එම වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාව සැකසීමේ දී කමිටුව විසින් අදාල ආයතනවල අදහස් ලබා ගෙන නැති අතර විෂය බාර ඇමතිවරයා ලෙස තමන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ද මේ පිළිබදව දැනුවත් කර නැතැයි අමාත්‍යවරයා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
