විධායක ජනපතිකම රකින්න කතා කරන ජේ.ආර්. ගේ අවතාර වක්‍රව කරන්නේ 13 වැනි සංශෝධනය රකින එකයි - ජාතික සංවිධාන කියයි
මේ දිනවල කතාබහට ලක්වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"විධායක ජනාධිපති ක්‍රමය ජේ.ආර් ගේ අත්තනෝමතික පාලන තන්ත්‍රයේ කොන්දේසියක්. ඒක වෙනස්කරන ඉල්ලීම දීර්ඝ කාලීනව තිබූ එකක්. ඒ සඳහා චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී යන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාම පොරොන්දු වුනා. ඒත් ඒක කළේ නැහැ. එසේ පොරොන්දු දෙනවිට ඔවුන් සමග සිටි බලවේග කිසිවක් ඊට විරුද්ධ වුනේ නැහැ. එම අවස්ථාවල තිබුණු කොන්දේසි වුනේ ඒකීය වගන්තිය ආරක්ෂා කිරීම පිළිබදව පමණයි.
13 වැනි සංශෝධනය බලාත්මක කළ යුතුයි කියන ජනාධිපතිවරයකු යටතේ තමයි විධායක ජනාධිපති ක්‍රමයේ භයානක කම හොඳින්ම තේරුම්ගන්න පුලුවන් වෙන්නේ. හොඳම උදාහරණය රනිල් වික්‍රමසිංහ මහතා. ඔහු විධායක බලය පාවිච්චි කරල පළාත් සභාවලට පක්ෂපාතී ආණ්ඩුකාරවරු පත්කළ විට සහ පළාත් ප්‍රඥප්ති පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම නොකර සිටින විට පොලිස්, ඉඩම් ආදී ප්‍රඥප්ති සියල්ල සම්මත කරන්න පුලුවන්. ඊට පස්සෙ ගැටුම් ඇතිකර ජාත්‍යන්තර මැදිහත්වීම මගින් ඊළම නිර්මාණය කරනවා. මේක තේරුම් නොගෙන විධායක ජනපති ක්‍රමය රකින අය කරන්නේ සත්‍ය වශයෙන්ම 13 රැකීම. ඒක ඉන්දියාවේ සහ බෙදුම්වාදීන්ගේ උවමනාවක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්