රනිල් - පොහොට්ටු ගැටුම උග්‍ර අතට... මහ මැතිවරණයක් මග එන ලකුණු!
ඊයේ සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ද පොහොට්ටුවේ ප්‍රභල ඇමතිකම් දැරූ ප්‍රභලයන් කිසිවකුටත් ඇමතිකම් නොදීම නිසා පොහොට්ටු රනිල් ගැටුම උග්‍රවී එය එළියට පැමිණ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
මේ පිළිබඳව උරණවී ඇති පොහොට්ටු නායකයන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා ජනාධිපති රනිල්ට ප්‍රසිද්ධියේ දොස් පැවරීමක් ද සිදු කළේය.
එහිදී පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ මෙම තීරණය ගැන තම පක්ෂයේ කනස්සල්ල පළකරන බව ජනාධිපතිට දැන්වූ බවත්, මේ රජය ගෙනයාමට ජනාධිපතිට ශක්තිය දෙන්නේ පොහොට්ටුව බවත්, මන්ත්‍රීවරු 5 ක් පමණක් සිටින ශ්‍රීලනිපට තවත් ඇමතිකම් හා පොහොට්ටුවේ ඇමතිකම් ගලවා රාජ්‍ය ඇමතිකම් දීම වැරදි බවත් ය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ජනාධිපතිධූරය ගැනීමට ශක්තියක් දුන් අයට මෙසේ කිරීම ගැන පොහොට්ටුවේ දැඩි විරෝධය පළකරන බවත්, මේ පිළිබඳව අනාගතයේදී තීරණයක් ගන්නා බවත්ය.
කෙසේ වෙතත් පොහොට්ටුවේ මැති ඇමතීන්ට සමාජය තුළ ඇති දැඩි කළකිරීමත්,පොහොට්ටුවේ කංචන, සේමසිංහ, ලන්සා, රණතුංග වැනි තරුණ කණ්ඩායම රනිල් සමඟ සිටීමත් හා පොහොට්ටුවේ බලය මේ වනවිට 10% කටත් වඩා අඩුවී ඇති බවට සමීක්ෂණ වාර්ථා පෙන්වාදීමත් මෙසේ රනිල් පොහොට්ටුවට ඇමතිකම් නොදීමට හේතුව බවයි විද්වතුන් පවසන්නේ.
මේ හේතුව නිසා පොහොට්ටුව අයවැයේදී ඡන්දය නොදීමට තීරණය කළහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවට රනිල් පොහොට්ටුවට මේ වන විටත් තර්ජනාත්මකව පවසා ඇති බවත් එම දේශපාලන නිරික්ෂකයෝ සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..