වඩිවේල් සුරේෂ් සජබයෙන් පන්නයි...ෆවුසි හා අරවින්ද කුමාර්ටත් විනය පරීක්ෂණ
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමටද එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය සිකුරාදා (20 දා) සවස රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව තීරණය කර ඇත.
ඊට අමතරව සමගි ජන සන්ධානයේ මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ඔහුට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීමටද තීරණය කළ බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
සමගි ජනබලවේගයේ විවිධ තීන්දුවලට හා ප්‍රතිපත්තිවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ක්‍රියා කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහිව මෙලෙස දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ