සජිත් බස්වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර බස්වලට වියදම් කරනවා... ඒ බස් හා මේ බස්වලට මුදල් ආවේ කොහොමද කියලා හෙළි නොකළොත් රට කම්බස් - උදය ගම්මන්පිල
‘සජිත් ප්‍රේමදාස මහතා බස් වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර කුමාර මහතා බස් වලට වියදම් කරනවා’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙසේ පැවසීය.
ප්‍රශ්නය
ප්‍රේමදාස මහත්තයට බස් බෙදන්න සල්ලි කොහෙන්ද කියලා ජනාධිපතිතුමා අහනවා? ඇත්තටම ඒ සල්ලි කොහෙන් එනවා ඇත්ද ?
පිළිතුර
මම නම් සජිත් ප්‍රේමදාසත් නෙමෙයි. එතුමාගේ විගණකත් නෙවෙයි. නමුත් මේක සාධාරණ ප්‍රශ්නයක්. හැබැයි ජනාධිපතිතුමාට එතුමාගේ හිත මිත්‍ර අනුර කුමාරට රටපුරා බස්වලින් සෙනඟ අඳින්න සල්ලි කොහෙන්ද කියලා අහන්න නම් අමතක වුනා. ජනාධිපතිතුමා අනුර කුමාර මහත්තයා ගැන කතා කරන්නේ මා මිත්‍ර අනුර කුමාර කියලා.
මෑතකදී මැතිවරණයට හඳුන්වා දුන් නීතිත් එක්ක මැතිවරණයට දරණ වියදම මැතිවරණයේ අවසන් වූ වහාම තමන්ගේ ගිණුම් සකස් කරලා මැතිවරණ කොමිසමට දන්වන්න ඕනෑ.
නමුත් අවාසනාවකට මැතිවරණ සමය ලෙස සලකන්නේ නාමයෝජනා භාරදුන් දිනයේ සිට ඉදිරියටයි. ඒ නිසා මැතිවරණයට කලින් කරන මේ වියදම් ඒ නීතිය යටතට ගැනෙන්නේ නෑ. නමුත් සදාචාරය යටතට ගැනෙනවා.
මට නම් පේන විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා බස් වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර කුමාර මැතිතුමා බස් වලට වියදම් කරනවා. එතකොට ඒ බස් හා මේ බස් සඳහා මුදල් ආවේ කොහොමද කියලා මේ නායකයෝ රටට හෙළි නොකළොත් රට කම්බස් කියලයි අපිට කියන්න වෙන්නේ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්