'ආරංචිය සුබයි' කියමින් ජනපති රනිල් රට ගෙනියන්නේ කොයිබට ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 'සුබ ආරංචිය' අලෙවිකරණ පණිවිඩක් ලෙසින් ඉදිරියට ගෙන එන්නේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් බවත්, නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිසින් ගැලවුනු ඔටුන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට වැටුනු බව පෙන්වීමට උත්සාහ දැරුවද, දේශීය හා ජාත්‍යන්තර මැදිහත්වීම් මත එය සැලසුම් සහගතව රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙන ඒමට සිදුවූ ක්‍රියාවලියක් බව අද වන විට හෙළිදරව් වී ඇති බවය.
1815 දී ද මෙරට තුළ සිදුවූයේ මෙවැනිම සිදුවීමක් බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව මෙරට ප්‍රභූවරුන් විසින් පාවාදී අත්අඩංගුවට ගත් පසු ඔහු ප්‍රභූවරුන්ට පැවසුවේ 'මට නැතිවුනේ කිරුළ විතරයි, උඹලට උඹලගේ රට නැති වෙනවා' යනුවෙන් යැයි ද සඳහන් කරයි.
වර්තමානයේ සිදුවෙමින් පවතින්නේද එවැනිම ක්‍රියාවලියක් බවත්, ගොඨාභයට නැතිවුනේ කිරුළ පමණක් බවත්, මෙරට ජනතාවට රට නැතිවෙමින් පවතින බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහකිරීම ජෝන් ඩොයිලිගේ සැලසුමක් අනුව සිදුවූ බවද, අද එලෙසින්ම මෙරට අමෙරිකානු තානාපතිනියගේ සැලසුම් හරහා මෙම ක්‍රියාවලිය දියත්වන බවද මෙහිදී වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ආණ්ඩු වෙනස සිදුවන විටදී මෙරට තිබූ ණය ප්‍රමාණය දල වශයෙන් ඩොලර් බිලියන 83ක් පමණ බවද, දැන් එය ඩොලර් බිලියන 100 දක්වා වැඩිවී ඇති බවද පවසන ඒ මහතා, එලෙස ඩොලර් බිලියන 17කින් ක්ෂණිකව වැඩිවීම පිළිබඳව ද මෙහිදී සවිස්තරව තොරතුරු අනාවරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්