චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක්?
මහජන චීන සමූහාණ්ඩුව සමග රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බව චීන උප අගමැති පවසයි.
චීන උප අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී චීන උප අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී පැවසූ චීන උප අගමැතිවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාව එළඹුණු ප්‍රථම විදේශීය වාණිජ ගිවිසුම චීන – ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ ඔස්සේ ඉදිරියට යමින් දෙරටේ පොදු ප්‍රතිපත්තීන්ට සරිලන නව වාණිජ සබඳතා ඇතිකරගත යුතු බවද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ චීනය ලබා දුන් සහාය ඉතා අගය කරන බවද පැවසු ජනාධිපතිවරයා, ඈත අතීයේ සිටම ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය ශක්තිමත් තලයක පැවති බවත්, ජනාධිපති ෂී ජින් පිං මහතා යටතේ එය වඩාත් තහවුරු වී ඇති බවත් සඳහන් කළේය.
ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කරන බවත්, බල අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කරගැනීමට අවකාශ ලබා නොදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
චිනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ශ්‍රී ලංකාව RCEP හෙවත් කලාපීය ආර්ථික සබඳතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..