News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයින් කවුද?

Jul 12, 2024 at 12:17 PM
|

Who are the real winners of the French parliamentary elections?උමතු දේශපාලන විද්‍යාඥ එම්මානුවෙල් මැක්‍රොන්ගේ කුඩා අත්හදාබැලීමක් ඔහුගේ මුහුණ ඉදිරියේදීම පුපුරා ගියේය.  මැක්‍රොන්ගේ රසායනාගාර සහකරු ප්‍රංශ වාමාංශික නායකයාගේ ඉල්ලීම්වලට අනුකූල වීමට මැක්‍රොන් අපොහොසත් වන්නේ නම් ඉල්ලා අස්වන ලෙස දැනටමත් දන්වා යවා ඇත. මැක්‍රොන් දැන් සිටින්නේ ඔහු විසින්ම නිර්මානය කරගත් ප්‍රාණ ඇපකරු තත්වයකය.

මම උපන් නගරය වන කැනඩාවේ වැන්කුවර් හි මගේ කුඩා කාලයේ සිටම මා තුළ හැඟීමක් ඇති කළ පිළිමයක් තිබේ. "ආශ්චර්යමත් සැතපුම" ලෙස හැඳින්වෙන එය 1954 දී වැන්කුවර් එම්පයර් ක්‍රීඩාංගනයේ දී "මිනිත්තු හතරෙන් සැතපුම බිඳීම" ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ වූ මිනිසුන් දෙදෙනා වන එංගලන්තයේ රොජර් බැනිස්ටර් සහ ඕස්ට්‍රේලියාවේ ජෝන් ලැන්ඩි අතර පැවති පුරාවෘත්ත තරඟය සිහිපත් ක්කිරීමට ඉදි වූවකි. තරඟය අවසානයේ, ඉදිරියෙන් සිටි ලැන්ඩි, ඔහුගේ ප්‍රතිවාදියා දෙස උරහිසට උඩින් බැලූ අතර, රොජර් බැනිස්ටර් අනෙක් පැත්තෙන් ඔහුව පසුකර ජයග්‍රහණය ලබාගැනීමට ඉදිරියට ගියේය. “සෑම විටම අවසානය දක්වාම ඔබේ ධාවන තරඟය  ඔබ ධාවනය කරන්න,” ගේ නැසීගිය, ක්‍රීඩා විශේෂඥ පියා මම ස්මාරකය දෙස බලා සිටින විට මට කීවේය. "මක්නිසාද ඔබට සැබවින්ම පාලනය කළ හැකි එකම දෙය එයයි." මැක්‍රොන් එම පාඩම ඉගෙන නොගැනීම කනගාටුවට කරුණකි.

ඒ වෙනුවට, මැක්‍රොන්ගේ සංස්ථාපිත කණ්ඩායම නිර්මානය කළ පක්ෂයට තුන්වන ස්ථානය හිමිවීමත් සමඟ  ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයේදී ප්‍රංශ ඡන්දදායකයින් පොළඹවා ගැනීමට අපොහොසත් වූ ඔහු තමාගේම ධාවන තරඟය නතර කර වේදිකාවේ සිට වටපිට බැලීමට පටන් ගත්තේය.

මැක්‍රොන් සහ ඔහුගේ අගමැති ගේබ්‍රියෙල් ඇටල් තීරණය කළේ ප්‍රථම වටයේ මහජන ඡන්දයෙන් ආධිපත්‍යය දැරූ, සම්ප්‍රදාය විරෝධීන්, දක්ෂිණාංශික "ජාතික රැලි පක්ෂය"  දෙවන වටයේ දී ඕනෑම මිලක් ගෙවා බහුතරය ප්‍රතික්ෂේප කිරීමට මෙහෙය විය යුතු බවයි.  එබැවින්, සම්ප්‍රදාය විරෝධීන්, වම සහ එහි පාර්ලිමේන්තු නායිකා මැරීන් ල පෙන්ට බාධකයක් වීමට ජාතික රැලිය සඳහා ආසනයක් අත්පත් කර ගත හැකි දිස්ත්‍රික්කවල අපේක්ෂකයින් දිරිමත් කිරීමෙන් හැකි බව ඔවුහු කල්පනා කළහ. සම්ප්‍රදාය විරෝධීන්, වාමාංශික නව ජනතා පෙරමුණේ සභාගය සහ එහි තථ්‍ය නායක ජීන්-ලූක් මෙලෙන්චොන් එම ක්‍රියා මාර්ගයම අනුගමනය කිරීමට කටයුතු කළේය.

ඔවුන් ඉදිරියෙන් සිටින තරඟකරු පරාජය කිරීම සඳහා පරාජිතයන්ගේ සන්ධානයකට එකතු වනු ඇත. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස අගදී පැවැත්වීමට නියමිතය.  කාන්තා ජිම්නාස්ටික් ඉසව්වේ පරාජිතයන් සියල්ලන්ම සිමෝන් බයිල්ස්ට එරෙහිව එක් පරාජිතයෙකු තෝරා ගැනීමට තීරණය කිරීමට ඉඩ දුන්නේ නම් , ඇයව පරාජය කිරීම සඳහා ඔවුන්ගේ පරාජිත ලකුණු සියල්ල එම පුද්ගලයාට ලබා දීමට සමාන බව ප්‍රංශ මැතිවරණය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි.

නමුත් අවසානයේ සිදු වූ දෙය නම්, මෙම උපාය මාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස, ඡන්දදායකයින්ට තේරීමක් ලබා දුන් දිස්ත්‍රික්කවලට වඩා ප්‍රංශයේ අනෙකුත් දිස්ත්‍රික්කවල - සම්ප්‍රදාය විරෝධී අපේක්ෂකයින් දෙදෙනා අතර තරඟයක් වීම පමණක් ඉතිරිව තිබියදී  මැක්‍රොන්ගේ කණ්ඩායම සහ  ල පෙන් කණ්ඩායම අතර තරඟයක් ගොඩ නැගුනි.

මෙම උපක්‍රමයේ ප්‍රතිඵලය; ආසන 289 ක බහුතර බලයක් නොමැති තනි පක්ෂයක් නොමැති එල්ලෙන ප්‍රංශ පාර්ලිමේන්තුවක් බිහිවීමයි. නව ජනතා පෙරමුණේ වාමාංශිකයින්ට 182ක්, මැක්‍රොන්ගේ කණ්ඩායමට 168ක් සහ ජාතික රැලියට 143ක් ලෙස ප්‍රංශ පාර්ලිමේන්තුවේ අසුන් බෙදී ගියේය. යම් කණ්ඩායමක් යම් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් භක්ෂණය කළ හැකි යැයි සිතුවහොත්, එම ඕනෑම කණ්ඩායමකට පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී එම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම ගල උඩ සටනක් බවට පත් වනු ඇත. කඳු නැගීම කෙතරම් තද බෑවුමකින් අවසන් විය හැකිද යන්න පිළිබඳව පාඨකයාට අදහසක් ලබා ගැනීම සඳහා, මැක්‍රොන් කණ්ඩායමේ සාමාජිකයින් මේ වන විටත් ඔවුන්ගේ වාමාංශික සහෝදරයන්ගේ වමේ අවස්ථාවාදය සම්බන්ධයෙන් අගතිගාමී ලෙස අදහස් දක්වමින් සිටින අතර, නිල ප්‍රතිඵල පැමිණීමට පෙරම ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර තිබීම උදාහරණ ලෙස දැක්විය හැක.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුගත වෙමින්, මැක්‍රොන්ගේ අගමැති ගේබ්‍රියෙල් ඇටල් දැනටමත් සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇත. නමුත් නව ආණ්ඩුවක් පිහිටවන තුරු ඔහුට ධූරයේ රැඳී සිටිය හැක.

 මතු වී තිබෙන ස්වභාවය සහ එයට බල පෑ නායකත්වය විසින් ලබා දී ඇති දෙයක් නොවන්නේ යෝජිත දේශපාලන සහවාසයට තුඩු දෙන මංමුලා සහගතභාවයෙන් උපත ලබන සබඳතා හෝ කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් ඡන්දයක් ලබා ගැනීම සඳහා එක් රාත්‍රියක් තුළ  සකසන ලද ස්ථාවරයන්  වේගවත් සාර්ථකත්වයක් උදා කරගනීදැයි  හරියටම නොදන්නා බැවිනි.

දැනටමත්, නව ජනප්‍රිය පෙරමුණ තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති කණ්ඩායමේ නායකයා වන ජීන්-ලූක් මෙලෙන්චොන්, තම කණ්ඩායමට අගමැතිකම ලබා දෙන ලෙස මැක්‍රොන්ගෙන් ඉල්ලා ඇති අතර එසේත් කළ නොහැකිනම් ඉල්ලා අස්වන ලෙසද දන්වා ඇත. මැක්‍රොන්ගේ උපාය මාර්ගයෙන් සවිබල ගන්වා ඇති මෙලෙන්චොන් දැනටමත් කතා කරන්නේ  අටල්ගේ ගෘහභාණ්ඩ ට්‍රක් රථයේ පටවා ඔහුගේ ඇඳුම් තණකොළ මත විසි කරනු දැකීමට අවශ්‍ය ආකාරයටය.

මේ සියල්ල මහජන ඡන්දය දිනා ගැනීමට සමත් වූ දක්ෂිණාංශික සම්ප්‍රදාය විරෝධීන්  පරාජය කිරීමට පමණි. ප්‍රංශ ජාතිකයන් එක කාරණයක් අරබයා ඡන්දය ලබා දුන් අතර ඔවුන්ට ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය ලැබුණි. ඔව්, ඔබ පාඨකයෙකු ලෙස ඔබ  එය නිවැරදිව කියවා ගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සහ රජය ජනතා කැමැත්ත නියෝජනය කරන බව ප්‍රකාශ කරනු ලබන අතර එයින් අදහස් කරන්නේ කුමක්දැයි සිතා බැලීම පාඨකයාට භාර කරමි. අප දෙවන වටයේ ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂනය කරන විට  එක් එක් ප්‍රංශ ඡන්ද පත්‍රිකාවේ එකතුව සැබවින්ම ඡන්ද මිලියන 10 කට වඩා වැඩියෙන් ජාතික රැලිය පක්ෂයට ජයග්‍රහණයක් අත්පත් කර දෙන්නක් බවට පත්ව තිබේ. නව ජනප්‍රිය පෙරමුණ සහ මැක්‍රෝන්ගේ එකමුතුව එක්ව ඡන්ද මිලියන 6 බැගින් පැමිණ අහිමි කරගෙන තිබුණි. 

මේ වන විටත් ප්‍රංශයේ අවකාශයේ බොහෝ දේ පාවෙමින් තිබේ. නමුත් ප්‍රංශ ජාතිකයන් විසින් සාක්ෂාත් කර ගත් එක් දෙයක් නම්, ඔවුන් මැක්‍රොන්ට සහ ඔහුගේ සංස්ථාපිතයට ලබා දී තිබූ හිස් චෙක්පත අවලංගු කිරීමයි. එබැවින් මැක්‍රෝන්ගේ පාලනයට තවදුරටත් බහුතරයේ අනුමැතියෙන් ප්‍රංශ පාර්ලිමේන්තුව හරහා ඔහුට අවශ්‍ය දේ කිරීමට නොහැකි වීමයි. ප්‍රංශ ජාතිකයන් මැක්‍රේන්ගේ සංස්ථාපිතය ඔවුන්ට එපා වී ඇති බව ප්‍රකාශ කරමින් කම්පනයක් ලබා දී ඇත. කෙනෙකු එය නොසලකා හැරියත් එය දැන් පැහැදිලිව තහවුරු වී ඇත. එබැවින් තම උරහිසට ඉහළින් බලා සිටි මැක්‍රොන්ට එය විශාල පාඩුවක් වන අතර  සම්ප්‍රදාය විරෝධී වම ඔහු පසුකර ගොස් තිබේ.

Who are the real winners of the French parliamentary elections?

මෙම ලිපිය ලියූ Rachel Marsden යනු ජාත්‍යන්තර දේශපාලනයේ දශක දෙකකට අධික විශේෂඥ දැනුමක් ඇති මාධ්‍ය වෘත්තිකයෙකි. ඇයගේ පුළුල් වෘත්තීය ජීවිතයට බහුභාෂා සත්කාරකත්වය, ඉදිරිපත් කිරීම, නිෂ්පාදනය කිරීම සහ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ඩිජිටල් වේදිකා හරහා විවාද කිරීම ආදිය ඇතුළත් වේ. ඇය 2011 වසරේ සිට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්පත් කරගත් තීරු ලිපි රචිකාවියක් වන අතර, ගෝලීය වශයෙන් ප්‍රධාන පුවත්පත්  100 කට අධික සංඛ්‍යාවකට දායකත්වය සපයා ඇත. ජාත්‍යන්තර දේශපාලන සහ ව්‍යාපාර අවදානම් උපදේශන සමාගමක් වන Global Corporation හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වසර 20 කට අධික ව්‍යාපාරික පළපුරුද්දක් ඇයගේ මාධ්‍ය පසුබිමට අනුපූරක ලෙස එකතුවේ. ඇය ප්‍රංශයේ පැරිස් පිහිටි Sciences Po උසස් අධ්‍යාපන ආයතනයේදී ජනමාධ්‍යවේදය සහ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් පශ්චාත් උපාධියද හදාරා ඇත.

පරිවර්තනය: ජිවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.